The Leader News
BREAKING
Top Ad
පුවත්

රේණුකා ඒක­නා­යක පොලිස් කොමි­ස­මෙන් ඉවත් වෙයි

T

The Leader Desk

August 12, 2025 • 7:27 AM

රේණුකා ඒක­නා­යක පොලිස් කොමි­ස­මෙන් ඉවත් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සම්බ­න්ධ­යෙන් ව්‍යවස්ථා සභාව දැනු­ම්වත් කර ඇති බව ජාතික පොලිස් කොමි­ෂන් සභාවේ ලේකම් තනූජා එන්.
  • පොලිස් කොමිසමේ පුරප්පාඩු 02ක් ජාතික පොලිස් කොමි­ෂන් සභාවේ සභා­පති ලෙස විශ්‍රා­මික මහා­ධි­ක­රණ විනි­සුරු ලලිත් ඒක­නා­යක කට­යුතු කරනු ලබයි.
  • සභා­පති ඇතුළු සාමා­ජි­ක­යන් 07 දෙනෙ­කු­ගෙන් ජාතික පොලිස් කොමි­ෂන් සභාව සම­න්වි­තය.
  • ඒ අත­රින් මෙතෙක් පොලිස් කොමි­ෂන් සභා­වට පත්කර ඇත්තේ සාමා­ජි­ක­යක් 06 දෙනෙක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ සම්බ­න්ධ­යෙන් ව්‍යවස්ථා සභාව දැනු­ම්වත් කර ඇති බව ජාතික පොලිස් කොමි­ෂන් සභාවේ ලේකම් තනූජා එන්. ප්‍රනාන්දු සඳ­හන් කළාය.

රේණුකා ඒක­නා­යක විශ්‍රා­මික අමා­ත්‍යාංශ ලේක­ම්ව­රි­යකි. ඇය හිටපු ජනා­ධි­පති ලේකම් සමන් ඒක­නා­යක ගේ බිරිය ය.

පොලිස් කොමිසමේ පුරප්පාඩු 02ක්

ජාතික පොලිස් කොමි­ෂන් සභාවේ සභා­පති ලෙස විශ්‍රා­මික මහා­ධි­ක­රණ විනි­සුරු ලලිත් ඒක­නා­යක කට­යුතු කරනු ලබයි.

සභා­පති ඇතුළු සාමා­ජි­ක­යන් 07 දෙනෙ­කු­ගෙන් ජාතික පොලිස් කොමි­ෂන් සභාව සම­න්වි­තය. ඒ අත­රින් මෙතෙක් පොලිස් කොමි­ෂන් සභා­වට පත්කර ඇත්තේ සාමා­ජි­ක­යක් 06 දෙනෙක් පමණි. රේණුකා ඒක­නා­යක හැරු­ණු­කොට සෙසු සාමා­ජි­ක­යන් වන්නේ විශ්‍රා­මික දිස්ත්‍රික් ලේක­ම්ව­ර­යෙක් වන කන­ප­ති­පිල්ලේ කරු­ණා­රත්න, නීතිඥ දිල්ශාන් කපිල ජය­සූ­රිය, ජනා­ධි­පති නීතිඥ ඒ.ඒ.එම්. ඉල්ලි­යාස් සහ විශ්‍රා­මික නියෝජ්‍ය පොලි­ස්පති ජයන්ත ජය­සිංහ ය.

කොමි­ෂන් සභාවේ සාමා­ජි­ක­යෙක් ලෙස සේවයේ නිර­තව සිටි විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ගාමිණී සිල්වා  2024 වසරේ අප්‍රේල් 09 වැනිදා අභා­ව­ප්‍රාප්ත වීමත් සමඟ ඇතිවූ පුර­ප්පා­ඩු­වට නියෝජ්‍ය පොලි­ස්පති ජයන්ත ජය­සිංහ කොමි­ෂන් සභාවේ සාමා­ජි­ක­යෙක් ලෙස පත්ක­රනු ලැබීය.

එහෙත් සෙසු සාමා­ජික පුර­ප්පා­ඩු­වට මෙතෙක් සාමා­ජි­ක­යෙක් පත්කර නැත. රේණුකා ඒක­නා­යකගේ ඉල්ලා අස්වී­මත් සමඟ කොමි­ෂන් සභාවේ සාමා­ජික ධුර 02ක් පුරප්පා­ඩුව පව­තියි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...