The Leader News
BREAKING
Top Ad
පුවත්

ඔඩිසි යන්න ටිකට් ගත්ත විදේශිකයන්ට ගමන් තහනමක් ! - අවුල ලිහන්න දාපු ගැටේ පැටලෙයි!!

T

The Leader Desk

August 12, 2025 • 9:02 AM

ඔඩිසි යන්න ටිකට් ගත්ත විදේශිකයන්ට ගමන් තහනමක් ! - අවුල ලිහන්න දාපු ගැටේ පැටලෙයි!!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම නව ක්‍රමවේදය අනුව ඊයේ කොළඹින් දුරබැහැර බලා පිටත් වූ මගීන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීමේදී එලෙස ජාතික හැඳුනුම්පත් අංකයට සහ විදෙස් ගමන් බලපත් අංකය සඳහා ප්‍රවේශ පත්‍ර තිබී ඇත්තේ ඉතා සීමිතව බව වාර්තා වේ.
  • කොළඹින් බදුල්ල බලා පිටත් වූ පොඩි මැණිකේ දුම්රියේ සියලු ප්‍රවේශ පත්‍ර විකිණී තිබුණ ද නිසි ක්‍රමවේදයකට යන මඟීන් සිට ඇත්තේ ඉතාම සීමිත ප්‍රමාණයකි.
  • මහනුවර සිට බදුල්ල දක්වා දිනපතා ධාවනය වන ඔඩිසි දුම්රියට සංචාරක සමාගම් විසින් සංචාරයට එක්වන විදේශීකයාගේ ගුවන් ගමන් බලපත්‍රයේ අංකය සඳහන් නොකර මාර්ගගත ක්‍රමයට ලබා ගත් දුම්රිය ප්‍රවේශපත්‍රවලට විදේශීය සංචාරකයන් රැගෙන නොයෑමෙන් එම විදේශිකයින් දැඩි ලෙස පීඩාවට පත් වී ඇත.
  • ඇතැම් සංචාරක සමාගම්, මග පෙන්වන්නන් සහ තැරැව්කරුවන් විසින් ශ්‍රී ලාංකික හැඳුනුම්පතක අංකයක් යොදාගෙන මාර්ගගත ක්‍රමයට ඔවුන්ගේ නම ඇතුළත් කර ඔඩිසි දුම්රියෙන් ගමන් කිරිමට ප්‍රවේශපත්‍ර මිලදී ගෙන වැඩි මුදලකට අලෙවි කිරීමේ ජාවාරම් නතර කිරීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරි (වාණිජ) ඩබ්ලිව්.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම නව ක්‍රමවේදය අනුව ඊයේ කොළඹින් දුරබැහැර බලා පිටත් වූ මගීන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීමේදී එලෙස ජාතික හැඳුනුම්පත් අංකයට සහ විදෙස් ගමන් බලපත් අංකය සඳහා ප්‍රවේශ පත්‍ර තිබී ඇත්තේ ඉතා සීමිතව බව වාර්තා වේ.

කොළඹින් බදුල්ල බලා පිටත් වූ පොඩි මැණිකේ දුම්රියේ සියලු ප්‍රවේශ පත්‍ර විකිණී තිබුණ ද නිසි ක්‍රමවේදයකට යන මඟීන් සිට ඇත්තේ ඉතාම සීමිත ප්‍රමාණයකි.

 

මහනුවර සිට බදුල්ල දක්වා දිනපතා ධාවනය වන ඔඩිසි දුම්රියට සංචාරක සමාගම් විසින් සංචාරයට එක්වන විදේශීකයාගේ ගුවන් ගමන් බලපත්‍රයේ අංකය සඳහන් නොකර මාර්ගගත ක්‍රමයට ලබා ගත් දුම්රිය ප්‍රවේශපත්‍රවලට විදේශීය සංචාරකයන් රැගෙන නොයෑමෙන් එම විදේශිකයින් දැඩි ලෙස පීඩාවට පත් වී ඇත.

 

මහනුවර සිට නානුඔය දක්වා ඊයේ ධාවනය වූ ඔඩිසි දුම්රියෙන් නානුඔය සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට රු.6000කට සහ ඊට වැඩි මුදලකට ප්‍රවේශපත්‍ර ලබාගත් ඉතාලි, ප්‍රංශ, ජර්මන් සහ ඉන්දියානු ජාතිකයෝ විශාල පිරිසක් එම දුම්රියේ දුම්රිය නියාමකවරුන් දුම්රිය මැදිරිවලට ඇතුළු කර නොගැනීම හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටියහ.

ඇතැම් සංචාරක සමාගම්, මග පෙන්වන්නන් සහ තැරැව්කරුවන් විසින් ශ්‍රී ලාංකික හැඳුනුම්පතක අංකයක් යොදාගෙන මාර්ගගත ක්‍රමයට ඔවුන්ගේ නම ඇතුළත් කර ඔඩිසි දුම්රියෙන් ගමන් කිරිමට ප්‍රවේශපත්‍ර මිලදී ගෙන වැඩි මුදලකට අලෙවි කිරීමේ ජාවාරම් නතර කිරීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරි (වාණිජ) ඩබ්ලිව්. ඩී. රංජිත් පද්මලාල් විසින් ඉකුත් ජූලි 30 වැනිදා චක්‍රලේඛයක් ද, උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබුණි.

එම උපදෙස් මාලාවට පෙර එම දුම්රියෙන් ගමන් කිරීමට වැඩි මුදලක් ගෙවා ප්‍රවේශපත්‍ර මිලදී ගෙන ඇති අතර, එම ප්‍රවේශපත්‍ර අතැතිව මේ දිනවල එම දුම්රියෙන් ගමන් ගන්නා විදේශීය සංචාරකයින්ගේ ප්‍රවේශපත්‍ර සහ ගුවන් ගමන් බලපත්‍ර අංකය දුම්රිය නියාමකවරුන් විසින් පරික්ෂා කිරීම හේතුවෙන් මෙම ගැටලුව මතු වී ඇති බව සංචාරක මග පෙන්වන්නෝ පවසති.

ඔඩිසි දුම්රියෙන් ගමන් කිරීමට නොහැකි වූ විදේශීය සංචාරකායෝ නානුඔය දුම්රිය ස්ථානයෙන් රු.300 කට සාමාන්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන ඇල්ල දක්වා උඩරට මැණිකේ දුම්රියෙන් සිය ගමනාන්තය දක්වා ගමන් කළහ.

 

අප මේ පිළිබඳව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථානාධිපතිවරුන් කිහිපදෙනකුගෙන් කළ විමසීමේදී ඔවුන් කියා සිටියේ දුම්රිය ආසන වෙන් කර ගැනීමේදී හැඳුනුම්පත් අංකයක් හෝ ගුවන් ගමන් බලපත්‍රයක අංකයක් අනිවාර්යෙන්ම සඳහන් කළ යුතුව ඇති බවයි. ඒ අනුව නිකුත් කරන දුම්රිය ප්‍රවේශ පත්‍රයේ ගමන් ගන්නේ එම මගියාම ද යන්න පිළිබඳව දුම්රිය නියාමකවරුන් පරික්ෂා කිරීම හේතුවෙන් මෙම ගැටලුව මතු වී ඇති බව ඔවුහු පවසති.

 

දුම්රිය සාමාන්‍යාධිකාරි (වාණිජ) විසින් නිකුත් කරනු ලැබූ උපදෙස් මාලාවට අනුව දුම්රිය නියාමකවරුන් කටයුතු කරන බව ද දුම්රිය ස්ථානාධිපතිවරු තවදුරටත් පවසති.

ඔඩිසි දුම්රියේ නියාමකවරුන් ඇතැම් සංචාරකයින් දුම්රියට මැදිරිවලට ඇතුළත් කර නොගැනීම නිසා නානුඔය දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා ධාවනය වූ එම දුම්රිය මැදිරිවල ආසන හිස්ව තිබෙන අයුරු දුටු විදේශිකයෝ කණස්සල්ල පළ කළහ.

නානුඔය දුම්රිය ස්ථානයේදි ඔඩිසි දුම්රියට ඇතැම් විදේශ සංචාරකයින් ඇතුළත් කර නොගැනීම හමුවේ නානුඔය දුම්රිය ස්ථානයේ දැඩි නොසන්සුන්තාවක් ඇතිවීම නිසා නානුඔය පොලිසියේ නිලධාරින් නානුඔය දුම්රිය ස්ථානයට කැඳවීමට ද නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරින් පියවර ගෙන තිබිණි.

( divaina | නුවරඑළිය – නාලක රත්නායක)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...