The Leader News
BREAKING
Top Ad
පුවත්

වතු කම්කරුවන් ගේ දීමනාව නීත්‍යනුකුලව ගෙවනවා නම් ඒ වෙනුවෙන් අත් දෙක ම උස්සනවා - රෝහිණී කවිරත්න

T

The Leader Desk

November 17, 2025 • 10:59 AM

වතු කම්කරුවන් ගේ දීමනාව නීත්‍යනුකුලව ගෙවනවා නම් ඒ වෙනුවෙන් අත් දෙක ම උස්සනවා - රෝහිණී කවිරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මන්ත්‍රීවරිය මෙම අදහස් ප්‍රකාශ කළේ අද (17) පාර්ලිමේන්තුවේ දී ය.
  • පෙරේරා මම දැක්කා ඊයේ ප්‍රකාශක් කරනවා ඒක නිවැරදියි.
  • රටේ සියලුම ආයතන 2024 අංක 44 දරණ රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනත අනුව කටයුතු කළ යුතු බව නීතිපතිවරයා කතානායකවරයාට දන්වා එවා තියෙනවා කියලා.
  • මොකද නීතිපතිතුමා කියනවා, රාජ්‍ය මුල්‍ය ගැන තියෙන ඉහළ ම පනත තමයි 2024 අංක 44 පනත කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):


මන්ත්‍රීවරිය මෙම අදහස් ප්‍රකාශ කළේ අද (17) පාර්ලිමේන්තුවේ දී ය.

මතු පළ වන්නේ මන්ත්‍රිවරිය පාර්ලිමේන්තුවේ දී කළ සම්පුර්ණ කතාව යි.

මේක රෝහිණී කවිරත්න ගේ මතය තමයි  

''පහුගිය සතියේ පාළු ගේ වළන් බිදිනවා වගේ තත්වයක් තිබුණා. පෞද්ගලික හේතුවක් නිසා මට එන්න බැරි වුණා. නැතුව බයකට ඡන්දය දෙන්න නාවා නොවේ කියලා මම කියන්න ඕනි. මා මිත්‍ර උගත් නීතිඥතුමා අජිත් පී. පෙරේරා මම දැක්කා ඊයේ ප්‍රකාශක් කරනවා ඒක නිවැරදියි. මේක රෝහිණී විජේරත්න ගේ මතය මිස සමගි ජන බලවේගයේ මතය නෙවෙයි. මේ පාර්ලිම්න්තුවේ අපි නීති සම්පාදකයින්. මේ නීති සම්පාදනය කරනකොට අපිට ගැටලුවක් මතුවෙනවා නම්, අපිට ඒකට සංවාදයක් තියෙන්න ඕනි. සංවාදයක් තිබුණොත් තමයි ප්‍රශස්ත යෝජනාවක් බිමට යන්නේ. අන්න ඒ කටයුත්ත තමයි මම එදා කළේ. අය වැය යෝජනාවේ මම දැකපු යෝජනාව මම ඔබට පෙන්නුවා.

මගේ නිවස වටේ ඉන්නේ වතු ප්‍රජාව. මගේ ගෙදර ඉස්සරට එනකොට, කබරගල ඉඳන්, පිටකන්ද ඇල්කඩුව වැවිලි සමාගම, මගේ ගෙදර වටේ රාජ්‍ය වැවිලි සංස්ථාව, මේ වතු ශ්‍රමිකයෝ අපි සහෝදරයෝ වගේ ජීවත් වෙන වෙලාවක මට මොළේ අමාරුවක් නෑ වතු ශ්‍රමිකයින්ට දෙන දීමනාව වැඩි කරනවාට විරුද්ධ වෙන්න. මම මගේ අත් දෙකම උස්සනවා, මේක නිත්‍යානුකුලව දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම්. අපි ඒක හදන්න ඕනි. අන්න ඒකට තමයි, මේ සභාව භාවිතා  කරන්න ඕනි. එහෙම නැතුව මඩ ගහගන්න නෙවෙයි.

මම කියනවා සමගි ජනබලවේගයේ මතය බොහෝ මන්ත්‍රීවරු කතා කළා. විපක්ෂ නායකතුමත් පැහැදිලි කළා.

 

මම කියනවා,  මම වතු ශ්‍රමිකයා අන්දනවාට විරුද්ධයි. වතු ශ්‍රමිකයාව හැමදාම අන්දවලා, නොයෙකුත් බොරු පොරොන්දු දීලා. ඒ අය නොමග යවපු කාලෙ අවසන් කළ යුතු යි.

 

පාර්ලිමේන්තු කාර්ය භාරය යනු කුමක් ද...?

ඊයේ සන්ඩේ ටයිම්ස් පුවත්තරේ තියෙනවා, මෙකෙන් කියන්නේ කුමක් ද?

රටේ සියලුම ආයතන 2024 අංක 44 දරණ  රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනත අනුව කටයුතු කළ යුතු බව නීතිපතිවරයා කතානායකවරයාට දන්වා එවා තියෙනවා කියලා. කතානායකතුමා අහපු ප්‍රශ්නය මම අහනවා; කාගෙන් ද? විගණකාධිපතිවරයාගෙන්, අල්ලස් කොමිසමෙන්, ප්‍රසම්පාදන කොමිෂන් සභාවෙන්.

මේක හරිද? වැරදි නම් නිවැරදි ක්‍රමය හදලා දෙන්න ඕනි. මොකද නීතිපතිතුමා කියනවා, රාජ්‍ය මුල්‍ය ගැන තියෙන ඉහළ ම පනත තමයි 2024 අංක 44 පනත කියලා. මේක මගේ මතය, මම ඒ මතය වෙනුවෙන් පෙනී සිටිනවා. මම පාර්ලිමේන්තු කාර්ය භාරය කියන්නේ මොකක්ද කියලා පැහැදලි කළා. මේක අහගන්න හොඳම අයගෙන් තමයි, මම අහලා තියෙන්නේ. ඒ නිසා මම මේ යෝජනාව නිවැරදි කරන්න කියලා තමයි මම මගේ ලිපියෙන් අහන්නේ.

ඒ ලිපියේ මම කියනවා, වතු කම්කරු වැටුප රු. 2000 දක්වා වැඩි කළ යුතුයි.  ඒකට ඔබලා විරුද්ධ ද? මම ඒ ලිපියෙන් අහනවා, පුද්ගලික වතු සමාගම් 21 ක තෝරාගත් දින 25 ඉක්වමා වැඩ කරන ශ්‍රමිකයින්ට පමණක් නෙවෙයි, එහෙම අය ඉන්නවා නම් ඉන්නේ මුරකාරයයි, කෝකියයි, ෆැක්ටරියේ වැඩ කරන අයයි විතරයි. දින 25 වැඩ කරන අයට විතරක් නෙවෙයි අනිත් අයටත් ඕනි! කුඩා හා මධ්‍ය පරිමාණ වතු මේ රටේ තේ ආර්ථිකයට 75% ක් දායකත්වය දෙනවා. ඒ අය මේකෙන් අයින් කරන්න එපා! ඒ අයටත් මේක ගෙවන්න කියලා.

හැමෝට ම දෙන්න පුළුවන් ක්‍රමයක් හදන්න

 

මම දැක්කා ඒ දවස්වල අනුර කුමාර දිසානායක විපක්ෂයේ ඉන්න කොට කියනවා, 1700 නොදෙන වතු ආණ්ඩුවට පවරා ගන්න කියලා. මම අහනවා, මේ ගෙවීම, 2024 අංක 44 දරණ රාජ්‍ය මුල්‍ය කළමනාකරණය පනත ට එකඟ ද? නැද්ද? නීතිපති කියනවා ඒ පනත තමයි, උත්තරීතර කියලා. තවම මට විගණකාධිපතිතුමා නම් උත්තර එවලා නෑ.

 

රටේ වතු සේවකයෝ ලක්ෂ හතර හමාරක් ඉන්නවා. එකෙන් වතු සමාගම්වල සේවකයෝ ඉන්නේ 101,000 යි. එකෙන් වැඩ කරන්නේ 50,000ක් විතරයි. අපි කියමු  20,000 යි කියලා. හාර ලක්ෂ හැට දහසකට මේක  හම්බවෙන්නේ නෑ. එහෙම නම්: මන්ද පෝෂණය තියෙන, වහලේ සිදුරු වෙලා වැස්සට තහඩුව යටින් වතුර වැටෙනවා.  ගෙදර පොළොවේ උල් දිය මතු වෙනවා, ඒවා ඇහින් දැකපු අත්විදපු කෙනෙක් මම. එහෙම අය මේ 20,000 ඇතුළේ නෑ. එහෙමනම් අපි සාධාරණීකරණය කරන්න ඕනි මේ සියළු දෙනාට ම. ‘සමානයන් වෙනස් කොට සැලකීම’ කියන එක මේක ඇතුළේ සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මම කිව්වේ, හැමෝට ම දෙන්න පුළුවන් ක්‍රමයක් මේක තුළ හදන්න කියලා.

මගේ මතය වෙනුවෙන් මම පෙනී සිටිනවා

මේකට වියදම් කරන්නේ ඒකාබද්ධ අරමුදලේ මුදල්. එහෙනම් ඒක නීතියට අනුකුල වෙන්න ඕනි. එහෙම නොවුනොත් මම අහනවා විගනකාධිපතිතුමාගෙන්, මේකට අත්සන් කරන වැවිලි කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමා, අය වැය අධ්‍යක්ෂතුමා, වතු සමාගම්වල ප්‍රධානීන් හිරේ යනවාද? නැද්ද? දැන් එහෙම දේවල් වෙලා තියෙනවා. ඔව් ද? නැද්ද? එහෙම නෑ කියලා කියනවා නම්, මේවා අපි ගෙවමු.

 

කෝප් එකේ අපි දකිනවා විගණකාධිපතිතුමා, හැමදාම ඇවිල්ලා මේ මුල්‍ය කලමනාකරණ පනත ඉස්සරහට අරගෙන මේ ප්‍රශ්න කරන්නේ. එතකොට එතුමාට, මේ කෝප් එක ඇතුළෙ කරන්න වැඩක් නැතුව යනවා. මම අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් අහනවා අල්ලස කියන වරද මේකෙන් වෙන්නේ නැද්ද? හරි වෙන්නේ නැති නම්, අපි ගෙවමු! 1700 නෙවෙයි, 2000 ක් ගෙවමු. අද 20,000ට දින 25 වැඩ කරන කම්කරුවාට පමණක් නෙවෙයි මේ වතු ශ්‍රමිකයෝ සියලු දෙනාට මේක ගෙවන්න සමගි ජන බලවේගය ඇතුළුව රෝහිණී විජේරත්නත් එකඟයි. මෙන්න මේක සභාගත කරන්න ඕනි.

 

අපි මේ වතු කම්කරුවා ගේ තියෙන සැබෑ ගැටලුව දඩමීමා කරගෙන ඒ අය එළියට දාලා පින්තුර පුච්චලා තමන්ගේ දේශපාලන වාසිය ගන්න මම හිතනවා, එක තුච්ච වැඩ! මම එදත්, අදත් හෙටත් වතු ශ්‍රමිකයා වෙනුවෙන් එදා පෙනී සිටියා වගේ ම හෙටත්, පෙනී ඉන්නවා. ඔයගොල්ලෝ පෙලපාලි නෙවෙයි, පින්තුර පිච්චුවත්, මාව පාරේ මරලා දැම්මත් මේ අයට හොඳ ක්‍රමයක් ලැබෙන කම් මගේ සටන මම ගෙනියනවා. මගේ මතය වෙනුවෙන් මම පෙනී ඉන්නවා. මොකද මන්දපෝෂණය තියෙන්නේ, වහලේ හිල් තියෙන්නේ, පොළොවේ උල් දිය මතුවෙන්නේ, අර කියන ප්‍රධාන වැවිලි සමාගම් 21 අය ගෙ නෙවෙයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේනවා. මම කියනවා, කියවන්ඩ ලියන්ඩ විතරක් නෙවෙයි, කියපු දෙයක් තේරුම් ගන්න පුළුවන්, සමාජයක් බිහිකරන්න ඕනි, එහෙම නිසා තමයි අපිට විදේශ ඇමති අර පට්ට සිංහලෙන් ලියපු ලිපිය කියවලා අවබෝධ කර ගන්න බැරි වුණේ කියලා මම අවසන් කරනවා.''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වතු කම්කරුවන් ගේ දීමනාව නීත්‍යනුකුලව ගෙවනවා නම් ඒ වෙනුවෙන් අත් දෙක ම උස්සනවා - රෝහිණී කවිරත්න | The Leader