The Leader News
BREAKING
රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●
Top Ad
පුවත්

ජනපති උතුරේ සංචාරය කරද්දී චෙම්මනියෙන් තවත් ඇටකටු මතුවේ

T

The Leader Desk

September 2, 2025 • 4:37 AM

ජනපති උතුරේ සංචාරය කරද්දී චෙම්මනියෙන් තවත් ඇටකටු මතුවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයා පවසන්නේ චෙම්මනි මිනි වළ සම්බන්ධයෙන් සැගවීමට කිසිවක් නොමැති බවයි.
  • දෙවැනි අදියරේ කැනීම් කටයුතු සිදු කළ 40 වැනි දිනය වු සැප්තැම්බර් 1 වැනි සදුදා හවස් යාමය විට චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් පුද්ගලයන් 218 දෙනකුට අයත් අස්ථි මතු කරගෙන තිබේ.
  • ඒවායින් පුද්ගලයන් 198 දෙනකුට අයත් අස්ථි මේ වන විටත් ගොඩ ගෙන අවසන් බවයි වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් පවසන්නේ.
  • තවත් මිනිස් සිරුරු සිය ගණනක් වලදමා ඇති බවට විශ්වාස කෙරෙන මෙම සමුහ සුසාන සංකීර්ණයේ පරීක්ෂණ දිගටම කරගෙන යාම සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීම වෙනුවෙන් විමර්ශකයන් විසින් ඊයේ දිනයේ අයවැය ඇස්තමේන්තුවක් භාරදෙන ලද බව අතුරුදහන් කරන ලද්දවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපතිවරයා පවසන්නේ චෙම්මනි මිනි වළ සම්බන්ධයෙන් සැගවීමට කිසිවක් නොමැති බවයි.

දෙවැනි අදියරේ කැනීම් කටයුතු සිදු කළ 40 වැනි දිනය වු සැප්තැම්බර් 1 වැනි සදුදා හවස් යාමය විට චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් පුද්ගලයන් 218  දෙනකුට අයත් අස්ථි මතු කරගෙන තිබේ.

ඒවායින් පුද්ගලයන් 198 දෙනකුට අයත් අස්ථි මේ වන විටත්  ගොඩ ගෙන අවසන් බවයි වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් පවසන්නේ.

chemmani 2121
තවත් මිනිස් සිරුරු සිය ගණනක් වලදමා ඇති බවට විශ්වාස කෙරෙන මෙම සමුහ සුසාන සංකීර්ණයේ පරීක්ෂණ  දිගටම කරගෙන යාම සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීම වෙනුවෙන් විමර්ශකයන් විසින් ඊයේ  දිනයේ අයවැය ඇස්තමේන්තුවක් භාරදෙන ලද බව අතුරුදහන් කරන ලද්දවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ පවසති.

නිර්බාධිතව චෙම්මනියේ විමර්ශන සිදුකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට පොරොන්දු වී ඇත්තේ අතුරුදහන් තැනැත්තන් පිලිබඳ කාර්යාලය (OMP) යි.

 

යාපනය මයිලිඩ්ඩි ධිවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කිරීම වෙනුවෙන් යාපනයට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 1 වැනිදා පවසා තිබුනේ චෙම්මනි සමුහ සුසානය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

 

"දැනුත් ආන්දෝලනයට තුඩුදී තිබෙනවා චෙම්මනි මිනි වළ. අපි ඒ පිළිබද විධිමත් විමර්ශනයක් ආරම්භ කරලා තියනවා. අපිට සඟවන්න කිසි දෙයක් නැ. හැබැයි අපි ඒවා පිළිබඳව විමර්ශනය කරන්නේ කුමක් වෙනුවෙන්ද? අනාගතයේ යලි එවැනි තත්වයක් ඇතිවීම වළක්වාගැනීම වෙනුවෙන්. "

කටුක අතීතය ස්මරණය කළ යුත්තේ ඇයිද යන්නත් ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී සදහන් කර තිබුනි.

" ඉදිරි සියවස් ගණනක අනාගතයේ කවදාවත් එවැනි තත්වයක් යළි ලංකාවේ ඇති වීමට ඉඩ නොදිය යුතුයි. ඒ සදහා අපි ඒවා පාඩම් ලෙස ගන්න ඕන. ඒ කටුක අතීතය අපි ස්මරණය කරන්න ඕන කුමක් වෙනුවෙන්ද ? නැවත එවැනි තත්වයක් ඇතිවීම වළක්වා ගැනීම වෙනුවෙන්. මේ වෙලාවේ ජීවත් වන අපේ වගකීම කුමක්ද? අනාගතයේ එවැනි තත්වයක් ඇතිවීම වළක්වා ගැනීම. "

සමූහ මිනීවල පිහිටි සිද්ධුපත්ති සුසාන භුමියේ ඉදිකිරීම් කටයුත්තක් සිදු කිරීමට යෑමේදී 2025 වසරේ පෙබරවාරි 13 වැනිදා මිනිස් අස්ථියක් හමුව තිබුනි.

එම අස්ථි කොටස් පරීක්ෂාව සඳහා යාපනයේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන් සමග පැමිණි මහේස්ත්‍රාත් ඒ ඒ ආනන්දරාජා විසින් ඒවා මිනිස් සිරුරු කොටස් දැයි විමර්ශනය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියාට භාරදෙන ලෙස පෙබරවාරි 20 වැනිදා පොලිසියට නියෝග කළේය.

අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025  මැයි 15 වැනිදායි.

 

ශ්‍රී  ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල දරුවන් 28ක ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනපති උතුරේ සංචාරය කරද්දී චෙම්මනියෙන් තවත් ඇටකටු මතුවේ | The Leader