The Leader News
BREAKING
Top Ad
පුවත්

සංචාරකයින් නොමඟ යවන ආරුක්කු නවය පාලමේ ගැටලුව

T

The Leader Desk

August 12, 2025 • 3:16 PM

සංචාරකයින් නොමඟ යවන ආරුක්කු නවය පාලමේ ගැටලුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැබෑ ලෙස විඳගැනීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයින් අපහසුතාවයට පත්වීම් පිළිබඳ පුවත් වාර්තා වේ.
  • විදේශිය සංචාරකයින් පවා විශාල පිරිසක් මෙම ස්ථානයට පැමිණෙන්නේ මෙම නිමැවුමේ ඇති අපූර්වත්වය සියැසින් දැකබලා ගැනීම සඳහාය.
  • ආරුක්කු නවය පාලමට ඇති සංචාරක ආකර්ෂණය තවත් වැඩි කරගැනීම සඳහා එම පාලම සහ එහි දුම්රිය බිංගෙය ආලෝකමත් කිරීමට රජය සැලසුම් කර ඇත.
  • ඒ සඳහා විශේෂ අලෝක පද්ධතියක් මේ වන විට ඉදිකෙරෙමින් ඇති අතර එම කටයුතු අවසන් වී නොමැත.
අකුරු ප්‍රමාණය (Font Size):

සැබෑ ලෙස විඳගැනීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයින් අපහසුතාවයට පත්වීම් පිළිබඳ පුවත් වාර්තා වේ.

කෙසේ වෙතත් එම ප්‍රදේශයේ විශේෂ ආලෝක පද්ධතියක් සැකසෙමින් පැවතුනත් තවමත් එහි වැඩ අවසන්ව නොමැත.

ආරුක්කු නවය පාලම, නයින් ආර්ච් බ්‍රිජ් ඇල්ල සංචාරක කලාපයේ කාගේත් වැඩි අවධානයක් දිනාගත් සංචාරක ගමනාන්තයකි.

විදේශිය සංචාරකයින් පවා විශාල පිරිසක් මෙම ස්ථානයට පැමිණෙන්නේ මෙම නිමැවුමේ ඇති අපූර්වත්වය සියැසින් දැකබලා ගැනීම සඳහාය.

ආරුක්කු නවය පාලමට ඇති සංචාරක ආකර්ෂණය තවත් වැඩි කරගැනීම සඳහා එම පාලම සහ එහි දුම්රිය බිංගෙය ආලෝකමත් කිරීමට රජය සැලසුම් කර ඇත.

ඒ සඳහා විශේෂ අලෝක පද්ධතියක් මේ වන විට ඉදිකෙරෙමින් ඇති අතර එම කටයුතු අවසන් වී නොමැත.

නමුත් ආරුක්කු නවයේ පාලම ආලෝකවත් කර ඇති බව දැක්වෙන, කෘත්‍රිම බුද්ධිය හරහා සකස් කළ නොමඟයවන සුළු වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම නිසා දෙස් විදෙස් සංචාරකයින් එය සත්‍යයක් යැයි සිතා මෙම ස්ථානය පැමිණෙන බව වාර්තා වේ.

| aruna

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සංචාරකයින් නොමඟ යවන ආරුක්කු නවය පාලමේ ගැටලුව | The Leader