The Leader News
BREAKING
රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●
Top Ad
පුවත්

පෙරටුගාමී පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්‍යාලයට ප්‍රහාරයක් !

T

The Leader Desk

September 2, 2025 • 8:12 AM

පෙරටුගාමී පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්‍යාලයට ප්‍රහාරයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කට වැඩි පිරිසක් මෙසේ කඩු පොලු රැගන කාර්‍යාලයට කඩා වැදී වැදුන බවත් එම පිරිසට ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අණ්ඩු පක්ෂයේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවිධායකවරුන්ද අයත්‍ බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
  • මෙම මෙලෙච්ඡ පහරදීම නැවැත්වීම සඳහා පොලීසිය කිසිඳු මැදිහත් වීමක් සිදුනොවූ බවත්, ඔවුන් ආණ්ඩුවේ මැරයින්ට සහයෝගය දැක්වූ බවත් පෙරටුගාමී පක්ෂය කියා සිටියි.
  • ''පහරදීම සිදු කළේ ආණ්ඩුවට සම්බන්ධ මැරයන් පිරිසක්'' පක්ෂ ඛණ්ඩනයත් සමග පෙසප කණ්ඩායම සතු වූ මෙම කාර්‍යාලය දැනට අවුරුදු 14ක් තිස්සේ එම පක්ෂය විසින් පරිහරණය කරයි.
  • නඩු තීන්දුවක් ඇතැයි පවසමින් ආණ්ඩුවේ මැරයින් මෙසේ මෙම ස්ථානයට කඩා පැනීම කිසිසේත්ම යුක්ති සහගත නොමැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට මාධ්‍යවෙත පැවසිය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

100කට වැඩි පිරිසක් මෙසේ කඩු පොලු රැගන කාර්‍යාලයට කඩා වැදී වැදුන බවත් එම පිරිසට ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අණ්ඩු පක්ෂයේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවිධායකවරුන්ද අයත්‍ බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එම පිරිස අතර මාලිමාවේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක චන්ද්‍රික අධිකාරී, පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර, වත්තල නාගරික මන්ත්‍රී මොහොමඩ් ආබ්දීන්, නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆ්නි ප්‍රනාන්දු, මීගමුව නාගරික මන්ත්‍රී මොහාන් අබේසේකර ඇතුළු ජවිපෙ ක්‍රියාකාරීන් සිට ඇත.

මෙම මෙලෙච්ඡ පහරදීම නැවැත්වීම සඳහා පොලීසිය කිසිඳු මැදිහත් වීමක් සිදුනොවූ බවත්, ඔවුන් ආණ්ඩුවේ මැරයින්ට සහයෝගය දැක්වූ බවත් පෙරටුගාමී පක්ෂය කියා සිටියි.

WhatsApp Image 2025 09 02 at 1.28.18 PM 1
''පහරදීම සිදු කළේ ආණ්ඩුවට සම්බන්ධ මැරයන් පිරිසක්''

 

WhatsApp Image 2025 09 02 at 1.28.18 PM
පක්ෂ ඛණ්ඩනයත් සමග පෙසප කණ්ඩායම සතු වූ මෙම කාර්‍යාලය දැනට අවුරුදු 14ක් තිස්සේ එම පක්ෂය විසින් පරිහරණය කරයි. මෙම පක්ෂයේ මැතිවරණ කටයුතු පක්ෂ සංවිධාන කටයුතු බහුජන මැදිහත් වීම් ආදී සියලු නිල කටයුතු මෙම ස්ථානය මූලික කරගෙන ක්‍රියාත්මක විය.

නඩු තීන්දුවක් ඇතැයි පවසමින් ආණ්ඩුවේ මැරයින් මෙසේ මෙම ස්ථානයට කඩා පැනීම කිසිසේත්ම යුක්ති සහගත නොමැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට මාධ්‍යවෙත පැවසිය.

මෙම පහරදීම සිදු කර ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ මැරයන් පිරිසක් විසින් බව ද ඔහු සඳහන් කළේය.

ඔහු ද මෙම පහරදිමෙන් තුවාල ලබා ඇත.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සුජිත් කුරුවිට පෙන්වා දුන්නේ, යම් ස්ථානයකින් ඉවත් කිරීමට අවශ්‍ය නම් නිත්‍යානුකූලව ෆිස්කල් නියෝගයක් සමග පැමිණිය යුතු බවත්, අදාළ ස්ථානයේ තමන්ගේ පක්ෂයට අයත් බඩු බාහිරාදිය භාණ්ඩ මෙන්ම පුස්තාකාලය සතු පොත්පත් විශාල ප්‍රමාණයක් තිබෙන බවයි.

ආණ්ඩුව රජයේ කාර්‍යාල සුද්ධ කිරීම යැයි ව්‍යාපෘතියක් පටන් ගෙන දැන් එය තමන්ට විරුද්ධ මත දරණ දේශපානලන පක්ෂවල කාර්‍යාලවලට පහරදීමේ උපක්‍රමයක් දක්වා වෙස් මාරු කිරීම පිළිකුල් සහගත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

මෙම පරිශ්‍රය සහ ගොඩනැගිල්ල තමන්ට අයත් බවට අධිකරණ නියෝගයක් ඇතැයි ජවිපෙ පවසන බව විමසූ විට පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මෙසේ පැවසී ය.

WhatsApp Image 2025 09 02 at 1.28.20 PM 1
අධිකරණ බලතල ජවිපෙට පවරාගෙනද?

"අධිකරණ නියෝගයක් තිබෙනවානම් එය ක්‍රියාත්මක කළ යුත්තේ පිස්කල් නිලධාරියා ඇතුළු අධිකරණ නිලධාරීන්. දැන් අධිකරණ බලතල ජවිපෙට පවරාගෙනද? ටිල්වින් සිල්වා අගවිනිසුරු නෙවෙයි, විජිත හේරත් නීතිපති නෙවෙයි. මහින්ද ජයසිංහ ගම්පහ පිස්කල් නිලධාරියා නෙවෙයි. ජවිපෙ අධිකරණ බලතල අතට අරන්ද? පොලීසියේ බලයනම් අතට අරන්  බව පෙනෙනවා. පොලීසිය පක්ෂ කාර්‍යාලයකට බලහත්කාරයෙන් කඩා වැදුණු මැරයන් ඉවත් කරනවා වෙනුවට පොලීසිය මාර්ග බාධක යොදමින් මැරයන් ආරක්ෂා කරනවා."


FLP 1

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පෙරටුගාමී පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්‍යාලයට ප්‍රහාරයක් ! | The Leader