The Leader News
BREAKING
රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●
Top Ad
පුවත්

ආණ්ඩුව ජාත්‍යන්තර අධිකරණයට ගෙනයන ලෙස ඉල්ලා උතුරු නැගෙනහිර පෙළපාලි

T

The Leader Desk

September 2, 2025 • 10:55 AM

ආණ්ඩුව ජාත්‍යන්තර අධිකරණයට ගෙනයන ලෙස ඉල්ලා උතුරු නැගෙනහිර පෙළපාලි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "සැප්තැම්බර් 8 වැනි දින ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේ දී අතුරුදහන් කරවලා තියන අයව හොයන ඥාතීන්ට ජාත්‍යන්තර යුක්තිය යාන්ත්‍රණයක් හරහා ඇත්ත හොයලා කඩිනමින් පිළිතුරක් ලබා දිය යුතුයි.
  • ඇය ඒ බව අවධාරණය කර සිටියේ අගොස්තු මස 30 වැනි දිනට යෙදී තිබු බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් යුද වින්දිත උතුරු පළාතේ දෙමළ මව්වරුන් සිය ගණනින් එක්වී යාපනයේ දියත් කළ විරෝධතාවයකට නායකත්වය දෙමිනි.
  • ඔවුන් සිය පාද යාත්‍රාව ආරම්භ කර තිබුනේ අතුරුදහන් කළ’වුන්ට යුක්තිය ඉල්ලා මේ වසරේ අගෝස්තු 30 වැනි දිනට දින 3114ක් සම්පුර්ණ වන ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ අරගලයේ දී මියගිය 400කට වැඩි පිරිස සිහිපත් කරන දීපයක් දල්වමිනි.
  • විරෝධතාවය අවසානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමු කරන ලෙස ඉල්ලමින් ඔවුන් සිය සන්දේශය බාර දී තිබුනේ යාපනයේ පිහිටි සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) කාර්යාලය වෙතයි.
අකුරු ප්‍රමාණය (Font Size):


"සැලසුම් කළ වර්ග සංහාරය සිදු කළ ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන ගොස් පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා සහ සාමාජික රටවල් යෝජනාවක් සම්මත කරන ලෙස අපි ඉල්ලා සිටිිනවා"

උතුරු නැගෙනහිර අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි යෝගරාසා කනගරංජනී මාතාව තව දුරටත් ඉල්ලා සිටින්නේ සැප්තැම්බර් 8 සිට ඔක්තෝබර් 3 දක්වා ජිනීවාහිදී මුළු දෙන මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිවාරයදී බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන්ට ජාත්‍යන්තර යුක්ති යාන්ත්‍රණයක් හරහා පිළිතුරු ලබා දීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කටයුතු කළ යුතු බවයි.

"සැප්තැම්බර් 8 වැනි දින ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේ දී අතුරුදහන් කරවලා තියන අයව හොයන ඥාතීන්ට ජාත්‍යන්තර යුක්තිය යාන්ත්‍රණයක් හරහා ඇත්ත හොයලා කඩිනමින් පිළිතුරක් ලබා දිය යුතුයි. වින්දිතයන්ගේ සාක්ෂි ආරක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගත යුතුයි.

 

jaffna 02


ඇය ඒ බව අවධාරණය කර සිටියේ අගොස්තු මස 30 වැනි දිනට යෙදී තිබු බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් යුද වින්දිත උතුරු පළාතේ දෙමළ මව්වරුන් සිය ගණනින් එක්වී යාපනයේ දියත් කළ විරෝධතාවයකට නායකත්වය දෙමිනි.

යාපනය නගරයේ ස්ථාපිත කර තිබෙන සංගිලි රජුගේ ස්මාරකය අසලට 2025 අගෝස්තු 30 වැනිදා පෙරවරුවේ රැස් වු උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහේම බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් අධිකරණය විසින් අපරාධ ස්ථානයක් ලෙස නම් කර තිබෙන චෙම්මනි සමුහ මිනි වළ තෙක් විරෝධතා පා ගමනින් ගොස් එම ස්ථානයේ උද්ඝෝෂණයක් දියත් කර තිබුනි.

 jaffna 01

ඔවුන් සිය පාද යාත්‍රාව ආරම්භ කර තිබුනේ අතුරුදහන් කළ’වුන්ට යුක්තිය ඉල්ලා මේ වසරේ අගෝස්තු 30 වැනි දිනට දින 3114ක් සම්පුර්ණ වන ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ අරගලයේ දී මියගිය 400කට වැඩි පිරිස සිහිපත් කරන දීපයක් දල්වමිනි.

 

විරෝධතාවය අවසානයේ  එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමු කරන ලෙස ඉල්ලමින් ඔවුන් සිය සන්දේශය බාර දී තිබුනේ යාපනයේ පිහිටි සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) කාර්යාලය  වෙතයි.

නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක තුනම නියෝජනය කරමින් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් සිය ගණනක් මඩකලපුවේ පරණ කල්ලඩි පාලම අසල සිට ගාන්ධි උද්‍යානය දක්වා  විරෝධතා පා ගමන ආරම්භ කර තිබුනේද අතුරුදහන් වුවන් සහ ඔවුන් සොයා අරගල කරමින් සිටියදී මිය ගිය අය සිහිපත් කරමිනි. ඔවුන්  පා ගමන කෙලවර කළේ ගාන්ධි උද්‍යානයේ පිහිටි මාධ්‍යවේදීන්ගේ ස්මාරකය අබියස පහන් දල්වමිනි.

 

batticaloa 02
අම්පාර දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි තම්බිරාසා සෙල්වරානි මාතාව එහිදී මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කර තිබුනේ බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන්ට  යුක්තිය දිනා ගන්නා තෙක් අරගලය අත හැරීමට සුදානම් නොමැති බවයි.

"කොපමණ ජනාධිපතිවරු ආවත් ගියත්, ඔවුන් ඉදිරිපත් කරන අභ්‍යන්තර යාන්ත්‍රණය හරහා අපට යුක්තිය ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා අපි ජාත්‍යන්තර යුක්ති යාන්ත්‍රණයක් ඉල්ලා සිටිනවා. අපි අපේ ඥාතීන් පන පිටින් තමයි බාර දුන්නේ. අපි අජීවි වස්තු නෙමෙයි බාර දුන්නේ. ඒ නිසා, අපේ ඥාතීන්ට සිදු වූ දේ මොනවද කියලා අපි  විමසනවා. ඒ නිසා, අපට යුක්තිය ලැබෙන තුරු අපගේ අරගලය දිගටම පවතිනවා."

 

batticaloa 01
යුද්ධයේ අවසාන දින වලදී ආරක්ෂක අංශ භාරයට පත් වීමෙන් පසුව හා යුද්ධයේ අවසන් මොහොතේ අතුරුදහන් වු තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ විය.

බලහත්කාරයෙන් අතුරුදහන්කරවූවන් වෙනුවෙන් යුක්තිය ලබා දෙන බව පවසමින් ආණ්ඩුව යෝජනා කර තිබෙන අතුරුදන්වූවන් සඳහා නිකුත් කරන සහතිකය ලබා ගැනීමත්, වන්දි මුදල් ලබා ගැනීමත් තම සමීපතමයන් අහිමිව සිටින යුද වින්දිත දෙමළ මව්වරුන් ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කර තිබේ.

 

යුද්ධාවසානයේ රජයේ හමුදාවට භාරවීමෙන්ද, පැහැරගනු ලැබීමෙන්ද අනතුරුව අතුරුදහන් කරන ලද සමීපතමයන්ගේ ඉරණම හෙළි කරගැනීම සඳහා රටතුල යුක්තියක් ඉටුවී නැති දෙමළ ජනතාව ඉකුත් 16 වසරකට වැඩි කාලයක් තිස්සේ ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර මැදිහත්වීමකි.

 

බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් 2025 අගෝස්තු 29 වැනිදා අරලියගහ මන්දිරයේදී අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සංවිධාන කළ උත්සවයක් අමතා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය,  හර්ෂණ නානායක්කාර පවසා තිබුනේ 2000 වසරට පෙර උතුරේ සහ දකුණේ අතුරුදහන් වූ බවට පැමිණිලි ලැබී ඇති විමර්ශන කටයුතු ආරම්භ කර නැති දස දහසකට අධික සංඛ්‍යාවක් සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කරන බවයි.

හානි පුර්ණ කාර්යාලය සහ අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලය සඳහා නව ක්‍රමවේදයක් අරඹන බවත් ඔහු එදින වැඩි දුරටත් පවසා තිබුනි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...