The Leader News
BREAKING
Top Ad
පුවත්

'පළමු අවස්ථාවාදීම ආණ්ඩුව පෙරළනවා' - නාමල් සහතික වේ

T

The Leader Desk

November 21, 2025 • 3:50 PM

 'පළමු අවස්ථාවාදීම ආණ්ඩුව පෙරළනවා' - නාමල් සහතික වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලැබෙන පළමු අවස්ථාවාදීම ආණ්ඩුව පෙරළන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ පැවැසීය.
  • ‘වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහි මහා ජන හඩ’ යන තේමාව යටතේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී අද (21) පස්වරුවේ පැවැති ජන රැළිය අමතමින් නාමල් රාජපක්‍ෂ එසේ පැවසීය.
  • විපක්‍ෂය මහා දැවැන්ත බලවේගයක් ලෙස ගොඩනැගුනේ බොරුව නවතා ජනාතවට දුන් පොරොන්දු ඉටුකරන ලෙස පණිවුඩය දීමට යන අර්ථය නිවැරදිව කියවා ගන්නා හැටියට ජනාධිපතිවරයාට පවසන බවත් නැවක් හදන්නේ වරායේ නැව්ගුංම් දා තැබීමට නොවන බව මතකයේ තබාගත යුතු බවත් ඔහු කියා සිටියේය.
  • නැවක් මුහුදේ යාත්‍රා කරන විට කුණාටුවලට, සුළිසුංවලට මෙන්ම අභියෝගවලට මුහුණ දීමට සිදුවන්නේ යැයි ජනාධිපතිවරයා මතකයේ තබාගත යුතු යැයි කී නාමල් රාජපක්‍ෂ, වර්තාමාන වන විට ආණ්ඩුවට එරෙහිව ගොඩනැගී ඇති ජනබලය සමඟ පළමු අවස්ථාවේදීම ආණ්ඩුව පෙරළන පණිවිඩය ජනාධිපතිවරයාට දෙන බව ද සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලැබෙන පළමු අවස්ථාවාදීම ආණ්ඩුව පෙරළන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ පැවැසීය.

‘වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහි මහා ජන හඩ’ යන තේමාව යටතේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී අද (21) පස්වරුවේ පැවැති ජන රැළිය අමතමින් නාමල් රාජපක්‍ෂ එසේ පැවසීය.

විපක්‍ෂය මහා දැවැන්ත බලවේගයක් ලෙස ගොඩනැගුනේ බොරුව නවතා ජනාතවට දුන් පොරොන්දු ඉටුකරන ලෙස පණිවුඩය දීමට යන අර්ථය නිවැරදිව කියවා ගන්නා හැටියට ජනාධිපතිවරයාට පවසන බවත් නැවක් හදන්නේ වරායේ නැව්ගුංම් දා තැබීමට නොවන බව මතකයේ තබාගත යුතු බවත් ඔහු කියා සිටියේය.  


නැවක් මුහුදේ යාත්‍රා කරන විට කුණාටුවලට, සුළිසුංවලට මෙන්ම අභියෝගවලට මුහුණ දීමට සිදුවන්නේ යැයි ජනාධිපතිවරයා මතකයේ තබාගත යුතු යැයි කී නාමල් රාජපක්‍ෂ, වර්තාමාන වන විට ආණ්ඩුවට එරෙහිව ගොඩනැගී ඇති ජනබලය සමඟ පළමු අවස්ථාවේදීම ආණ්ඩුව පෙරළන පණිවිඩය ජනාධිපතිවරයාට දෙන බව ද සඳහන් කළේය.  


වර්තමාන ආණ්ඩුව සිරගෙවල් පෙන්නද්දී, ආණ්ඩුවේ මර්ධනය සැළකිල්ලට නොගෙන දේශපාන පක්‍ෂයක් මෙන්ම සැබෑ විපක්‍ෂයේ වගකීම ඉටුකිරීම ඉදිරිපත්ව සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂය ආදි විපක්‍ෂයේ සියලුම පක්‍ෂවල දෙවැනි පෙළ නායකයන් සිටින බවත් ඔහු කීය.

අසීමිත බාධා මධ්‍යයේ ආණ්ඩුවේ මර්ධනයට සහ බියවැද්දීමට නොබියම විශාල ජනතාවක් මෙම රැළියට පැමිණ සිටීමෙන් ජන මතය පිළිඹිබු වන බව කී නාමල් රාජපක්‍ෂ, පෞද්ගලික අරමුණක් නොව ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට ජනතාවාදි අරගයක නායකත්වය දීමට දේශපාලන කඳවුරක් ලෙස ඉදිරිපත් වීම මෙම රැළියේ අරමුණ බව ද සඳහන් කළේය.

අසීමිතව බොරුවෙන් ජනතාව මුලාකර බලයට පැමිණි වර්තමාන ආණ්ඩුව අයි.එම්.එෆ්. එළවනවා කියා බලය ගෙන ආ විගසින් අයි.එම්.එෆ්. බාදාගෙන ජනතාව මත අසීමිත බදු බරක් පැටවූ බවත් කුඩා ව්‍යපාරිකයාගේ සිට සියලුම දෙනාට අසාධාරණ බදු ගසා ඇති බවත් ඔහු කියා සිටියේය.

දිනෙන් දින කර්මාන්ත වැහෙනවා පමණක් නොව, අධ්‍යාපන කඩා වැටීම නිසා ඒවා මතක් කිරීමේ වගකීම විපක්‍ෂයට ඇති බවත් පච ගමන නවතා දැන්වත් පොරොන්දු ඉටු කරන ලෙස ආණ්ඩුවට මතක් කරන බවත් ඔහු කීය.


දේශපාලන උවමනාවට රාජ්‍ය සේවයා පාවිච්චි කර සමස්ත රාජ්‍ය සේවය වට්ටන අතරම එක පැත්තකින් අධිකරණ පද්ධතියට බලපෑම් කිරීමට උත්සහ කරන බව කී නාමල් රාජපක්‍ෂ පැවසුවේ, විපක්‍ෂය දේශපාලන ප්‍රශ්නය ආණ්ඩුව සමඟ විසදා ගන්නා බව පොලිස්පතිවරයා ඇතුළු අසීමිත විදියට ආණ්ඩුවට කඩේ යන රාජ්‍ය සේවකයවන්ට සහ සමහර නිලධාරීන්ට මතක් කරන බවයි.  


දේශපාලනයට පොලිසි, ත්‍රිවිධ හමුදාව සහ රාජ්‍ය සේවකයන් පටවා ගන්න එපා යැයි ආණ්ඩුව මතක් කරන අතර එදා අමුඩේ ගහගෙන කුඹුරට බැස්ස මහත්වරු අද ටයි දමා කොළඹට වෙලා සිටින බවත් වර්තමාන ආණ්ඩුව ගොවියන් අසරණ කර ඇති බවත් ඔහු කීය.

මෙරට ඉතිසහයේ පළමු වරට අපේ රටේ වවනාවට වඩා පිටින් ගෙනල්ලා කන එන වාසි කියන ආණ්ඩුව වර්තමාන ආණ්ඩුව බවත්  සහල් මාෆියාව එක පෑන් පහරින් අයින් කරන බව කී ආණ්ඩුව කැබ් 1700 ක් ගෙන්වන්නේ ගමේ ගියාම කෙසෙල් කැන දාන්න ඒමට දැයි ගැටලුවක් ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 
බලය අරගන්න කියපු බොරු ඔප්පු කිරීමේ වගගකීම ආණ්ඩුවටයි - ගම්මන්පිල  

ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටුකරන ලෙස මතක් කිරීමට විපක්‍ෂයේ පක්‍ෂ රැසක් මෙසේ එකතු වූ බවත් මහින්ද මහත්තයා උගන්ඩාවේ ඩොලර් මිලියන 15 ක් හංගලා තියනවා යැයි, නාමල් රාජපක්‍ෂ නමට ගෙනාපු ලැම්බෝගිනි තියනවා යැයි ආණ්ඩුඅබලය ගැනීමට බොරු කිව්වත් දැන් ඒවා ඔප්පු කිරීමේ වගගකීම ආණ්ඩුවට ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල එහිදී පැවසීය.

වර්තමාන ආණ්ඩුවේ පාලන කාලයෙන් මාස 14 ක් ගෙවී ඇති අතර පොරොන්දු ඉටුකිරීමට තවත් මාස 14 ක් දියහැකි බව කී ගම්මන්පිල,  බලය ගැනීමට සමස්ත ජාතික රැවැට්වීම ගැන ආණ්ඩුව සමස්ත ජාතියෙන්ම සමාව ගතයුතු බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා ඉතිහාසායේ මෙතෙක් බිහිවූ දූෂිතම ආණ්ඩුව අනුර කුමාර දිසනායක ප්‍රමුඛ ආන්ඩුව බවත් බොරුකාර වැඩ බැරි, හොරු පිරි ආණ්ඩුව ගෙදර යවන තෙක් සටන ක්‍රියාත්මක කරන බවත් ඔහු කීය.  

මහ වැසි මැද නුගේගොඩ ජනතාවගෙන් පිරී ඇති ආකාරය පැල්වත්ත වහලට නැග බලන ලෙස ජනාධිපතිවරයාට කියන බවත් මේ ආකාරයට 10 ගුණයක් සෙන ගෙන්න නම් ටිල්වින් සිල්වාට අලුත් පිට්ටනියක් හැදීමට සිදුවන බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරයා සහභාගි වූ තංගල්ලේ රැස්වීට සෙනග ඇද්ද පොලිසිය මෙම රැස්වීම කඩාකප්පල් කිරීමට යොදාගත් බව කී ගම්මන්පිල, හිට්ටර්ගේ පොලිසිය බවට මෙරට පොලිසිය පත්කළාට පොලිසියේ අය කේන්තියෙන් සිටින බව ද වැඩි දුරටත් සඳහන් කළේය.  

 
හරින්ගෙන් සජබට ආරාධනා !

එක්සත් ජාතික පක්‍ෂයේ නායන රනිල් වික්‍රමසිංහ මෙම අවස්ථාවට සහභාගි නොවුණ ද ඒ මහතා විපක්‍ෂ එකතුවට ආශීර්වාද කරන බවත් අවුරුදු 76 ක් රට විනාශ කළේ වික්‍ෂයේ සිටින පක්‍ෂ නොව ජේවීපී එක බවත් එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු එහිදී පැවසීය.

1947 න් සිට අවුරුදු 1965 දක්වා රට හොඳට ගිය ද 1965 වසරේ සාපය ඇති වූ අතර විජේවීරට ඇමතිකමක් නොදුන් නිසා රට විනාශ කළ අතර විවෘත ආර්ථිකය ශාපයක් කළේ ජවිපේ කියන එක මතකයේ තබාලත යුතු බව කී හරීන් ප්‍රනාන්දු, ආණ්ඩුවට එරෙහිව කොන්දේසි විරහිතව සමඟි ජනබලව්ගයටත් සටනට එකතු වන ලෙස ආරාධනා කරවන බව ද කීය.

 

අනුර කුමාර ජනාධධිපතිවරයා අයවැය ඉදිරිපත්කරමින් පැයක් නාමල්ට බැනිමෙන් පැය හතරාහමාරක් අයවැය කියවීමෙන් ඇවැය නැරඹීමට පැමිණි විදේශ තානාපතිලා කලන්තේ දමා වැටෙන තත්වයක් තිබූ බවත් තමන් නාමල් රාජපක්‍ෂ ඒ අවස්ථාවේදී පිටත්කර නොහැරියේ නම් ජනාධිපතිවරයා  රාත්‍රී 10 වන තෙක් නාමල්ට බනින බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක කීය.  


නව ජනතා පෙරමුණේ ප්‍රධාන අනුශාසක පැපිලියාන සුනේද්‍රාදේවි රජමහා විහාරයේ විහාරාධිපති වැල්ලම්පිටියේ සුමනධම්ම නාහිමියන්ට පැමිණ සිටි සියලු දෙනා පංචශිලයේ පිහිටුවූහ. හින්දු සහ ඉස්ලාම් අගමික ජූජකවරු ද එම ආගම් සිහිකළහ.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානයේ උප සභාපති සාවින්ද්‍රා එදිරිමාන්න මෙනෙවිය රැළිය ආරම්භ කරමින් ඇමතුවාය.

ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ නායක අසංක නවරත්න, නව ජනාතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපනේ දිස්ත්‍රික්ක සංවිධායක කාසලිංගම් යන මහත්වරු ද රැළිය ඇමතූහ.  

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සාගර කාරියවසම්, මහාචාර්ය ජී. එල්. පීරිස්, එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තාලතා අතුකෝරාළ, අනුර ප්‍රදර්ශන යාපා, පාරලිමේන්තු මනත්‍රී රෝහිත අබේගුණසේකර, ටිරාන් අලස්, දුමින්ද දිසානායක, වජිර අබේවර්ධන, මහින්ද අමරවීර, සංජීව එදිරිමාන්න සහ ලසන්ත අලගියවන්න ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

වර්ෂාව පැවතියදී පවා අති විශාල ජනතාවක් මෙම රැලියට එක්ව සිටියේය.

dserwerwe

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...