මෙම නාමය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (7) රැස්විය.
එම නාමය එහිදී සලකා බැලීමෙන් පසු ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සලකා බැලීමට තීරණය කෙරිණ.
මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 12 අඟහරුවාදා නැවත රැස්වීමට නියමිතය.
නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මතවීමෙන් පසු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ජනාධිපතිවරයා විසින් එම ධූරයෙන් නෙරපා හරිනු ලැබීය.
තෙන්නකෝන් ධූරයෙන් නෙරපූ බව ජනාධිපතිවරයා ඔහුට ලිඛිතවම දැනුම්දී ඇත.
ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර ඇත්තේ ප්‍රියන්ත වීරසූරිය ගේ නම පමණක් බව දැනගන්නට ඇත.
| lankadeepa




