The Leader News
BREAKING
Top Ad
පුවත්

දේශපාලනය ඈඳාගෙන යෞවන සමාජ වල රණ්ඩු ඇති කරන්න එපා - රනිල් වික්‍රමසිංහ

T

The Leader Desk

August 10, 2025 • 2:57 PM

දේශපාලනය ඈඳාගෙන යෞවන සමාජ වල රණ්ඩු ඇති කරන්න එපා - රනිල් වික්‍රමසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙපාර්ශවය සාකච්ඡා කොට විසඳා ගන්නැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ දී අද විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය.
  • උද්ගතව ඇති ප්‍රශ්නය ගැන සියලු දෙනා සෑහීමකට පත්වන විසැඳුමකට නොපැමිණියහොත් යෞවන සමාජ ව්‍යාපාරය නැති වී යනු ඇතැයිද හිටපු ජනාධිපතිවරයා කීය.
  • ඔහු මෙම අදහස් පළ කළේ යෞවන සමාජ ව්‍යාපාරයේ වර්තමානයේ උද්ගතව ඇති ප්‍රශ්න සහගත බව පිළිබඳ කළ අදහස් දැක්වීමක දී ය.
  • මතු පළ වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ සම්පූර්ණ ප්‍රකාශය යි.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙපාර්ශවය සාකච්ඡා කොට විසඳා ගන්නැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ දී අද විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය.

උද්ගතව ඇති ප්‍රශ්නය ගැන සියලු දෙනා සෑහීමකට පත්වන විසැඳුමකට නොපැමිණියහොත් යෞවන සමාජ ව්‍යාපාරය නැති වී යනු ඇතැයිද හිටපු ජනාධිපතිවරයා කීය.

ගමේ යෞවන යෞවනියන්ට එක් රැස්වන ස්ථානයක් විනෝදාංශයට, කලාවට, මෙන්ම වෙනත් වැඩ කටයුතු සඳහා ඒ යෞවන සමාජ මාර්ගයෙන් තරුණ දක්ෂතා සහ හැකියා දියුණු කිරීම මා බලාපොරොත්තු වූ මූලික කාරණය යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ යෞවන සමාජ ව්‍යාපාරයේ වර්තමානයේ උද්ගතව ඇති ප්‍රශ්න සහගත බව පිළිබඳ කළ අදහස් දැක්වීමක දී ය.

මතු පළ වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ සම්පූර්ණ ප්‍රකාශය යි.  

සියලු දෙනා සෑහීමකට පත්වෙන විසඳුමක් ලබා දෙන්න

''ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ ඉල්ලීමකට අනුව මීට වසර හතළිහකට පමණ පෙර මම යෞවන සමාජ ආරම්භ කළා. ගමේ යෞවන යෞවනියන්ට එක් රැස්වන ස්ථානයක් විනෝදාංශයට, කලාවට, මෙන්ම වෙනත් වැඩ කටයුතු සඳහා ඒ යෞවන සමාජ මාර්ගයෙන් තරුණ දක්ෂතා සහ හැකියා දියුණු කිරීම මා බලාපොරොත්තු වූ මූලික කාරණයයි. ඒ කාරණය බොහෝ සාර්ථක වී තිබෙනවා. මේ වන විට සමාජයේ නොයෙක් ක්ෂේත්‍ර සඳහා තරුණ තරුණියන් සහභාගී වෙනවා.

මේ වසර හතළිහ ඇතුළත යෞවන සමාජ මේ රටේ ප්‍රධාන තරුණ ව්‍යාපාරය බවට පත්ව තිබෙනවා. යෞවන සමාජවලින් ඉදිරිපත් වූ සමහර අය දේශපාලනයට පැමිණ තිබෙනවා. සමහර අය ව්‍යාපාරවල ඉන්නවා. මේ සියලු දෙනා ම ඒ වැඩසටහන ඉදිරියට ගෙන යන්නත් සහය දෙනවා.


ළඟදී අමාත්‍යවරයා එම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ සංශෝධන පිළිබඳව විශාල ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. හැම තැනකම උද්ඝෝෂණ පැවැත්වෙනවා. දැනට ජාතික සම්මේලනය පැවැත්වෙනවා. මට ආරංචි හැටියට ඊට පසුවත් උද්ඝෝෂණ පවත්වන්නට යනවා. මෙහෙම ගියොත් යෞවන සමාජ ව්‍යාපාරය පිරිහීමට පත්වේවි. යෞවන  සමාජ දේශපාලනීකරණය කිරීම සඳහා අදාළ සංශෝධන ගෙනැවිත් තිබෙන බව උද්ඝෝෂණය කරන අය පවසනවා. මේ ප්‍රශ්නය දුරදිග ගෙනයන්නේ නැතිව විසඳාගත යුතුයි. මෙලෙස උද්ඝෝෂණ කරන හිටපු නිලධාරී කණ්ඩායම මෙන් ම දැනට පත්ව සිටින දිස්ත්‍රික් සංවිධානවල නියෝජිතයන් සමග සාකච්ඡා කර සියලු දෙනා සෑහීමකට පත්වෙන විසඳුමක් ලබා දෙන්න.


යෞවන සමාජ ව්‍යාපාරය රැකගත යුතුයි

මේ රටේ යෞවන සමාජ දේශපාලනය සඳහා යොදා නොගන්නා බව අප සියලු දෙනාම දැනගත යුතුයි. එය ඇමැතිතුමාටත් මේ කණ්ඩායම් දෙකටත් එකට එකතු වෙලා කරගන්න පුළුවන් වැඩ කටයුත්තක්. එම කාර්යය නොකෙරුනොත් මේ උද්ඝෝෂණ දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වෙනවා. එවිට මේවාට දේශපාලන පක්ෂයත් ඇතුළු වෙන්න පුළුවන්. එහෙම වුනොත් මේ යෞවන සමාජ ව්‍යාපාරය නැති වී යාවි. මට අවශ්‍ය වී තිබෙන්නේ මේ යෞවන සමාජ ව්‍යාපාරය ආරක්ෂා කිරීමයි. මේ කෙටි පණිවිඩය ඔබට ලබා දීමට තීරණය කළේ ඒ නිසයි''

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...