වී අස්වැන්න 12–41% කින් පහත වැටීමක්, 2050 වන විට මත්ස්‍ය අස්වැන්න 20% කින් අඩුවීමක් සහ වාර්ෂික යටිතල පහසුකම්වල පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 0.38 ක් වන බවට පුරෝකථන කර ඇති බවත්, මෙකී දේශගුණික ආශ්‍රිත බලපෑම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.86% ක් අඩු කිරීමට හේතුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ මාලදිවයින් හිටපු ජනාධිපති සහ දේශගුණික අවදානම් සංසදයේ (Climate Vulnerable Forum) මහලේකම් මොහොමඩ් නෂීඩ් සහභාගී වූ පරිසරය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව අමතමිනි.
පාර්ලිමේන්තුවේ පරිසර, කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ අංශික අධීක්ෂණ කාරකසභාව දේශගුණික අවදානම් සභාව (CVF) සහ අවදානම්කරුවන්ගේ 20 (V20) කණ්ඩායම සමග විශේෂ කමිටු රැස්වීමක් පාර්ලිමේන්තුවේදි පැවැත්විය. දේශගුණික අවදානම් සභාව (Climate Vulnerable Forum) මාලදිවයිනේ හිටපු ජනාධිපති මෝහෝමඩ් නෂීඩ් මැතිතුමා 2009 වසරේ ආරම්භ කළ අතර, වර්තමානයෙ එහි මහලේකම්වරයා ලෙස කටයුතු කරයි.
කඩිනම් දේශගුණික විපර්යාස පනතක්
රටවල් 74ක් සාමාජිකත්වය දරන මෙම සභාව දේශගුණික අවදානම්වල ගිලීසිටින රටවල් සඳහා සහයෝගිතා වේදිකාවක් ලෙස ක්‍රියාකරයි. පරිසර, කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරකසභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි කටයුතු කරයි.
එබැවින් දේශගුණික විපර්යාස පනතක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම, තනි භාවිත ප්ලාස්ටික් තහනම් කිරීම සහ පැරිස් ගිවිසුම යටතේ දේශගුණික මූල්‍ය වෙත ප්‍රවේශ වීම සඳහා ශක්තිමත් කලාපීය සහයෝගීතාවයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහි දී ඉල්ලා සිටියේ ය.
අනාගත අවදානමට පෙර සූදානමක්
එමෙන් ම ශ්‍රී ලංකාවේ සීමිත මූල්‍ය අවකාශය අවධාරණය කරමින් ඔහු දූපත් ජාතීන් සඳහා සකස් කළ සම්පත්, තාක්ෂණය සහ මූල්‍ය කටයුතු සඳහා ජාත්‍යන්තර සහයෝගය ද ඉල්ලා සිටියේය. අනාගතයේ සිදුවිය හැකි මේ අවදානම වෙනුවෙන් වර්තමානයේ සිට ම ක්‍රියාමාර්ග ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් අවධාරණය කළේය.
එසේම ශ්‍රී ලංකාව මේ වනවිට අත්සන් තබා ඇති තිරසර දේශගුණික සමෘද්ධි සදහා වූ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය නිතිමය රාමු සකසා නොමැතිනම් පරිසර, කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ අංශික අධීක්ෂණ කාරකසභාව තුළින් ඒ සඳහා වූ නෛතික බලගැන්වීම් අපරාණුමත කිරීම සදහා වූ පියවර ගැනීමට කටයුතු කළයුතු බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ ය.




