The Leader News
BREAKING
රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●
Top Ad
පුවත්

ජවිපෙටත් පොදු දේපළ යටතේ නීතිය ක්‍රියාත්මක කරනවා - දයාසිරි

T

The Leader Desk

September 3, 2025 • 5:05 AM

ජවිපෙටත් පොදු දේපළ යටතේ නීතිය ක්‍රියාත්මක කරනවා - දයාසිරි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහ 88 -89 කාලවලදී ජනතා විමුක්ති පෙරමුණ විසින් පොදු දේපළ රැසක් විනාශ කළ බව ඔහු කියා සිටියි.
  • දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, කුරුණෑගල පැවති සජබ ක්‍රියාකාරීන්ගේ රැස්වීමකදීය.
  • වර්ෂයේදී ගෙනා පොදු දේපළ පනතට 1988 වර්ෂයේදී සංශෝධනයක් ඉදිරිපත් කල බවත් ඵදා පොදු දේපල පනත ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ සිදුකල පොදු දේපල විනාශයන්ට ඵරෙහිව බවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


1971 සහ 88 -89 කාලවලදී ජනතා විමුක්ති පෙරමුණ විසින් පොදු දේපළ රැසක් විනාශ කළ බව ඔහු කියා සිටියි.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, කුරුණෑගල පැවති සජබ ක්‍රියාකාරීන්ගේ රැස්වීමකදීය.

විෂයෙන්ම ලංගම බස් රථ, විදුලි ට්‍රාන්ස්ෆෝමර, විදුලි සංදේශ කුළුණු, බැංකු මංකොල්ල කෑම් ඇතුළු පොදු දේපළ රැසක් විනාශ වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් වී ඇති බවත් ඊට අදාළ සාක්ෂි ද ඕනෑ තරම් තිබෙන බවත් මේ සියලුම කරුණු සලකා බලා ඉදිරි රජයකදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකරන ලද සියලුම පොදු දේපළ විනාශ කිරීම්වලට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවද ජයසේකර මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

වර්තමානයේ දී පොදු දේපළ පනත භාවිතා කරමින් දේශපාලන පළිගැනීම් සිදුකරන කරන බවත් ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය කාලවල සිදු කරන ලද පොදු දේපළ සම්බන්ධයෙන් ඉදිරි රජයකදී අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කර අවශ්‍ය පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද දයාසිරි ජයසේකර කියා සිටියේය.

විශේෂයෙන්ම මේ අවස්ථාවේදී වසර ගණනාවකට පෙර පැවති ඇතැම් සිද්ධි සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීම් සිදු කරන බවත් එම නිසා ජනතා විමුක්ති පෙරමුණ ඒ කාලෙදි කරන ලද සියලුම පොදු දේපල විනාශයන් සම්බන්ධයෙන් වාර්තා සකස්කර අදාළ සාක්ෂි කැඳවා ඉදිරි රජයකදී අනිවාර්යයෙන්ම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරුන් විසින් ජනතා විමුක්ති පෙරමුණට සමාව ලබා දුන්නත් මේ වන විට ඔවුන් දේශපාලන පළිගැනීම් සිදු කරන නිසා ඔවුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කිරීමට විපක්ෂයේ බොහෝ දේශපාලන පක්ෂවල අවධානය යොමු වී ඇති බවත් ඒ අනුව ඉදිරි රජයක් යටතේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව නීතිය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළේය.

1982 වර්ෂයේදී ගෙනා පොදු දේපළ පනතට 1988 වර්ෂයේදී සංශෝධනයක් ඉදිරිපත් කල බවත් ඵදා පොදු දේපල පනත ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ සිදුකල පොදු දේපල විනාශයන්ට ඵරෙහිව බවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...