එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව සඳහන් කෙරේ.
එම නිවේදනයට අනුව ඇමරිකාව වෙනුවෙන් මෙරට ඇමරිකා තානාපති ජූලි චන්ග් සහ මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ විධායක ජෙනරාල් ට්‍රෙන්ටන් ගිබ්සන් මෙයට අත්සන් කර ඇත. ලංකාව වෙනුවෙන් අත්සන් කර ඇත්තේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ය.
මෙම ගිවිසුම එක්සත් ජනපද යුද දෙපාර්තමේන්තුවේ 'රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන' (SPP) යටතේ අත්සන් කළ බවද වාර්තා වී ඇතැයි පෙරටුගාමි සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
මතු පළ වන්නේ මේ සම්බන්ධයෙන් පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් නිකුත් කරනු ලැබ ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.





