The Leader News
BREAKING
රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●
Top Ad
පුවත්

'එජාපයයි - සජබයි එකතුවෙනවා නම් හොඳයි' - නාමල් රාජපක්ෂ

T

The Leader Desk

September 2, 2025 • 10:16 AM

'එජාපයයි - සජබයි එකතුවෙනවා නම් හොඳයි' - නාමල් රාජපක්ෂ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය හමුවක දී ය.
  • ''ආණ්ඩුවේ තේමා පාඨය කෙසේ වෙතත් බැලූ බැල්මට ආණ්ඩුව වැඩක් කරන්නේ නෑ කියලා පේනවා..''.
  • ඒ වගේම අපි අපේ රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන ආණ්ඩුවට බලපෑම් කරලා ඒවට සාධාරණයක් ඉෂ්ට කර ගැනීමට කටයුතු කරනවා මිසක් ආණ්ඩුව ඇතුළෙ තියෙන ප්‍රශ්න ගැන අපි හොයන්න යන්නේ නෑ.
  • ’’ආරාධනා කළොත් යූඑන්පී සම්මේලනයට අපිත් එනවා’’ එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට ආරාධනා කළහොත් පක්ෂය සමඟ සාකච්ඡා කර එහි යන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෙම අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය හමුවක දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ

ආණ්ඩුවත් එක්ක විසඳගන්න ප්‍රශ්න ගොඩයි...

''අපි එදා ඉඳන් කියන්නේ රනිල් මහත්තයයි සමගි ජන බලවේගයයි එකතුවෙන්න ඕන කියල. මොකද අපි කට්ටිය බෙදලා දේශපාලනය කරන අය නෙමෙයි. අපි හැමදාම විශ්වාස කරන්නේ මේ රටේ දේශපාලන පක්ෂ වෛරයෙන් තොර දේශපාලනයක් කරන්න ඕන කියල. මං හිතනවා එක්සත් ජාතික පක්ෂයටයි සමගි ජන බලවේගයට එකතුවෙන්න පුළුවන් නම් ඒක හරි ෂෝක්.

ඊළඟ ජනාධිපතිවරණයට ගොඩක් කල් තිබෙනවා ඊට කලින් මෙම ආණ්ඩුවත් එක්ක විසඳගන්න ප්‍රශ්න ගොඩක් තිබෙනවා අද වෙනකොට ලූනු ගොවියෝ අසරණ වෙලා. අද පිටරටින් පොඩි බද්දක් ගහලා ලූනු ගෙන්නනවා. ඉතින් මෙහි ගොවියෝ අසරණ වෙලා; අලගොවියා අසරණ වෙලා; ඌව වෙල්ලස්සට යද්දි උක් ගොවියා අසරණ වෙලා ඉන්නවා; අනිත් පැත්තෙන් වී ගොවියා අසරණ වෙලා පොරොන්දු වෙච්චි මිලට වී ටික කියාගන්න බැරුව ඉන්නවා.

 රණවිරු දඩයම යනවා. නාවික හමුදාපතිවරයා හිරේ දාල එල්.ටී.ටී. ත්‍රස්තවාදයට සාක්ෂිකාරය කරලා. ඒ නිසා ජනාධිපතිවරණයක් මහ මැතිවරණයක් ගැන සාකච්ඡා කරන්න කලින් රටේ ජනතාවගේ ප්‍රශ්න ගොඩක් තිබෙනවා මේ ආණ්ඩුවත් එක්ක විසඳගන්න ඒ නිසා අපි මේ සටන ඉන්නවා. ඒ සටනට මේ සියලු දෙනාම එකතු වෙන්න ඕන කියලා මම හිතනවා.

එම අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ද නාමල් රාජපක්ෂ පිළිතුරු සැපයී ය.

''ආණ්ඩුවේ තේමා පාඨය කෙසේ වෙතත් බැලූ බැල්මට ආණ්ඩුව වැඩක් කරන්නේ නෑ කියලා පේනවා..''.

''කෘෂිකර්ම අමාත්‍යවරයා පත් කරලා තිබෙන්නේ පිටින් හාල් ගේන්න, පිටින් කෑම ගේන්න, පිටින් එළවළු පලතුරු ගේන්න, ඒ නිසානෙ කෘෂිකර්ම අමාත්‍යවරයා කියන්නේ පිටරටින් ගෙනල්ල කන්න දෙන එක ලාබයි ලංකාවේ වගා කරනවට වඩා කියලා. ඉතිං ඒක තමයි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය.

අපි කියන්නේ මේ රටේ ව්‍යවස්ථාපිතව බෞද්ධ ආගමට නිසි තැනක් දීලා තිබ්බා. ඒක ආරක්ෂා වෙන්න ඕන. මං හිතන්නේ කිසිම රටක මේ නොවිය යුතු කාරණයක්. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඩයස්පෝරාවට ඕන විදිහට එල්.ටී.ටී. ත්‍රස්තවාදය ඩයස්පෝරාවට ඕන විදිහට කටයුතු කිරීමයි. ඒ නිසා ඔවුන් පැහැදිලිවම ඒ ගමන යනවා.''

NPP හා JVP  අතර ගැටුමක් තිබෙනවා ද ?


දන්නෑනේ... මම ඒ දෙන්නා හම්බෙලා ආශ්‍රය කරලා නෑ. ඒ වගේම අපි අපේ රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන ආණ්ඩුවට බලපෑම් කරලා ඒවට සාධාරණයක් ඉෂ්ට කර ගැනීමට කටයුතු කරනවා මිසක් ආණ්ඩුව ඇතුළෙ තියෙන ප්‍රශ්න ගැන අපි හොයන්න යන්නේ නෑ. හැබැයි එහෙම ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒක විසඳගත්තොත් හොඳයි මොකද ඉතිහාසයේ හැම ආණ්ඩුවක් ම වැටිලා තිබෙන්නේ අභ්‍යන්තර ගැටුම් නිසා.

’’ආරාධනා කළොත් යූඑන්පී සම්මේලනයට අපිත් එනවා’’

එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට ආරාධනා කළහොත් පක්ෂය සමඟ සාකච්ඡා කර එහි යන බව  ද පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ පැවසීය.

මෙතෙක් ආරාධනයක් නිල වශයෙන් ලැබී නැතැයිද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිතය

(සටහන - මිහින්තලේ දුලාංජ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...