ඔහු මෙම අදහස් පළ කළේ අම්පාර දිස්ත්‍රික් සමගි ජන බලවේග පළාත් පාලන මන්ත්‍රී සංසදය අමතමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
ඖෂධ හිඟයට විසඳුම් කෝ...?
''අද අපේ රටේ ඇත්තේ ඛේදනීය සහ කණගාටුදායක තත්ත්වයක්; රටේ ජනතාවට අසීමිත බලාපොරොත්තු ලබා දී, ජනතාව මංමුළා කර, රවටා, මුසාව ජයග්‍රහණය කරවමින්, රටේ ජනතාව ලක්ෂ 220ක් අතරමං කරලා. පිළිකා රෝහලේ පහසුකම් මෙන්ම ඖෂධ හිඟයට විසඳුම් ලබා දීමට පවා නොහැකි වී තිබෙනවා.
දහස් ගණනින් වෛද්‍යවරු රට අතහැර යනවා; බුද්ධිගලනයට විසඳුම් නෑ. ඊට අමතරව රටේ සංවර්ධන ගමන වේගවත් කරන්නට කිසිදු පියවරක් අරගෙන නෑ. එවැනි දර්ශනයක් ක්‍රියාත්මක කරන්න අවබෝධයක් නොමැති, අදක්ෂ, නොහැකියාවෙන් පෙළෙන ආණ්ඩුවක් තමයි රට පාලනය කරන්නේ.
2028 දි රට බංකොලොත්...?
බඩුමිල වැඩි වෙලා, ආදායම් අඩු වෙලා. කර්මාන්තශාලා වැසී රට අතහැර යනවා. එබඳු තත්ත්වයක් මත රටේ දල දේශීය නිෂ්පාදනයට 50%ක දායකත්වයක් ලබා දෙන ලක්ෂ 40ක් පමණක ගේ ජීවනෝපාය වී ඇති ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන්ගේ දේපළ පරාටේ නීතිය හරහා ඔවුන්ගේ දේපළ වෙන්දේසි කරනවා.
සහලින් ස්වයංපෝෂිත වූ රටක අද වන විට වීවලට සාධාරණ මිලක් පවා නැහැ. රට සහල් ආනයනය කරන තැනට වැටිලා. එයට හේතුව පාරිභෝගිකයා ආරක්ෂා කරන්න යැයි කියා ජාවාරම් ක්‍රියාත්මක කිරීමයි. අද වී ගොවියාගේ සිට කෘෂිකර්මාන්තයේ නියැළෙන සෑම ජන කොටසක් ම අනාථ වෙලා. ගොවියා රජකරවනවා කියා බලයට පැමිණි මේ අදක්ෂ ආණ්ඩුව අද ගොවියා අසරණ කරලා.
මේ අය කියපු දේවල් දුන් පොරොන්දු සහ බලාපොරොත්තු ක්‍රියාත්මක කළ යුතු යි. මොවුන් 159ක බහුතරය, ජනාධිපතිකම සහ පළාත් පාලන ආයතන බහුතරයක් තියාගෙන රට වෙනුවෙන් කිසිවක් ම කරන්නෙ නැහැ. මේ යන විදිහට ගියොත් 2022 මෙන් 2028 දී ද ණය ගෙවා ගත නොහැකිව බංකොලොත් වෙනවා.''




