ඊට අදාළ යෝජනාව ලබන පාර්ලිමේන්තු සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවට වර්තමාන රජය පසුගිය මැතිවරණවලදී රටට පොරොන්දු වූ අතර මේ වන විට එම පොරොන්දුව රජය විසින් උපක්‍රමශීලීව අමතක කරමින් සිටින බවට විපක්ෂය චෝදනා නගමින් තිබේ.
ආණ්ඩුවට රට හමුවේ තැබූ එම පොරොන්දුව සිහිපත් කරමින් කඩිනමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට විපක්ෂය තීරණය කර ඇත.
ඊට විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින්ගේ අනුමැතිය හිමිව තිබේ.
(සටහන | පාරමී විදානපතිරණ)
උපුටා ගැනීම - ඇත්ත පුවත්පතින්..




