මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හෝමගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව නමැති 47 හැවිරිදි පුද්ගලයෙකි.
පොදුජන එක්සත් පෙරමුණෙ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු වූ ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් සර්වජන බලය පක්ෂයෙන් මැතිවරණට ඉදිරිපත් වුව ද ඔහු තේරි පත් වූයේ නැත.
හිටපු මන්ත්‍රිවරයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සුදු පැහැති මෝටර් රථයකින් ආ පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇත.
දිනෙන් දින රට පුරා මිනීමරු සංස්කෘතිය ව්‍යාප්ත වන අතර අද රටේ ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාගේ මැතිවරණ කොට්ඨාසය වන හෝමගම මීගොඩ ප්‍රදේශයේ දී හිටපු පළාත් පලන මන්ත්‍රීවරයකු ඝාතනය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (12) විශේෂ ප්‍රකාශයක් කරමිනි...
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
''මේ මිනිමරු සංස්කෘතිය නවත්වන්න රජයට නොහැකි වී තිබෙනවා. ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න පුටුවක් සහ බංකුවක් ගේන්න කියපු ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාගේ බල ප්‍රදේශයේදී පවා මේ ඝාතන සිදුවෙනවා.
පාතාල කල්ලි, මැර කල්ලි, මිනිමරුවන්, සංවිධානාත්මක අපරාධ කල්ලි: උණ්ඩය, බෝම්බය, බයිනේත්තුව, කඩුව හරහා ජන සමාජය ග්‍රහණයට ගෙන ගෙන තිබෙනවා. මේ ගැටලුවට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට විසදුම් නැද්ද කියා ප්‍රශ්න කරනවා.
මේ මිනිමැරුම් ජාතික ආරක්ෂක ගැටලුවක් නැති බවට ආණ්ඩව කිව්වට රටේ ජනතාව මිය යනවා නං එය ජාතික ආරක්ෂක ගැටලුවක් නෙවෙයි ද? ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ වගකීම වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කර ජන ජීවිත සුරක්ෂිත කිරීම යි. එය රට වෙනුවෙන් කරන යුතුකමක්."




