The Leader News
BREAKING
Top Ad
පුවත්

වෛද්‍යවරුන්ගේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

T

The Leader Desk

August 11, 2025 • 3:19 AM

වෛද්‍යවරුන්ගේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ බව ප්‍රකාශ කරන්නේ මාධ්‍ය නිවේදනයක් මගිනි.
  • එම මාධ්‍ය නිවේදනයට අනුව: වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ ගැටලුවට අදාළ කරුණු සහ එකඟතා ක්‍රියාත්මක වීමට අදාළ ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරමින්, ඉදිරි ක්‍රියාමාර්ග තීරණ කෙරෙනු ඇත.
  • මාධ්‍ය කමිටුව - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.
අකුරු ප්‍රමාණය (Font Size):


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව, සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේ දී එළඹි එකඟතාවයන්ට ලැබුණු ධනාත්මක සහ සාධනීය ප්‍රතිචාර සලකා බලමින්, අද උදෑසන ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභාව විසින් තීරණය කරන ඇතැයි එම සංගමය සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ බව ප්‍රකාශ කරන්නේ මාධ්‍ය නිවේදනයක් මගිනි.

එම මාධ්‍ය නිවේදනයට අනුව: වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු  ක්‍රියාවලියේ ගැටලුවට අදාළ කරුණු සහ එකඟතා ක්‍රියාත්මක වීමට අදාළ ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරමින්, ඉදිරි ක්‍රියාමාර්ග තීරණ කෙරෙනු ඇත.

අක්‍රමවත් සහ දෝෂ සහිතව ප්‍රකාශයට පත් කළ, පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ පුරප්පාඩු ලැයිස්තුව නිවැරදි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ විය යුතු අතර, නිවැරදි ක්‍රමවේදය මත සකස් කරන ලද පුරප්පාඩු ලැයිස්තුව ප්‍රකාශයට පත් වන තුරු, වෘත්තිය ක්‍රියාමාර්ගයක් ලෙස එම ලැයිස්තුවට අයදුම් කිරීමෙන් සියලු පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් වැළකෙනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.

මාධ්‍ය කමිටුව - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වෛද්‍යවරුන්ගේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි | The Leader