The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉන්දීය මහ කොමසාරිස් සහ අගමැති හරිනි අතර හමුවක්

T

The Leader Desk

August 12, 2025 • 3:31 AM

ඉන්දීය මහ කොමසාරිස් සහ අගමැති හරිනි අතර හමුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහි දී අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙරට අතර ශක්තිමත් සහයෝගීතාවක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, නායකත්වය සහ සැලසුම්කරණය පිළිබඳ අධ්‍යාපන අංශයේ නිලධාරීන්ගේ කුසලතා සංවර්ධනය කිරීම සඳහා පුහුණු වැඩසටහන්වල අවශ්‍යතාව වැඩිදුරටත් අවධාරණය කළා ය.
  • දැනට ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින ඉන්දියානු ව්‍යාපෘති පිළිබඳව පැහැදිලි කළ ඉන්දීය මහකොසාරිස් සන්තෝෂ් ජා, වතු පාසල් ව්‍යාපෘති, ස්මාර්ට් පන්ති කාමර සහ ගුරු පුහුණු වැඩසටහන් පිළිබඳව පුළුල් ලෙස කරුණු පැහැදිලි කළේ ය.
  • අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් තවදුරටත් සමීපව කටයුතු කිරීමට ඉන්දියානු රජයේ ඇති උනන්දුව ප්‍රකාශ කළ මහකොමසාරිස්වරයා, දෙරටේ විශ්වවිද්‍යාල අතර ශිෂ්‍යත්ව ලබා දීම සඳහා මෙම සහයෝගීතාවේ වැදගත්කම පිළිබඳව ද පැහැදිලි කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙහි දී අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙරට අතර ශක්තිමත් සහයෝගීතාවක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, නායකත්වය සහ සැලසුම්කරණය පිළිබඳ අධ්‍යාපන අංශයේ නිලධාරීන්ගේ කුසලතා සංවර්ධනය කිරීම සඳහා පුහුණු වැඩසටහන්වල අවශ්‍යතාව වැඩිදුරටත් අවධාරණය කළා ය.

දෙමළ භාෂා මාධ්‍යයේ පවතින ගුරු හිඟයට කඩිනමි විසඳුම් ලබා දීමේ අවශ්‍යතාව සහ වැඩි අධ්‍යාපන ප්‍රවේශය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී කරුණු පැහැදිලි කළා ය.

දැනට ලංකාවේ  ක්‍රියාත්මක වෙමින් පවතින ඉන්දියානු ව්‍යාපෘති පිළිබඳව පැහැදිලි කළ ඉන්දීය මහකොසාරිස් සන්තෝෂ් ජා,  වතු පාසල් ව්‍යාපෘති, ස්මාර්ට් පන්ති කාමර සහ ගුරු පුහුණු වැඩසටහන් පිළිබඳව පුළුල් ලෙස කරුණු පැහැදිලි කළේ ය. අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන්  තවදුරටත් සමීපව කටයුතු කිරීමට ඉන්දියානු රජයේ  ඇති උනන්දුව ප්‍රකාශ කළ මහකොමසාරිස්වරයා,  දෙරටේ විශ්වවිද්‍යාල අතර ශිෂ්‍යත්ව ලබා දීම සඳහා මෙම  සහයෝගීතාවේ වැදගත්කම පිළිබඳව ද පැහැදිලි කළේ ය.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහ සහයෝගීතා අංශයේ දෙවන ලේකම් අශෝක් රාජු, වාණිජ අංශයේ ප්‍රථම ලේකම් Surabh Sablok, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

 

 

harini 12 1

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...