The Leader News
BREAKING
Top Ad
පුවත්

'යෞවන සමාජ අර්බුදය' : රනිල්ගේ චෝදනාවට නියෝජ්‍ය ඇමතිගෙන් පිළිතුරු

T

The Leader Desk

August 11, 2025 • 9:21 AM

'යෞවන සමාජ අර්බුදය' : රනිල්ගේ චෝදනාවට නියෝජ්‍ය ඇමතිගෙන් පිළිතුරු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිනෙන් දින දේශපාලන වේදිකාව උණුසුම් කරන මාතෘකාවක් බවට 'යෞවන සමාජ' පත්ව තිබේ.
  • ඒ, ජාතික ජන බලවේග රජය යෞවන සමාජ සම්මේලනය දේශපාලනීකරණය කරන බවට එල්ල වන චෝදනා සහ ඊට එරෙහිව නැගෙන ප්‍රතිචාර හේතුවෙනි.
  • ඊට එරෙහිව ඉකුත් 6 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභාව ඉදිරිපිටද විරෝධතාවක් පැවැත්වින.
  • එවැනි පසුබිමක යෞවන සමාජ පිහිටුවීමේ අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ විශේෂ ප්‍රකාශයක් ද සිදුකළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

දිනෙන් දින දේශපාලන වේදිකාව උණුසුම් කරන මාතෘකාවක් බවට 'යෞවන සමාජ' පත්ව තිබේ.

ඒ, ජාතික ජන බලවේග රජය යෞවන සමාජ සම්මේලනය දේශපාලනීකරණය කරන බවට එල්ල වන චෝදනා සහ ඊට එරෙහිව නැගෙන ප්‍රතිචාර හේතුවෙනි.

ඊට එරෙහිව ඉකුත් 6 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභාව ඉදිරිපිටද විරෝධතාවක් පැවැත්වින.

එවැනි පසුබිමක යෞවන සමාජ පිහිටුවීමේ අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ විශේෂ ප්‍රකාශයක් ද සිදුකළේය.

ඔහු පවසන්නේ පිරිහීමට නියමිත යෞවන සමාජ රැක ගැනීම වෙනුවෙන් විෂයභාර අමාත්‍යවරයා මැදිහත් විය යුතු බවයි.

මේ අතර හෙට පැවැත්වීමට නියමිත යෞවන සමාජ ජාතික සමුළුවේදී, තරුණ නායක නායිකාවන්ගෙන් සමන්විත වූ මණ්ඩලයක් රටට හඳුන්වා දෙන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර කියා සිටියේය.

 



තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, යෞවන සමාජ ප්‍රතිසංවිධානය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් බවත් ජන වරම ලැබුණේ එම කාර්යය ඉටු කිරීම සඳහා බවත් ය.

"ජාතික තරුණ සේවා සභාව සහ එහි ශාඛා, ජාතික යොවුන් සේනාංකය, යෞවන සමාජ ව්‍යාපාරය වැනි රජයේ ආයතන දැනුම, නිපුණතාව, විනය සහිත ක්‍රියාශීලී නවීන තරුණ නායක නායිකාවන් ගොඩනැගීම අරමුණු කොට ප්‍රතිසංවිධානය කිරීම," යනුවෙන් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ත ප්‍රකාශයේ සඳහන් වෙයි.

කෙසේ වෙතත්, ග්‍රාමීය මට්ටමින් යෞවන සමාජ නියෝජනය කර ජාතික මණ්ඩලය දක්වා පැමිණි බොහෝ තරුණ තරුණයින් විශාල පිරිසක් වත්මන් රජයේ මෙම පියවර විවේචනය කරති.



ජාතික තරුණ සමුළුව අගෝස්තු 12

sl youth
Youth Clubsවල සාමාජිකයන් 6000කගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ජාතික මණ්ඩලය පත් කිරීම සඳහා වන “ජාතික තරුණ සමුළුව” ජනපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 12 දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ (පාලන) මනුල චමල් පෙරේරා පවසයි.

ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයට විධිමත් පරිදි ජාතික මණ්ඩලයක් පත් කිරීම සඳහා Connect – 2025 Youth Clubs පිහිටුවීමේ වැඩසටහන 2025 මැයි මාසයේ ආරම්භ කළ බවත්, මේ වන විට සෑම ග්‍රාමසේවා වසමකම එක් යෞවන සමාජයක් යන සංකල්පය යටතේ මේ වන විට Youth Clubs 12,793ක් පිහිටුවා ඇතැයිද ඔහු පැවසිය.

මේ සඳහා 300,000කට අධික පිරිසක් සමාජිකත්වය ලබා ඇති අතර, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් සම්මේලන පවත්වා අවසන් කර ඇති බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව තෝරා ගත් ජාතික මණ්ඩල නියෝජිතයින් 52ක් හරහා ජාතික මණ්ඩලය පිහිටුවීමත්, ඔවුන් ජාතික නායකයින් ලෙස හඳුන්වාදීමත් සිදු කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසිය.

මෙම පුවතට අදාල වැඩිදුරටත් විස්තර :

දේශපාලන වේදිකාව උණුසුම් කර ඇති 'යෞවන සමාජ' ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද?

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'යෞවන සමාජ අර්බුදය' : රනිල්ගේ චෝදනාවට නියෝජ්‍ය ඇමතිගෙන් පිළිතුරු | The Leader