අඛණ්ඩව දෙවැනි දිනටත් පවත්වන්නට සිදු වූ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMO) සඳහන් කරයි.
ඔවුන් මෙසේ සඳහන් කරන්නේ එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
එම නිවේදනයට අනුව සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් තම වගකීම් ඉටු නොකිරීමේ පසුබිමක රත්නපුර රෝහලේ ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රත්නපුර ශික්ෂණ රෝහල් ශාඛාව ඊයේ (02) උදෑසන 08.00 සිට ආරම්භ වන පරිදි පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් රත්නපුර ශික්‍ෂණ රෝහල තුළ ආරම්භ කර ඇත.
එහෙත් අද දින උදෑසන වනතුරුත් මෙම අර්බුදය විසඳීම සඳහා කිසිදු සාධනීය විසඳුමක් ලබාදීමට, සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් අසමත් වීම ඇතුළු ප්‍රවණතා සමාලෝචනය කරමින් අද (03) උදෑසන 08.00 ට අවසන් වීමට තිබූ සංකේත වැඩ වර්ජනය, අඛණ්ඩව දෙවැනි දිනටත් දීර්ඝ කිරීමට, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ රත්නපුර රෝහල් ශාඛාව තීරණය කර ඇත.
මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.




