The Leader News
BREAKING
Top Ad
පුවත්

බස් - ටිපර් රථ අනතුරක්: ටිපර් රථය බටුඔය පාලමෙන් පහළට

T

The Leader Desk

August 12, 2025 • 5:22 AM

බස් - ටිපර් රථ අනතුරක්: ටිපර් රථය බටුඔය පාලමෙන් පහළට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිසිය සඳහන් කළේ, අද (අගෝස්තු 12) දින අලුයම 3.00ට පමණ මින්නේරිය පොලිස් වසමේ බටුඔය පාලම අසලදී මෙම අනතුර සිදුව ඇති බව ය.
  • අනතුරෙන් බස් රථයේ සහ ටිපර් රථයේ රියැදුරන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් පොළොන්නරුව, හබරණ හා හිඟුරක්ගොඩ රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
  • අනතුරට ලක්වූ ටිපර් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී තිබු අයුරු වීඩියෝ දර්ශන වලින් නිරීක්ෂණය වෙයි.
  • අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 25 දෙනෙකු දැනට රෝහල්ගත කර ඇති බවත් ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පොලිසිය සඳහන් කළේ, අද (අගෝස්තු 12) දින අලුයම 3.00ට පමණ මින්නේරිය පොලිස් වසමේ බටුඔය පාලම අසලදී මෙම අනතුර සිදුව ඇති බව ය.

අනතුරෙන් බස් රථයේ සහ ටිපර් රථයේ රියැදුරන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් පොළොන්නරුව, හබරණ හා හිඟුරක්ගොඩ රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

අනතුරට ලක්වූ ටිපර් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී තිබු අයුරු වීඩියෝ දර්ශන වලින් නිරීක්ෂණය වෙයි.

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 25 දෙනෙකු දැනට රෝහල්ගත කර ඇති බවත් ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මින්නේරිය පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...