The Leader News
BREAKING
Top Ad
පුවත්

පලස්තීනයේ ජනහඬ නිහඬ කිරීමට එරෙහිව 'නිදහස් මාධ්‍ය ව්‍යාපාරය' විරෝධය දක්වයි

T

The Leader Desk

August 12, 2025 • 3:07 PM

පලස්තීනයේ ජනහඬ නිහඬ කිරීමට එරෙහිව 'නිදහස් මාධ්‍ය ව්‍යාපාරය' විරෝධය දක්වයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මරා දමා ඇති බවත්, සැලසුම් සහගත දුෂ්ට ප්‍රහාරයක් බව සඳහන් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර ඇත.
  • එම නිවේදනයේ සඳහන් වන පරිදි අදාළ ප්‍රහාරයේ දී ලෝ ප්‍රකට වාර්තාකරු අනාස් අල් ෂරීෆ් ද ඝාතනය ලක්ව ඇත.
  • එමෙන් ම ගාසා තීරයේ සිදුවන පලස්තීන ජන සංහාරය පිළිබඳ සත්‍යය හෙළිදරව් කළ එම සහෝදර මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උත්තමාචාරය හිමි කර දෙන බව ද එහි සඳහන් වේ.
  • මාධ්‍යවේදීන් මරා දමා පලස්තීනයේ ජනහඬ නිහඬ කිරීමට එරෙහිව විරෝධය දක්වමු - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඊශ්‍රායලය ගාසා නගරයට එල්ල කළ ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් සේවයට වාර්තා සපයන ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකු බිහිසුණු ලෙස මරා දමා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මරා දමා ඇති බවත්, සැලසුම් සහගත දුෂ්ට ප්‍රහාරයක් බව සඳහන් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ සඳහන් වන පරිදි අදාළ ප්‍රහාරයේ දී ලෝ ප්‍රකට වාර්තාකරු අනාස් අල් ෂරීෆ් ද ඝාතනය ලක්ව ඇත. එමෙන් ම ගාසා තීරයේ සිදුවන පලස්තීන ජන සංහාරය පිළිබඳ සත්‍යය හෙළිදරව් කළ එම සහෝදර මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උත්තමාචාරය හිමි කර දෙන බව ද එහි සඳහන් වේ.

මතු පළ වන්නේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

මාධ්‍යවේදීන් මරා දමා පලස්තීනයේ ජනහඬ නිහඬ කිරීමට එරෙහිව විරෝධය දක්වමු - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ඊශ්‍රායලය ගාසා නගරයට එල්ල කළ ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් සේවයට වාර්තා සපයන ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකු බිහිසුණු ලෙස මරා දමා ඇත. ලෝ ප්‍රකට වාර්තාකරු අනාස් අල් ෂරීෆ් ද ඒ අතර වේ. ඔහු ඇතුළු මාධ්‍යවේදීන් පිරිස ඝාතනය කර ඇත්තේ අල් සිෆා රෝහල අසල කුඩාරමක රැඳී සිටිය දී ඉලක්ක ගත ඩ්‍රෝන ප්‍රහාරයකිනි. ඒ අනුව පෙනී යන්නේ මෙය සැලසුම් සහගත දුෂ්ට ප්‍රහාරයක් බවයි.

ගාසා තීරයේ සිදුවන පලස්තීන ජන සංහාරය පිළිබඳ සත්‍යය හෙළිදරව් කළ එම සහෝදර මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උත්තමාචාරය හිමි වේ. අපි  ඔවුන් පිළිබඳව ශෝක වන්නෙමු. එසේම පලස්තීනයට ඇතුළු වීම විදෙස් මාධ්‍යවේදීන්ට තහනම් කර ඇති පසුබිමක එහි සිට වාර්තාකරණයේ නියැළෙන මාධ්‍යවේදීන් ඝාතනය කරන්නේ සංහාරයේ ගොදුරු බවට පත්ව සිටින ජනයාගේ හඬ නිහඬ කිරීමට බැවින් ඒ පිළිබඳව අපගේ දැඩි විරෝධය පළ කරන්නෙමු.

CPJ වාර්තාවලට අනුව 2023 ඔක්තොම්බර් මාසයේ සිට මේ දක්වා පලස්තීනයේ දී ඝාතනය කර ඇති මාධ්‍යවේදීන් ගණන 186කි.  BBC, AP, සහ AFP ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් තම වාර්තාකරුවන් මුහුණ දෙන දැඩි දුෂ්කරතා අවධාරණය කළ අතර ඔවුන්ට යැපීමට තරම් ආහාර හෝ නොමැති බව සඳහන් කළේය. BBC සේවය වාර්තාවක් මුදා හරිමින්, දින ගණනක් නිරාහාරව සිටි තමන්ගේ නිදහස් සේවකයින් තිදෙනෙකු හා ඔවුන්ගේ පවුල් පිළිබඳ හෙළිදරව්වක් සිදු කළේය.

මේ ඊශ්‍රායල්  ආණ්ඩුව පලස්තීන ජනසංහාරය අතරතුර දියත් කර ඇති මාධ්‍ය මර්දනයේ සැබෑ ස්වරූපය යි. රටක ජාතික ආරක්ෂාව සලසා ගැනීම හෝ ත්‍රස්තවාදයට පිළිතුරු දීම තුළ හෝ පවත්නා සැබෑ වුවමනාව ඉක්මවා සිදුවන මේ සියලු සංහාර ද එහි ගොදුරු බවට පත්ව සිටින  පලස්තීන ජනතාවගේ හඬ නිහඬ කිරිමට සිදුවන මාධ්‍ය මර්දනය ද හෙළා දැකීමට අප සමග එක්වන මෙන් සමස්ත ලෝක ප්‍රජාවගෙන් අපි ඉල්ලා සිටිමු.


සබැඳි පුවත් :

අල් - ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙක් ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...