එම ව්‍යාපාරය මෙලෙස සඳහන් කරන්නේ අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයක ය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර ගේ අත්සනින් යුත් මෙම නිවේදනයට අනුව අප රට දැනට උපයාගත් ආර්ථික ප්‍රතිලාභ ද ප්‍රයෝජනයට ගෙන බුද්ධිමත්ව හා දීර්ඝකාලීන සැලසුම් ඇතිව ජාතික එකඟත්වයකින් යුතුව ක්‍රියා කලහොත්, ඉදිරි අභියෝගයන්ට මුහුණ දිය හැකි බව ඔවුන්ගේ විශ්වාසය බව පවසයි.
එමෙන් ම මේ සම්බන්ධයෙන් රටක් වශයෙන් අප අවධානය යොමු කළ යුතු කරුණක් ලෙස රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වීමේ දී ඇති ප්‍රමාදය පිළිබඳව සඳහන් කරයි.
තව ද ජූලි මස අග වන විට අයවැය ඇස්තමේන්තුවලින් වැය කර ඇත්තේ 20% ප්‍රමාණයක් පමණක් බව ජනාධිපතිතුමා විසින් සඳහන් කර ඇති බවත්, මේ වසරේ අවසාන කල යුතුව ඇති මහා පරිමාණ සංවර්ධන යෝජනා 79 ක් අතුරින් ක්‍රියාත්මක වී ඇත්තේ 05ක් පමණක බවත්, එය කිසිසේත්ම යහපත් තත්ත්වයක් නොවන බවත්මේ පිළිබඳව රජයේ දැඩි අවධානය යොමු විය යුතු යැයි එම ව්‍යාපාරය පවසයි.
මතු පළ වන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිකුත් කර ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.





