The Leader News
BREAKING
රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●
Top Ad
පුවත්

උතුරට යළි ජීවය; ජනතාවට ශක්තිමත් ආර්ථිකයක්; ජනපති පුදුකුඩුඉරිප්පුවේ දී සහතික වේ

T

The Leader Desk

September 3, 2025 • 9:51 AM

උතුරට යළි ජීවය; ජනතාවට ශක්තිමත් ආර්ථිකයක්; ජනපති පුදුකුඩුඉරිප්පුවේ දී සහතික වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ලෝක පොල් දින සැමරුමට සමගාමීව “රටම සරු කරයි නිරතුරු - කප්තුරු සවිය” යන තේමාව යටතේ ඊයේ (02) පුදුකුඩුඉරිප්පු නගරයේදී පැවති උතුරු පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.
  • පසුගිය ජනාධිපතිවරණයේ දී වත්මන් රජය කෙරෙහි විශ්වාස තබමින් පියවරක් ඉදිරියට තැබූ එම ජනතාව ජයග්‍රහණය කරා ඉදිරියට ගෙන යන බව පැවසූ ජනාධිපතිවරයා, උතුරට නව ආර්ථික අවස්ථා උදා කර දීම වෙනුවෙන් කර්මාන්ත කලාප ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේ ය.
  • මේ යටතේ 2025 වසරේ නව පොල් ඉඩම් අක්කර 16,000ක් වගා කිරීම සඳහා උතුරු ප්‍රදේශයේ වගාකරුවන්ට ඉහළ අස්වැන්නක් සහිත පොල් පැළ ලබා දීමට සහ එම ඉඩම් සංවර්ධනය කිරීම සඳහා පසුගිය අයවැයෙන් රුපියල් මිලියන 500ක් වෙන් කර ඇත.
  • උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 නියෝජනය කරමින් පොල් වගා කරන ගොවීන් වෙනුවෙන් රජයේ සහනාධාර සඳහා වූ හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ලෝක පොල් දින සැමරුමට සමගාමීව “රටම සරු කරයි නිරතුරු - කප්තුරු සවිය” යන තේමාව යටතේ ඊයේ (02) පුදුකුඩුඉරිප්පු නගරයේදී පැවති උතුරු පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

පසුගිය ජනාධිපතිවරණයේ දී වත්මන් රජය කෙරෙහි විශ්වාස තබමින් පියවරක් ඉදිරියට තැබූ එම ජනතාව ජයග්‍රහණය කරා ඉදිරියට ගෙන යන බව පැවසූ ජනාධිපතිවරයා, උතුරට නව ආර්ථික අවස්ථා උදා කර දීම වෙනුවෙන් කර්මාන්ත කලාප ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේ ය.

AKD t1
2025 වසරේ නව පොල් ඉඩම් අක්කර 16,000ක්


එසේම, උතුරේ ජනතාවගේ ඉඩම් අයිතිය, භාෂා සහ සංස්කෘතික අයිතිය සුරැකීම මෙන්ම  අතුරුදන් වූවන්ට සිදු වූයේ කුමක්ද යන්න දැන ගැනීමේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන්ද රජය කැප වී සිටින බව පැවසූ ජනාධිපතිවරයා රජයේ අරමුණ රට තුළ ජාතික සමගිය නිර්මාණය කිරීම බවත්, ඒ වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ කිසිදු පැකිළීමකින් තොරව ගන්නා බවත් සඳහන් කළේය.

 

පේදුරුතුඩුව - සිලාවතුර - කෝකිලායි යන නගර තුන යා කරමින් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පොල් පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත උතුරු පොල් ත්‍රිකෝණය ස්ථාපිත කෙරේ. මේ යටතේ 2025 වසරේ නව පොල් ඉඩම් අක්කර 16,000ක් වගා කිරීම සඳහා උතුරු ප්‍රදේශයේ වගාකරුවන්ට ඉහළ අස්වැන්නක් සහිත පොල් පැළ ලබා දීමට සහ එම ඉඩම් සංවර්ධනය කිරීම සඳහා පසුගිය අයවැයෙන් රුපියල් මිලියන 500ක් වෙන් කර ඇත.

 

 

වසර 03 තුළදී එම ඉඩම් ප්‍රමාණය අක්කර 40,000ක් දක්වා ඉහළට

2025 සිට 2027 වර්ෂය දක්වා වන වසර 03 තුළදී එම ඉඩම් ප්‍රමාණය අක්කර 40,000ක් දක්වා ඉහළ නැංවීම මගින් උතුරු පළාතේ පොල් කර්මාන්ත ස්ථාපිත කරමින් ජනතාවගේ ජන ජීවිතය ඉහළ මට්ටමකට ගෙන ඒමටත්, පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ලැබෙන ආදායම වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 70කින් වැඩි කර ගැනීමත් අපේක්ෂා කෙරේ.

උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 නියෝජනය කරමින් පොල් වගා කරන ගොවීන් වෙනුවෙන් රජයේ සහනාධාර සඳහා වූ හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

2025 ලෝක පොල් දින සැමරුම වෙනුවෙන් සම්පාදනය කළ සඟරාව ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර, ජාත්‍යන්තර පොල් ප්‍රජාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නුවන් චින්තක විසින් ජාත්‍යන්තර පොල් ප්‍රජාවේ ඇගයීම් සහතිකය ශ්‍රී ලංකාවට ලැබුණු බවට වන සහතිකය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගැන්වී ය.

AKD t 2
මෙම උත්සව සභාව අමතමින් වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා...

අතුරුදන් වූවන්ට සිදු වූයේ කුමක්ද යන්න දැන ගැනීම ඔවුන්ගේ මූලික අයිතියක්
 

''අපි දන්නවා මේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය පසුගිය කාලයේ විශාල ලෙස යුද ගැටුම්වලට මුහුණ දුන් ප්‍රදේශයක්. එම ගැටුම් හේතුවෙන් මේ ප්‍රදේශයේ ජනතාවට සියල්ල අහිමි වුණා. පසුගිය මැතිවරණයේ දී මම මේ ප්‍රදේශයේ ජනතාව හමු වුණා. විනාශ වූ මේ ප්‍රදේශයට සහ ජනතාවට යළි ජීවය කැටුව ඒමේ අවශ්‍යතාව අපට තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය මැතිවරණවලදී මේ ප්‍රදේශවල ජීවත් වන ජනතාව අප කෙරෙහි විශ්වාසය තබමින් ප්‍රබල ඉදිරි පියවරක් තබනු ලැබුවා.

 

අප කෙරෙහි විශ්වාස තබමින් පියවරක් ඉදිරියට තැබූ ජනතාව ජයග්‍රහණය දක්වා ඉදිරියට ගෙන යාම අපේ අපේක්ෂාවයි. ඒ සඳහා අපි ක්ෂේත්‍ර කිහිපයක වැඩ ආරම්භ කර තිබෙනවා. පළමුව මෙම ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කළ යුතුයි. ඉඩම් අයිතිය, භාෂාමය අයිතිය සහ සංස්කෘතික අයිතිය මෙන්ම අතුරුදන් වූවන්ට සිදු වූයේ කුමක්ද යන්න දැන ගැනීමේ අයිතිය ඔවුන්ගේ මූලික අයිතීන් ලෙස අපි දකිනවා. එම අයිතීන් ආරක්ෂා කිරීම සඳහා වූ පියවර රැසක් අපි ආරම්භ කර තිබෙනවා.

 

ගොවි පවුල් 12,000ක නියෝජනයක්

WhatsApp Image 2025 09 03 at 1.35.24 PM
දෙවනුව, අපි ඔවුන්ගේ ආර්ථිකය ඉහළට ඔසවා තැබිය යුතුයි. ඔවුන්ගේ අහිමි වූ ආර්ථික අවස්ථා ලබා දෙමින් ශක්තිමත් ආර්ථිකයක් සකස් කර දීමේ වගකීම අපි රජයක් ලෙස භාර ගන්නවා. ඒ වෙනුවෙන් ද අපි මේ වන විට පියවර රැසක් ගෙන තිබෙනවා. උතුර කේන්ද්‍ර කරගත් නව කර්මාන්ත කලාප ඇති කිරීම, නව පිබිදීමක් ඇති කළ හැකි සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම, වගා සඳහා අවශ්‍ය ජලය ඇතුළු පහසුකම් ලබා දීම වගේම එහි ප්‍රධාන අංගයක් ලෙස අද මෙම පොල් වගා ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. 

 
මේ යටතේ, මේ වසරේ පොල් අක්කර 16,000ක් වගා කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. ආසන්න වශයෙන්, ගොවි පවුල් 12,000ක් පමණ නියෝජනය කරනවා. එම ජනතාවගේ ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය විශාල පිටිවහලක් වනු ඇතැ’යි අපි විශ්වාස කරනවා.

ඒ වගේම, අනෙක් පියවර වන්නේ සංස්කෘතික වශයෙන් අපි අතර ඇති කර ගත යුතු ඒකාබද්ධතාවය යි. ඒ සඳහා අපි සියලුදෙනාට එක් ව සැමරිය හැකි දිනයක් අපි නම් කර තිබෙනවා. ක්‍රීඩාවෙන් අන්තර් සබඳතා ගොඩනඟා ගැනීම සඳහා අපි වෙහෙසෙනවා. බෙදී වෙන් වී සිටි ජනතාව යළි ඒකාබද්ධ කර ගැනීමේ විශාල ප්‍රයත්නයක අපි නිරත වෙනවා.
 
ජාතිවාදී දේශපාලනයට යළි මේ රටේ ඉඩක් නැහැ
WhatsApp Image 2025 09 03 at 1.35.23 PM 2
මෙහි සිටින අයගේ ජීවිතවලින් විශාල කාලයක් ගෙවා දැමුවේ යුද්ධය සමගයි. එකිනෙකා පිළිබඳ අවිශ්වාසයෙන්, සැකයෙන්, අවි අමෝරාගෙන වසර තිහක කාලයක් සටන් කළා. එය අපේ රටේ සිදු වූ විශාල ඛේදවාචකයක්. මේ නිසා අපේ රටේ ජනතාව ඈත් වුණා. මේ හේතුවෙන් ජාතිවාදී දේශපාලනයක් ඇති වුණා. උතුරේත්, දකුණේත් බලය ලබා ගැනීමේ ප්‍රධාන මෙවලම බවට ජාතිවාදය පත් වුණා. එම තත්ත්වය පසුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ ජනතාව විසින් පරාජය කරනු ලැබුවා. යළි මේ රටේ ජාතිවාදී දේශපාලනයට අපි ඉඩ තබන්නේ නැහැ.
 
ඒ වගේම ජනතාව ලෙස ඔබත්, මේ ජාතිවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කළ යුතුයි කියා මම විශ්වාස කරනවා. අපේ ආණ්ඩුවේ අරමුණ සමගිය නිර්මාණය කිරීමයි. ඒ සඳහා ගත හැකි, ආන්දෝලනයට තුඩු දිය හැකි තීන්දු-තීරණ ගැනීමට අපි කිසිසේත්ම බිය වන්නේ නැහැ. ඒ වගේම පැරණි, විනාශකාරී, ජාතිවාදී ඝෝෂාවන්ට අපි ගනු ලබන ප්‍රගතිශීලි ක්‍රියාමාර්ග ආපසු හැරවීමට ඉඩ දෙන්නේ නැහැ.
 
ලෝකයේ ආකර්ෂණය දිනා ගත් සහ ගෞරවයට පාත්‍ර වූ රටක්
 
WhatsApp Image 2025 09 03 at 1.35.31 PM 1
මෙම ප්‍රදේශවල ජනතාව විශාල ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විදිනවා. පියවරින් පියවර එම ගැටලුවලට විසදුම්  ලබා දීමට අපි කටයුතු කරනවා. පසුගිය වසරකට ආසන්න කාලය තුළ ඊට අවශ්‍ය මුලික පදනම අපි සකස් කර තිබෙනවා. අද දේශපාලන අධිකාරියෙන් මුළුමනින්ම වංචා, දූෂණ ඉවත් කර තිබෙනවා. රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට, නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීමට අපි කටයුතු කරනවා. ඒ වගේම භාණ්ඩාගාරයට ලැබෙන ආදායම් ඉහළ නංවා ගැනීමට අපි කටයුතු කර තිබෙනවා.  නැවත ණය ගෙවීමට හැකි ශක්තිමත් ආර්ථිකයක් රට තුළ නිර්මාණය කිරීමට අපි වෙහෙසෙනවා.

ඒ වගේම, අතරමග නැවතී තිබූ සංවර්ධන ව්‍යාපෘති වගේම නව ව්‍යාපෘති රැසක් යළි ආරම්භ කිරීමට අපි කටයුතු කර තිබෙනවා. සියලු ක්ෂේත්‍රයන්හි නව සංවර්ධනයක් අපි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, මේ රට අලුත් රාජ්‍යයක් බවට පත් කිරීමේ පදනම අපි දමා තිබෙනවා. මෙම පදනම මත අපි මේ රට ගොඩනඟනවා. ලෝකයේ ආකර්ෂණය දිනා ගත් සහ ගෞරවයට පාත්‍ර වූ රටක් බවට අපි ශ්‍රී ලංකාව පත් කරනවා. එම ගමනේදී ඔබ සියලු දෙනාගේ සහාය අපි අපේක්ෂා කරනවා. කිසිදු භේදයකින් තොරව මේ රට නව පරිවර්තනයක් කරා ගෙන යාමේ ගමනට එක් වෙමු’යි කියා මම ඔබට ආරාධනා කරනවා.''
 

 
මහා සංඝරත්නය සහ ආගමික පූජකවරුද, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ යන මහත්වරුන් ඇතුළු මැතිඇමතිවරුද, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන අය ද, යාපනය, කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද, විදේශ රටවල නියෝජිතයෝ ද, පොල් පර්යේෂණ ආයතනය, පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය, හලාවත වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නියෝජිතයෝ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

උතුරට යළි ජීවය; ජනතාවට ශක්තිමත් ආර්ථිකයක්; ජනපති පුදුකුඩුඉරිප්පුවේ දී සහතික වේ | The Leader