The Leader News
BREAKING
රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●
Top Ad
පුවත්

චෙම්මනි සමූහ මිනීවල නොබලාම ජනපති රිය පෙල ගමනේ

T

The Leader Desk

September 3, 2025 • 6:29 AM

චෙම්මනි සමූහ මිනීවල නොබලාම ජනපති රිය පෙල ගමනේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 1 වැනිදා යාපනයේදී පවසා තිබුනේ චෙම්මනි මිනි වළ සම්බන්ධයෙන් සැගවීමට කිසිවක් නොමැති බවයි.
  • දෙවැනි අදියරේ කැනීම් කටයුතු සිදු කළ 41 වැනි දිනය වු සැප්තැම්බර් 2 වැනි අගහරුවාදා පුද්ගලයන් හතර දෙනකුට අයත් අස්ථි අළුනින් මතු කරගත් අතර මේ වන විට චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් පුද්ගලයන් 222 දෙනකුට අයත් අස්ථි මතු කරගෙන තිබේ.
  • ඒවායින් පුද්ගලයන් 206 දෙනකුට අයත් අස්ථි මේ වන විටත් ගොඩ ගෙන අවසන් බවයි කැනීම් කටයුතු වාර්තාකරණයේ යෙදී සිටින පළාත් බද වාර්තාකතරුවන් පවසන්නේ.
  • යාපනය මයිලිඩ්ඩි ධිවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කිරීම වෙනුවෙන් යාපනයට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 1 වැනිදා පවසා තිබුනේ චෙම්මනි සමුහ සුසානය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 1 වැනිදා යාපනයේදී පවසා තිබුනේ චෙම්මනි මිනි වළ සම්බන්ධයෙන් සැගවීමට කිසිවක් නොමැති බවයි.

දෙවැනි අදියරේ කැනීම් කටයුතු සිදු කළ 41 වැනි දිනය වු සැප්තැම්බර් 2 වැනි අගහරුවාදා පුද්ගලයන් හතර දෙනකුට අයත් අස්ථි අළුනින් මතු කරගත් අතර මේ වන  විට චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් පුද්ගලයන් 222  දෙනකුට අයත් අස්ථි මතු කරගෙන තිබේ.

ඒවායින් පුද්ගලයන් 206 දෙනකුට අයත් අස්ථි මේ වන විටත්  ගොඩ ගෙන අවසන් බවයි කැනීම් කටයුතු වාර්තාකරණයේ යෙදී සිටින පළාත් බද වාර්තාකතරුවන් පවසන්නේ.

 

යාපනය මයිලිඩ්ඩි ධිවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කිරීම වෙනුවෙන් යාපනයට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 1 වැනිදා පවසා තිබුනේ චෙම්මනි සමුහ සුසානය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

 

"දැනුත් ආන්දෝලනයට තුඩුදී තිබෙනවා චෙම්මනි මිනි වළ. අපි ඒ පිළිබද විධිමත් විමර්ශනයක් ආරම්භ කරලා තියනවා. අපිට සඟවන්න කිසි දෙයක් නැ. හැබැයි අපි ඒවා පිළිබඳව විමර්ශනය කරන්නේ කුමක් වෙනුවෙන්ද? අනාගතයේ යලි එවැනි තත්වයක් ඇතිවීම වළක්වාගැනීම වෙනුවෙන්. "

කටුක අතීතය ස්මරණය කළ යුත්තේ ඇයිද යන්නත් එහිදී පැවසු ජනාධිපතිවරයා අද දිනයේ චෙම්මනී මිනි වළ නිරීක්ෂණය නොකරම එය ඉදිරිපිටින් යාපනයේ සිට මුලතිව් දක්වා රථ සමුහයක් පිරිවරා ගමන් ගන්නා අයුරු ජනමාධ්‍යවේදීන් රූගත කර තිබේ.

වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේවගේ  සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025  මැයි 15 වැනිදායි.

ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල දරුවන් 28ක ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.

 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...