The Leader News
BREAKING
Top Ad
පුවත්

යෞවන සමාජ ක්ෂේත්‍රය ජවිපෙ දේශපාලන ග්‍රහණයට නතු වෙලා - සජිත් ප්‍රේමදාස

T

The Leader Desk

August 10, 2025 • 3:15 PM

යෞවන සමාජ ක්ෂේත්‍රය ජවිපෙ දේශපාලන ග්‍රහණයට නතු වෙලා - සජිත් ප්‍රේමදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යෞවන සමාජ ක්ෂේත්‍රය අද වන විට මුළුමනින් ම දේශපාලනීකරණය වී, වත්මන් රජයේ අතකොළුවක් බවට පත් කර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ග්‍රහණයට පත්ව ඇතැයි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
  • ''යෞවන සමාජ ක්ෂේත්‍රය සමාජවාදි තරුණ සංගමය නම් දේශපාලන සංගමයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්වෙලා.
  • ඉදිරියෙ දී පැවැත්වෙන ජාතික මණ්ඩලය සඳහා දේශපාලන අතකොළුවන් පත් කර ගෙන තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

යෞවන සමාජ ක්ෂේත්‍රය අද වන විට මුළුමනින් ම දේශපාලනීකරණය වී, වත්මන් රජයේ අතකොළුවක් බවට පත් කර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ග්‍රහණයට පත්ව ඇතැයි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද citizen voice වැඩසටහන යටතේ යෞවන සමාජ සාමාජික සාමාජිකාවන් සමග පැවැති හමුවක දී ය.

එම හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

''යෞවන සමාජ ක්ෂේත්‍රය සමාජවාදි තරුණ සංගමය නම් දේශපාලන සංගමයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්වෙලා. යෞවන සමාජ ප්‍රාදේශීය දිස්ත්‍රික් හා ජාතික සම්මේලන දක්වා ක්‍රියාත්මක වු මණ්ඩල අද කුසලතාවට නිපුණතාවට වඩා ජවිපේ යටත්විජිතබාවයට ලක් වෙලා. ඉදිරියෙ දී පැවැත්වෙන ජාතික මණ්ඩලය සඳහා දේශපාලන අතකොළුවන් පත් කර ගෙන තිබෙනවා. රාජ්‍ය බලය, ආණ්ඩු බලය ඇමති නිලධාරී යනාදි බල අධිකාරි උපයෝගී කර ගෙන තරුණයන්ට බලපෑම් කරනවා.

වත්මන් රජය උදුරාගත් තරුණ අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තරුණයන්ට අපි නැවත ලබා දෙනවා. වඩාත් ප්‍රගතිශීලි නුතනවාදි ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළට යොමුවෙනවා. රජය මේ කළ වැරදි ක්‍රියාවලිය අහෝසි නොකළහොත් මේ පහත් දුර්දාන්ත ක්‍රියාවලියට සම්බන්ධ සියලු දෙනාට අනාගතයේ දී තරුණයන්ට පිළිතුරු දෙන්න සිදුවෙනවා."

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...