The Leader News
BREAKING
Top Ad
පුවත්

'සොයා ගන්න නෑ' - රාජිත සේනාරත්නට වරෙන්තු

T

The Leader Desk

August 12, 2025 • 3:46 PM

 'සොයා ගන්න නෑ' - රාජිත සේනාරත්නට වරෙන්තු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝ.
  • සැකකාර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ ලබා දීම මගහරිමින් විමර්ශනවලට බාධා කරන බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි.
  • එම ව්‍යාපෘතිය පැවරීමෙන් පසුව වැලි ඉවත් කිරීමට අවශ්‍ය පහසුකම් කිසිවක් අදාළ කොරියානු සමාගම සතුව නොතිබූ අතර ඉන් අනතුරුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාව සතුව තිබූ "වැලිගොව්වා" නෞකාව ඇතුළු පහසුකම් එම සමාගම වෙත ලබාදීමට සිදුවූ බවත් ඇය කියා සිටියා ය.
  • මේ හේතුවෙන් ධීවර වරාය නීතිගත සංස්ථාවට රුපියල් ලක්ෂ 262 කට අධික පාඩුවක් සිදුවී ඇතැයි ඇය සඳහන් කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝ. 12) වරෙන්තු නිකුත් කළේය.

සැකකාර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ ලබා දීම මගහරිමින් විමර්ශනවලට බාධා කරන බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි.

ධීවර වරාය නීතිගත සංස්ථාවට රුපියල් ලක්ෂ 262 කට අධික පාඩුවක්

අදාළ නඩුව අද මෝසමක් මාර්ගයෙන් කැඳවමින් අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2012 වසරේ මැයි මස 19 වැනිදා "සී වූ ප්‍රයිවට් ලිමිටඩ්" නමැති කොරියානු සමාගමක් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව කිරින්ද ධීවර වරායේ පිරී තිබෙන වැලි ඉවත්කර ඒවා පිරිසිදු කර දේශීය වෙළඳපොළට මුදා හැරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අනුමැතිය ලබාදී ඇතැයි සඳහන් කළාය.

මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් වෙත එම යෝජනාව ඉදිරිපත් කර ඊට අදාළ පාරිසරික වාර්තා ඇතුළු වාර්තාවන් කැඳවා අධ්‍යයනය කිරීමකින් අනතුරුව එවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අනුමැතිය ලබාදීම සාමාන්‍ය පිළිවෙත වුවත් මෙම ව්‍යාපෘතිය සඳහා සැකකාර හිටපු අමාත්‍යවරයා සම්මත ක්‍රමවේදයෙන් බැහැරව ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගෙන් වාර්තාවක් පමණක් කැඳවා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී ඇති බවත් සහකාර අධ්‍යක්ෂ ජනරාල් වරිය පැවසුවාය.

එම ව්‍යාපෘතිය පැවරීමෙන් පසුව වැලි ඉවත් කිරීමට අවශ්‍ය පහසුකම් කිසිවක් අදාළ කොරියානු සමාගම සතුව නොතිබූ අතර ඉන් අනතුරුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාව සතුව තිබූ "වැලිගොව්වා" නෞකාව ඇතුළු පහසුකම් එම සමාගම වෙත ලබාදීමට සිදුවූ බවත් ඇය කියා සිටියා ය.

මේ හේතුවෙන් ධීවර වරාය නීතිගත සංස්ථාවට රුපියල් ලක්ෂ 262 කට අධික පාඩුවක් සිදුවී ඇතැයි ඇය සඳහන් කළාය.

''විමර්ශන කටයුතුවලට බාධා කරනවා'' 

මෙම සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙනී සිටින ලෙස අවස්ථා කිහිපයකදී දැනුම්දීම් කර තිබුණත් සැකකාර රාජිත සේනාරත්න ප්‍රකාශයක් ලබාදීම සඳහා කොමිසම හමුවේ පෙනී නොසිටි බව ඇය පැවසුවාය.

සැකකාර රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න ජනමාධ්‍යවලට විවිධ ප්‍රකාශ නිකුත් කරමින් විමර්ශන කටයුතුවලට බාධා කරන බවත් සැකකාර හිටපු අමාත්‍යවරයා විමර්ශන මගහරිමින් සිටින බවත් ඇය පෙන්වා දුන්නා ය.

මෙම සැකකරු තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කළ ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එම ඉල්ලීම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවත් ඇය සඳහන් කළාය.

ඉන් අනතුරුව එම නියෝගයට එරෙහිව සැකකාර රාජිත සේනාරත්න කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ අතර ඊට අදාළ නොතීසි පවා මේ දක්වා ලැබී නොමැති බව ඇය පැවසුවාය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරිනිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් මහාධිකරණය මගින් අතුරු නියෝගයක් නිකුත් කර තිබේදැයි විමසා සිටියේ ය.

ඊට පිළිතුරු දුන් සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය එවැනි අතුරු නියෝගයක් නිකුත් කර නොමැති බව සඳහන් කළාය.

රාජිත සේනාරත්න සොයා ස්ථාන 5ක් පරීක්ෂාවට...

මෙම සැකකරු සිටින බවට සැක කරන ස්ථාන 5ක් පරීක්ෂාවට ලක් කළ බව සඳහන් කළ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය එහෙත් ඔහු සොයා ගැනීමට නොහැකිවූ බවත් සැකකරුට එරෙහිව ඉදිරිපත් වී තිබෙන වරද සංඤය වරදක් වුවත් මොහු විමර්ශන මගහරිමින් විමර්ශනවලට බාධා කිරීම යන කරුණ සැලකිල්ලට ගෙන ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග කළාය.

අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

අල්ලස් කොමිසම තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය (ජුලි 18 වැනිදා) නියෝග කළේය.

පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මෙම නියෝගය නිකුත් කළාය.

(උපුටා ගැනීම් - බීබීසී සිංහල)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...