The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉල්මනයිට් හෝදන්න විල්පත්තුව වනසලා !

T

The Leader Desk

August 10, 2025 • 5:26 AM

ඉල්මනයිට් හෝදන්න විල්පත්තුව වනසලා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත විජේසුරීය ගේ අධික්ෂණය යටතේ වළාන මධ්‍යම ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ පොලිස් අධීකාරී කේ.ඒ.උදය කුමාර ගේ මෙහෙය විමේන් එම ඒකකයේ ස්ථානාධිපති ඉන්දික විරසිංහ සමග පොලිස් පරික්ෂක ජනිත ඇතුළු නිළධාරීන් විසින් මෙම වැටලම කර ඇත.
  • අදාල ස්ථානය සදහා මූලික පාරිසරික ඇගයිමක් (EIA) පවා සිදුකර නොමැති බවත් රාජ්‍ය ආයතන රැසකින් නිසි අවසරයක් ලබා ගෙන තිබුණ ද එයද නිත්‍යානුකුල නොවන බව අදාල විමර්ශන වලදි හෙළිවු බවත් වළාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසයි.
  • අදාල ස්ථානය විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ පේරක කලාපයට මිටර් 500 ක දුරකින් පිහිටා ඇති බවත් එම ස්ථානයට ජලය පවා ලබා ගෙන ඇත්තේ විල්පත්තුව පේරක කලාපයට අයත් සිමාවේ පිහිටි ලුණු ඔයෙන් පොම්ප කරමින් බව පරික්ෂණ වලදි හෙළිව තිබේ.
  • මෙම ස්ථානය පුරා විද්‍යාත්මක අතින් අධි සංවේදි පරිසර පද්ධතියක් ව තිබුණ ද එය නොසලකා පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව මගින් කිසියම් නිළධාරීන් පිරිසක් මැදිහත් වී ජලායක් ඉදිකිරීමට අවසර දී තිබුනද කැණීම් කිරීමට අවසර ලබා දී නොමැති බව කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):


වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත විජේසුරීය ගේ අධික්ෂණය යටතේ වළාන මධ්‍යම ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ පොලිස් අධීකාරී කේ.ඒ.උදය කුමාර ගේ මෙහෙය විමේන් එම ඒකකයේ ස්ථානාධිපති ඉන්දික විරසිංහ සමග පොලිස් පරික්ෂක ජනිත ඇතුළු නිළධාරීන් විසින් මෙම වැටලම කර ඇත.

 

il j
දැවැන්ත පරිසර පද්ධතියක් වනසමින් මෙම ස්ථානය පසුගිය රජයෙ ප්‍රබල දේශපාලඥයින්ගේ හා විෂය භාර ඇමතිවරයකුගේ රැකවර්ණය මැද කර ගෙන ගොස් තිබු බවත් එම පරිසර පද්ධතියෙ තිබු වසර සිය ගනනක් වටිනා කළුවර, බුරුත, වීර ඇතුළු වෘක්ෂයන් වනසා දමමින් අක්කර 20 කට වැඩි භුමියක් අදාල ඉල්මනයිට් ව්‍යාපෘතියට ලබා ගෙන තිබු බව කියයි.

අදාල ස්ථානය සදහා මූලික පාරිසරික ඇගයිමක් (EIA) පවා සිදුකර නොමැති බවත් රාජ්‍ය ආයතන රැසකින් නිසි අවසරයක් ලබා ගෙන තිබුණ ද එයද නිත්‍යානුකුල නොවන බව අදාල විමර්ශන වලදි හෙළිවු බවත් වළාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසයි.

 

අදාල ස්ථානය විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ පේරක කලාපයට මිටර් 500 ක දුරකින් පිහිටා ඇති බවත් එම ස්ථානයට ජලය පවා ලබා ගෙන ඇත්තේ විල්පත්තුව පේරක කලාපයට අයත් සිමාවේ පිහිටි ලුණු ඔයෙන් පොම්ප කරමින් බව පරික්ෂණ වලදි හෙළිව තිබේ.

 

il k

 

මෙම ස්ථානය පුරා විද්‍යාත්මක අතින් අධි සංවේදි පරිසර පද්ධතියක් ව තිබුණ ද එය නොසලකා පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව මගින් කිසියම් නිළධාරීන් පිරිසක් මැදිහත් වී ජලායක් ඉදිකිරීමට අවසර දී තිබුනද කැණීම් කිරීමට අවසර ලබා දී නොමැති බව කියයි.

නමුත් පුරා විද්‍යා නිර්දේශන් පවා ගනන් නොගෙන මෙම ස්ථානයේ අඩි 20 කට වැඩි ගැඹුරට අක්කර දෙකකට වැඩි භුමියක ජලාශයක් ඉදිකරමින් ලුණු ඔයේ සිට පොම්ප කරනු ලබන ජලය රදවා ගැනිම සිදුකර ඇති බව පරික්ෂ වලදි තහවුරු වු බව අදාල නිළධාරීන් පවසයි.

( lankadeepa | හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...