The Leader News
BREAKING
Top Ad
පුවත්

එකඟතා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද නම් දැඩි තීරණයක් ගන්නවා - වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

T

The Leader Desk

August 11, 2025 • 3:47 PM

එකඟතා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද නම් දැඩි තීරණයක් ගන්නවා - වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්ථානමාරු නියෝග ක්‍රියාත්මක කිරීම මාරු මණ්ඩල හරහා විනිවිදභාවයකින් යුතුව කාර්යක්ෂමව සහ ප්‍රමාදයකින් තොරව සිදු කිරීම අනිවාර්ය හා ප්‍රමුඛතම කාර්යයක් වන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
  • එම සංගමය මෙලෙස සඳහන් කරන්නේ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ සිදු වී ඇති අක්‍රමිකතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග එළඹි එකඟතා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
  • ඒ අනුව තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යංශය ස්ථාන මාරු මණ්ඩලයේ මැදිහත් වීමෙන් ස්ථාන මාරු නියෝග පාරදෘශ්‍යව ක්‍රියාත්මක නොකිරීම හරහා සමස්ත සෞඛ්‍ය පද්ධතිය අකර්මන්‍ය කිරීමට තැත් කරන්නේ නම් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඒ පිළිබඳව දැඩි තීන්දු තීරණ ගැනීමට දෙවරක් නොසිතන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ස්ථානමාරු නියෝග ක්‍රියාත්මක කිරීම මාරු මණ්ඩල හරහා විනිවිදභාවයකින් යුතුව කාර්යක්ෂමව සහ ප්‍රමාදයකින් තොරව සිදු කිරීම අනිවාර්ය හා ප්‍රමුඛතම කාර්යයක් වන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමය මෙලෙස සඳහන් කරන්නේ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ සිදු වී ඇති අක්‍රමිකතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග එළඹි එකඟතා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් ද්‍යෛ ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් එම නිවේදනයට අනුව මේ වන තුරු සෞඛ්‍ය අමාත්‍යවරයා දුන් වාචික පොරොන්දු ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරීන් ක්‍රියාත්මක නොවීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දැඩි අසතුටට කරුණක් යැයි එම සංගමය සඳහන් කරයි.

ඒ අනුව තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යංශය ස්ථාන මාරු මණ්ඩලයේ මැදිහත් වීමෙන් ස්ථාන මාරු නියෝග පාරදෘශ්‍යව ක්‍රියාත්මක නොකිරීම හරහා සමස්ත සෞඛ්‍ය පද්ධතිය අකර්මන්‍ය කිරීමට තැත් කරන්නේ නම් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඒ පිළිබඳව දැඩි තීන්දු තීරණ ගැනීමට දෙවරක් නොසිතන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

bjjklhkdf

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...