The Leader News
BREAKING
Top Ad
පුවත්

ඊශ්‍රායලය සහ පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගත යුතු යි - එජාපය කියයි

T

The Leader Desk

August 12, 2025 • 9:38 AM

ඊශ්‍රායලය සහ පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගත යුතු යි - එජාපය කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (11) පලස්තීනය රැකගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක දී ය.
  • ''ඒ අරමුණින් අපි 2022 සිට 2024 දක්වා ආණ්ඩු බලය දරණ අවධියේදීත් කටයුතු කළා.
  • ඒ වගේම අපි පක්ෂයක් හැටියට බලාපොරොත්තු වෙන්නේ ඊශ්‍රායලය සහ පලස්තීනය රටවල් දෙකක් හැටියට පිළිගත යුතු බවයි.
  • ඒ ගැන බටහිර ලෝකයත් එසේ ක්‍රියා කීරීමට කටයුතු කරනු ඇතැයි ද අපි අපේක්ෂා කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (11) පලස්තීනය රැකගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක දී ය.

WhatsApp Image 2025 08 12 at 12.32.02 PM
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන...

''ඒ අරමුණින් අපි 2022 සිට 2024 දක්වා ආණ්ඩු බලය දරණ අවධියේදීත් කටයුතු කළා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිධුරය දරණ සමයේදීත් අපි මූල්‍ය ප්‍රතිපාදන පවා ලබාදීමට කටයුතු කළා. ඒ වගේම අපි පක්ෂයක් හැටියට බලාපොරොත්තු වෙන්නේ ඊශ්‍රායලය සහ පලස්තීනය රටවල් දෙකක් හැටියට පිළිගත යුතු බවයි. ඒ ගැන බටහිර ලෝකයත් එසේ ක්‍රියා කීරීමට කටයුතු කරනු ඇතැයි ද අපි අපේක්ෂා කරනවා.

 ඒ වගේම ඊශ්‍රායලයත්, පලස්තීනයත් රාජ්‍යය දෙකක් හැටියට පිළිගැනීම සිදුකළ යුතුයි කියන ස්ථාවරයේ එක්සත් ජාතික පක්ෂය දිගින් දිගට ම කටයුතු කර තිබෙනවා. මේ ආරම්භ කර තිබෙන කටයුතු සඳහාත් පූර්ණ සහයෝගය ලබාදීමට කටයුතු කරනවා කියලා, මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා.

මෙම මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ, හිටපු අමාත්‍ය තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, පා.ම. මුජිබර් රහුමාන් යන අය ද අදහස් දැක්වූහ.

 palastine fp

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...