The Leader News
BREAKING
Top Ad
පුවත්

අභිචෝදක කාර්යාල යෝජනාවට විරුද්ධ වෙන්නැයි ගම්මන්පිල ජනතාවගෙන් ඉල්ලයි

T

The Leader Desk

November 17, 2025 • 3:58 PM

 අභිචෝදක කාර්යාල යෝජනාවට විරුද්ධ වෙන්නැයි ගම්මන්පිල ජනතාවගෙන් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ම අභිචෝදක කාර්යාල යෝජනාවට විරුද්ධ වෙන ලෙස ඉල්ලා සිටින්නේ යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
  • ඔහු මෙම අදහස් පළ කළේ එම පක්ෂය අද (17) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
  • එකක් තමයි ආණ්ඩුවේ නීතිඥයා ලෙස කටයුතු කිරීම.
  • දෙවැනි එක තමයි අපරාධ නඩු වලදී අධිකරණයේ දී චෝදනා ගොනු කිරීමේ අභිචෝදක ලෙස කටයුතු කිරීම.
අකුරු ප්‍රමාණය (Font Size):

ම අභිචෝදක කාර්යාල යෝජනාවට විරුද්ධ වෙන ලෙස ඉල්ලා සිටින්නේ යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ එම පක්ෂය අද (17) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල...

අභිචෝදක කාර්යාලය යනු කුමක් ද...?

''ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමේ ආණ්ඩුවේ වෑයමට නිල වශයෙන් සිය විරෝධය පළ කරන්න නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින්ගේ සංගමය තීරණය කරලා.  ඒ අභීත තීන්දුවට අපි නීති නිලධාරින්ගේ සංගමයට හිස නමා ආචාරය පුද කරනවා.  යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියේ ස්වාධීනත්වය රැක ගන්න අපිට මතක ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි නීති නිලධාරින්ගේ සංගමය මැදිහත් වෙන්නේ. ඒක ඉතාම හොඳ ප්‍රවණතාවයක්.


මොකක්ද මේ අභිචෝදක කාර්යාලයක් කියන්නේ? නීතිපති දෙපාර්තමේන්තුව දැනට ප්‍රධාන රාජකාරි දෙකක් කරනවා. එකක් තමයි ආණ්ඩුවේ නීතිඥයා ලෙස කටයුතු කිරීම. දෙවැනි එක තමයි අපරාධ නඩු වලදී අධිකරණයේ දී චෝදනා ගොනු කිරීමේ අභිචෝදක ලෙස කටයුතු කිරීම. මෙන්න මේ වගකීම නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගලවලා අලුත් ම ආයතනයකට භාර දෙන්න තමයි ආණ්ඩුව උත්සාහ කරන්නේ.


බෙදුම්වාදින් ගේ උත්සාහය

කොටි ත්‍රස්තවාදය පරාජය කරලා අපේ රටට සාමය උදා කරපු රණවිරුවන් සමග බෙදුම්වාදි බලවේග ඉන්නේ දැවැන්ත වෛරයකින්.  ඒ නිසා තමන්ගේ සිහින බොඳ කරපු රණවිරුවන්ගෙන් පළි ගැනීමට ඔවුන්ට විරුද්ධව අපරාධ නඩු පැවරීමේ වෑයමක බෙදුම්වාදින් යෙදී ඉන්නේ යුද පරාජය අත් වුණු දවසේ ඉඳන්ම යි. නමුත් කෙතරම් මුදල් වැය කලත් කෙතරම් බලපෑම් කලත් නීතිපති දෙපාර්තමේන්තුව රණවිරු දඩයමට නම්මා ගැනීමට ඔවුන්ට බැරි වුණා.  නිලධාරින් කිහිපදෙනෙක් රණවිරු දඩයමට බෙදුම්වාදින්ගේ පැත්තේ හිට ගත්තත් දෙපාර්තමේන්තුවක් විධියට සමස්තයත් විශේෂයෙන් ම නීතිපතිවරුත් යුක්තිය පැත්තේ හිට ගත්තා. විශේෂයෙන්ම වර්තමාන නීතිපතිතුමා කොන්ද කෙළින් තියා ගෙන බොරු අත්අඩංගුවට ගැනීම් බොරු නඩු පැවරීම් අවස්ථා ගණනාවක දී ප්‍රතික්ෂේප කරපු බව අපි දන්නවා.  ජනාධිපතිතුමා නීතිපතිතුමාව තමන් ගාවට ගෙන්නා ගෙන නඩු පිළිබඳ ප්‍රශ්න කළා කියලත් මාධ්‍යවල වාර්තා වුණා නෙ...  

ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුව හරහා රණවිරු දඩයම කරන්න බෑ කියලා බෙදුම්වාදින් තේරුම් අරගෙන ඉන්නේ. අන්න ඒ නිසා තමයි අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා අපරාධ නඩු පැවරීම නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගලවලා ඉවතට ගන්න බෙදුම්වාදින් හදන්නේ.

වයින් බෝතලයක් තනියම බිව්ව ජපන් ජෙප්පා

බෙදුම්වාදි බලවේග එක පැත්තකින් තමන්ට නටවන්න පුළුවන් ලංකාවේ දේශපාලන බලවේගවල මැතිවරණ ප්‍රකාශන ඇතුළට ඔය අභිචෝදක කාර්යාලය පිහිටුවීම දානවා.  අනිත් පැත්තෙන් මානව හිමිකම් සභාවේ ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන යෝජනාවලට බටහිර බලවතුන් හරහා මේ යෝජනාව දානවා.  2015 සිට ම ලංකාවට එරෙහිව ගෙනා යෝජනාවල මේ අභිචෝදක කාර්යාලය පිහිටුවීම දකින්න පුළුවන්.


නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් වරදක් නොකළොත් ජ්‍යෙෂ්ඨත්වය මත උසස්වීම් ලබනවා.  ඒ නිසා දේශපාලන මැදිහත්වීම් කරන්න අවස්ථාව අඩුයි.  නමුත් අලුතින් අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමේ දී නීතිපති බෑ කියන දේශපාලන නඩු වගේ ම රණවිරු නඩු පවරන්න කැමැති වෙන පක්ෂයේ හෙංචයියන් ඒකට පත් කර ගන්න පුළුවන්.   වයින් බෝතලයක් තනියම බිව්ව ජපන් ජෙප්පා වගේ අයව නඩු දාලා සතුටු කරන්න එතකොට ආණ්ඩුවට පුළුවන්.



21දා නුගේගොඩ රැස්වීමේ ප්‍රචාරක කටයුතු ජනාධිපතිතුමා ඇතුළු මාලිමාව භාර අරගෙන

අපි 21වෙනි දා නුගේගොඩ පවත්වන රැස්වීමේ ප්‍රචාරක කටයුතු ජනාධිපතිතුමා ඇතුළු මාලිමාව භාර ගැනීම අපට ලොකු සහනයක්.  ජනාධිපතිතුමා අයවැය ප්‍රකාශයට පත් කරන්න පාර්ලිමේන්තු ගියාම කතා කරන්නෙත් නුගේගොඩ රැස්වීම ගැන.  ඉල්විරු සැමරුමට ගියාම කතා කරන්නෙත් නුගේගොඩ රැස්වීම ගැන.  එතුමන්ලාට පින් සිද්ධ වෙන්න දැන් මේ රැස්වීම ගැන නොදන්නා කෙනෙක් නෑ. හොරු අල්ලනවාට බයේ කරන රැස්වීමක් කියලා ජනාධිපතිතුමා නුගේගොඩ රැස්වීම ගැන චෝදනා කළා.  අපි අතර හොරු ඉන්නවා නම් කරුණාකර අත්අඩංගුවට ගන්න.  ඒකට අපෙන් කිසිම බාධාවක් නෑ.  

අපි රැස්වීමක් කළා කියලා හොරු ඇල්ලීමට ඒකෙන් බාධාවක් වෙන්නේ කොහොමද කියන එක අපට නම් ප්‍රහේලිකාවක්. විශේෂයෙන් ම නුගේගොඩ රැස්වීම හොරු නඩුවලින් මිදෙන්න කරන උත්සහයක් ලෙස ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ මැතිඇමතිවරු සඳහන් කිරිම අධිකරණයට කරන අපහාසයක් විදියටයි අපි දකින්නේ. ඇයි නුගේගොඩ අපි ලොකු රැස්වීමක් කරලා සෙනඟ පෙන්නුවාම අපෙ වරදක් කරපු අයෙක් ඉඳලා නිදහස් වෙන්න පුළුවන් නම් මොකක්ද ඒකෙන් කියන්නේ නඩුකාරතුමන්ලා නඩුවල තීන්දු දෙන්නේ උසාවියේ ඉදිරිපත් වන කරණු අනුව නෙමෙයි; රැස්වීම්වල ඉන්න සෙනඟ අනුව කියලා.

සමන්ත ඇමතිට ඩිමෙන්ෂියා...?

ඉල් විරු සමරුවට ගිය සමන්ත විද්‍යාරත්න ඇමතිතුමා කියනවා 21වෙනි දා නුගේගොඩ රැස්වීමට 5,000ක් එන්නේ නෑ කියලා.  එතුමන්ලා හිතා ගෙන ඉන්නේ මේ ආණ්ඩුව තවමත් හරිම ජනප්‍රියයි කියලා.  පාර්ලිමේන්තු මැතිවරණයයි පළාත් පාලන මැතිවරණයයි අතර ගත වුණු මාස හයට 34%ක්ම ඡන්ද අඩු වුණා කියන එක මේ අයට අමතක වෙලා.  ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා හැදුණේ අවුරුදු 98 දී වුණත් සමන්ත ඇමතිතුමාට හැට වෙන්නත් කලින් ඩිමෙන්ෂියා හැදිලා කියලයි පේන්නේ.


මේ ආණ්ඩුව බලයට පත් වෙලා දැන් මාස 14ක්. පෝය 16ක්.  මේ රටේ ජනතාව මාලිමාවට ඡන්දය දුන්නේ අවුරුදු පහ පුරාවටම “ඔබයි දිනුම්” චිත්‍රපටිය තිරගත කරාවි කියන බලාපොරොත්තුවෙන් හැබැයි බලයට පත් වුණු දවසේ ඉඳන් අද වන තුරු තිරගත කරන්නේ “කඩවුණු පොරොන්දුව” විතරයි.  ඒ නිසා අපේක්ෂා භංගත්වයට පත් වුණු ජනතාව දුන් පොරොන්දු ඉටු කරනු කියලා ආණ්ඩුවට බල කරන්න 21වෙනි දා නුගේගොඩට ඇවිත් නුගේගොඩ එකම හිස් ගොඩක් කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.


ජනතාව 21 නුගේගොඩට එන හේතු

පළමු අයවැයෙන් ම පාසල් උපකරණවලට, වෛද්‍ය පරීක්ෂණවලට, ආහාර ද්‍රව්‍යවලට, තිබෙන වැට් බද්ද ඉවත් කරනවා කියලා පොරොන්දු වුණා.  පළමු අයවැයෙන් නොවේ දෙවන අයවැයෙන්වත් ඒක කලේ නෑ.  විදුලි බිලෙන් තුනෙන් එකක් අඩු කළෙත් නෑ.  පෙට්‍රල් සහ ඩීසල් රු150ට දුන්නෙත් නෑ.  ඒ නිසා ජීවන වියදමින් මිරිකී ඉන්න ජනතාව දුන් පොරොන්දු ඉටු කරනු කියන්න නුගේගොඩට ඒවි.

ඒ වගේම ගොවියාට දුන් පොරොන්දු ඉටු කරලත් නෑ.  වී ගොවියාට අද පොහොර ටික වෙලාවට ලැබෙන්නේ නෑ.  පොරොන්දු වුණු සහතික මිල දුන්නෙත් නෑ.  අල සහ ලූණු ගොවියාට සාධාරණ මිලක් දුන්නෙත් නෑ.  ඒ නිසා දුන් පොරොන්දු ඉටු කරනු කියන්න ගොවි ජනතාව රංචු ගැහිලා නුගේගොඩට ඒවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා වරම් දුන්නෙත් නෑ.  වසර හයක් පුරාවට ගුරු සේවයේ යෙදුණු සංවර්ධන නිලධාරින්ට ගුරු පත්වීම් දුන්නෙත් නෑ.  ගුරුවරුන්ගේ වැටුප් විෂමතා දුරු කළෙත් නෑ.  ආණ්ඩුවේ සේවකයින්ට මාස හයෙන් හයට පඩි වැඩි කිරීම් දුන්නෙත් නෑ.  ඒ නිසා ඒ පිරිසත් දුන් පොරොන්දු ඉටු කරනු කියන්න නුගේගොඩට ඒවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

හොරු අල්ලන පොරොන්දුව ඉටු කරනු!

මාලිමාවට බලය දෙන්න ප්‍රධානතම හේතුව වුණේ දේශපාලනයේ ඉන්න හොරු අල්ලනවා කියලා පොරොන්දු වීමයි.  මහජන මුදලින් රොකට් එකක් යැව්වාට හොරකම් කරපු සල්ලිවලින් පවුම් 90ක රත්තරන් මාලයක් බල්ලාට අරන් දුන්නාට, සොරකම් කළ මුදලින් පෙම්වතියට එංගලන්තයෙන් රත්තරන් අශ්වයෙකු අරන් දුන්නාට, චිචී නැතිනම් රෝහිත රාජපක්ෂ අත්අඩංගුවට ගනීවි කියලා අපි හිතුවේ.  ඒ වගේම හොරකම් කරපු මුදල් වලින් 2012.12.12 දා ලැම්බෝගිනි කාර් 19ක් ම මිල දී ගත්තාට නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමාව අත්අඩංගුවට ගනීවි කියලා ජනතාව හිතුවේ.  උගන්ඩාවේ ඩොලර් බිලියන 15ක් හැංගුවාට මහින්ද රාජපක්ෂ මැතිතුමාව අත්අඩංගුවට ගනීවි කියලා අපි හිතුවේ.  එක්කෝ මේ පොරොන්දු ඉටු කරන්න ඕනි.  නැතිනම් බොරු කියලා සමස්ත ජාතියම රැවටීම ගැන සමාව ගන්න ඕනි.  ඒ නිසා හොරු ඇල්ලීම ගැන දුන් පොරොන්දු ඉටු කරනු කියන්න විශාල පිරිසක් නුගේගොඩට ඒවි.

රටම එකට මත්ද්‍රව්‍ය විරෝධි රැස්වීම් මාලාව මාලිමාවේ ජාවාරමක් ;
'ඉවත් වෙනු' මුදල් නාස්තියක්...?

ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානින් සුගතදාස ශාලාවේ දැවැන්ත රැස්වීමක් තියලා කෝටි ගණනින් මහජන මුදල් නාස්ති කරලා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඉවත් වෙනු කියලා නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහන දියත් කළා.  ඒ රැස්වීමට ආරාධිතයෙකු ලෙස සහභාගි වුණු ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියැද්ද මහතා රූපවාහිනි වැඩසටහනකට සහභාගි වෙමින් ඒ උත්සවය මුදල් නාස්තියක් බවත් උත්සව පවත්වලා රැස්වීම් පවත්වලා මත්ද්‍රව්‍ය නැති කරන්න බැරි බවත් ප්‍රකාශ කළා.

මත්ද්‍රව්‍ය පාලනය කරන්න නම් එක පැත්තකින් බුද්ධි අංශ සවිමත් කරලා මත්ද්‍රව්‍ය ජාලය බිඳ දමන්න ඕනි.  අනිත් පැත්තෙන් මත්ද්‍රව්‍ය භාවිතා කරන අයට මත්ද්‍රව්‍ය සොයා ගන්න බැරි වුණාම එකතු වෙන්න පුනරුත්ථාපන වැඩසටහනක් තිබෙන්න ඕනි.  එහෙම නැතිව ඉවත් වෙනු කියලා රට පුරා රැස්වීම් මාලාවක් පවත්වලා ඝෝෂා කරපු පමණින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු අයවත් ඒකෙන් කෝටි ගණනින් හම්බ කරන අයවත් ඉවත් වේවි කියලා බලාපොරොත්තු වෙනවා නම් ඒක විහිළුවක්.

මාලිමාවෙත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ...?

මේකට හොඳම උදාහරණය තමයි ජනාධිපතිතුමා ඉවත් වෙනු කියලා කිව්වාට පස්සේ මාලිමාවේ දේශපාලකයින් කී දෙනෙක් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදිලා අත්අඩංගුවට පත් වුණා ද?  පෑලියගොඩ, අනුරාධපුරය, දෙහිවල, රත්මලාන, දික්වැල්ල සහ ගාල්ල ආදී ප්‍රදේශ ගණනාවකින් පසුගිය දවස්වල හසු වුණු ජාවාරම්කරුවන් මාලිමාවේ දේශපාලකයින්.  මාලිමාවේ අය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව අත්අඩංගුවට පත්වීම කෙතරම් ඉහළ ගියා ද කිව්වොත් අත්අඩංගුවට ගැනීම් ගැන මාධ්‍යයට දෙන්න එපා කියලා චක්‍රලේඛයක් නිකුත් කරන්න පොලිස්පතිතුමාට සිදුවුණා.  මේකෙන් පේන්නේ අඩුම ගණනේ මාලිමාවේ ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්වත් ජනාධිපති ගේ ඉවත් වෙනු නියෝගය ශත පහකට ගණන් අරන් නැති බවයි.


'රට ම එකට' ඇත්ත අරමුණ
2012 දී ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය මහත්මයාත් 2023 දී මහජන ආරක්ෂක ඇමති ලෙස ටිරාන් අලස් ඇමතිතුමාත් ඉතාම සාර්ථක මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහන් ක්‍රියාත්මක කළා. 2012 දී ගෝඨාභය ලේකම්තුමා ගේ මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහනට මුහුණ දෙන්න බැරිව තමයි මේ රටේ හිටිය ජාවාරම්කරුවන් ඒ කාලයේ පාසල් දරුවන් ගේ පොත් මලු පාසලේ දී පරික්ෂා කරන විට මාලිමාව ඒකට හිනා වුණා.  නමුත් දැන් විදුහල්පතිවරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස කටයුතු කරන බව හෙළි වෙනවා.  දෙමව්පියන් පාසල් දරුවන් භාවිතා කරමින් පාසල් හරහා මත්ද්‍රව්‍ය බෙදා හැරීම කරනවා කියලා ජනාධිපතිතුමා ම කියනවා.

 නොවැම්බර් 20 දා තංගල්ලෙන් රට ම එකට නමින් රැස්වීම් මාලාවක් ආරම්භ කරනවාලු.  රැස්වීම් පවත්වලා මත්ද්‍රව්‍ය ජාවාරම නවත්වන්න බෑ කියලා ජනාධිපතිට මේක තේරෙන්නේ නැද්ද?  තේරෙනවා නම් රැස්වීම් පවත්වන්නේ ඇයි?  මාලිමාවට වැඩ කරපු උත්සව භාණ්ඩ සපයන්නන්ට වේදිකා හදන අයට ශබ්ද විකාශන යන්ත්‍ර සපයන අයට රජයේ මුදල් ගසා කන්න අවස්ථාවක් අරන් දෙන්නයි මේ රැස්වීම් මාලාව පවත්වන්නේ කියලා අපට නම් හිතෙන්නේ. මේ රැස්වීම් 20 දා පටන් ගන්න තවත් හේතුවක් තිබෙනවා.  ඉල් විරු සමරුවටත් ලොකු සෙනඟක් ආපු නැති නිසා ඉතාම සංවිධානාත්මකව රටේ ම ඉන්න මාලුමාවුන් එකම තැනකට ගෙනැල්ලා 21දා නුගේගොඩ රැස්වීමට පෙර ලොකු රැස්වීමක් පවත්වලා අපටත් සෙනඟ ඉන්නවා කියලා රටට පෙන්වීම තමයි ඔය 20දා රැස්වීමේ ඇත්ත අරමුණ.''
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...