The Leader News
BREAKING
Top Ad
පුවත්

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට භාණ්ඩ රැගෙන ඒමේදී බලාත්මක කර ඇති කොන්දේසි මෙන්න

T

The Leader Desk

November 21, 2025 • 4:04 PM

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට භාණ්ඩ රැගෙන ඒමේදී බලාත්මක කර ඇති කොන්දේසි මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළවු සමාජ මාධ්‍ය සටහන් පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත.
  • බීබීසී සිංහල සේවය ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා කියා සිටියේ නව සීමා පැනවීම් සිදුකර නොමැති වුව ද, මීට පෙර ගැසට් කර තිබූ නීති නියමිත පරිදි ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව ය.
  • අපි එයාලට ලැබෙන අලවන්ස් එක බලලා භාණ්ඩ නිදහස් කරන්න අවශ්‍ය කටයුතු සලසලා දුන්නා.'' ''සාමාන්‍යයෙන් අවුරුද්දකට වඩා කාලයක් එක දිගට රට ඉන්න කෙනෙක්ට තීරුබදු රහිත දීමනාවක් විදිහට ලැබෙන්නේ ඩොලර් 1,000ක්.
  • ඒ කියන්නේ රුපියල් ලක්ෂ 03ක් වගේ මුදලක් තමයි හිමිවෙන්නේ." ඔහු පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

පළවු සමාජ මාධ්‍ය සටහන් පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත.

නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර ඉකුත් නොවැම්බර් මස 16 වැනිදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ වත්මන් රජය මෙවර අයවැයෙන් විදෙස්ගත ශ්‍රමිකයින්ගේ තීරු බදු පහසුකම් පුළුල් කිරීමට යෝජනා කරන බව පවසමින් ඔවුන් මෙරටට රැගෙන එන, භාවිත කරන ලද රූපවාහිනී ,රෙදි සෝදන යන්ත්‍ර , ලීබඩු ඇතුළු ගෘහ උපකරණ ආදියට තහනමක් පනවා ඇති බව ය.

'ඒ පොස්ට් එක අර්ධ සත්‍යයි... අර්ධ අසත්‍යයි'

විදෙස්ගත ශ්‍රමිකයින් සිය සේවය නිමවා මෙරටට පැමිණීමේදී ශ්‍රී ලංකා රේගුව මගින් එවැනි සිමා පැනවීමක් සිදුකර තිබේද? බීබීසී සිංහල සේවය ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා කියා සිටියේ නව සීමා පැනවීම් සිදුකර නොමැති වුව ද, මීට පෙර ගැසට් කර තිබූ නීති නියමිත පරිදි ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව ය.

"ඒ තිබ්බ පෝස්ට් එක නම් අර්ධ සත්‍ය... අර්ධ බොරු එකක්. ඒ කියන්නේ අලුතෙන් කිසිම නීති පැනවීමක් කරලා නැහැ. ඉස්සර ඉඳල ම තිබුණ නීති. විදෙස්ගතව ඉදලා එන අයට අරන් එන්න පුළුවන් භාණ්ඩ මොනවා ද සහ ඒවායේ ප්‍රමාණ මොනවාද කියලා ගැසට් කරලා තියෙන්නේ. හැබැයි ඔය නීතිය අපි මේ වෙනකම් නූලට ම ක්‍රියාත්මක කළේ නැහැ.''

''උදාහරණයක් විදිහට ගත්තම විදෙස්ගතව ඉදලා ලංකාවට එන කෙනෙකුට තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා ගමන් මල්ලේ අරන් එන්න පුළුවන් උපරිම ආහාර ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 25යි.''

''ඉස්සර මැදපෙරදිග ඉදලා එන අය ලංකාවට එද්දී සහල් කිලෝ 50ක ගෝනියක්, පරිප්පු කිලෝග්‍රෑම් 25ක් එහෙම අරන් ආපු අවස්ථා තියෙනවා. අපි එයාලට ලැබෙන අලවන්ස් එක බලලා භාණ්ඩ නිදහස් කරන්න අවශ්‍ය කටයුතු සලසලා දුන්නා.''

''සාමාන්‍යයෙන් අවුරුද්දකට වඩා කාලයක් එක දිගට රට ඉන්න කෙනෙක්ට තීරුබදු රහිත දීමනාවක් විදිහට ලැබෙන්නේ ඩොලර් 1,000ක්. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 03ක් වගේ මුදලක් තමයි හිමිවෙන්නේ." ඔහු පැවසීය.

'භාණ්ඩ භාර ගනිද්දී ලැයිස්තුවක් එවන්න ඕන'

නව නීතියක් නොවූව ද විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් කුරියර් සේවා හරහා ශ්‍රී ලංකාවට භාණ්ඩ එවීමේදී එලෙස එවන භාණ්ඩ අසුරා ඇති පෙට්ටිය තුළට එහි ඇති භාණ්ඩ වර්ග පිළිබඳ සම්පුර්ණ ලැයිස්තුවක් දමා තිබිය යුතු බවට උපදෙස් නිකුත් කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. එම උපදෙස් මාලාව නොවැම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කළේය.

"විදෙස් රටවල ඉඳලා ලංකාවට භාණ්ඩ එවන්න භාරගන්න කුරීයර් සේවාවන් වලට අපි දැනුම් දීමක් කරලා තියෙනවා එයාලා බඩු භාර ගනිද්දී ඒ භාර ගන්න භාණ්ඩ ලැයිස්තු දෙකක් අර ගන්න කියලා. ඒ ලැයිස්තු දෙකෙන් එකක් ලංකාවට එවන භාණ්ඩ තියෙන පෙට්ටියට දාන්න තියන්න ඕන. අනිත් ලැයිස්තුව කුරියර් සේවාව එවන අනෙක් ලියවිලි එක්ක අපිට එවන්න ඕන. එතකොට ලංකාවේදී මේ භාණ්ඩ ක්ලීයර් කර ගද්දි ඩික්ලෙයාර් කරන්න ඕන.''

''එතකොට සමහර වෙලාවට ලංකාවට එවන භාණ්ඩ අස්ථාන ගතවුණා කියලා චෝදනා එහෙමත් එල්ල කරනවා ක්ලීයර් කරන්න යද්දී. මේක නොවැම්බර් මාසයේ 01 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වනවා." රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කළේය.


xfgye4634| නව නීතියක් නොවූව ද විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් කුරියර් සේවා හරහා ශ්‍රී ලංකාවට භාණ්ඩ එවීමේදී එලෙස එවන භාණ්ඩ අසුරා ඇති පෙට්ටිය තුළට එහි ඇති භාණ්ඩ වර්ග පිළිබඳ සම්පුර්ණ ලැයිස්තුවක් දමා තිබිය යුතු බවට උපදෙස් නිකුත් කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ලංකාවට රැගෙන එන්න තහනම් භාණ්ඩ වර්ග මොනවාද ?

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට පැමිණීමේදී රැගෙන ඒමට තහනම් කර ඇති භාණ්ඩ සහ විවිධ සීමාවන් පනවා ඇති භාණ්ඩ මොනවාද යන්න සම්බන්ධයෙන් ද රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මෙහිදී කරුණු පැහැදිලි කළේය.

"ඒ ගැසට් එකේ සඳහන් කරලා තියෙනවා පිටරට ඉඳලා ලංකාවට ගේන්න බැරි භාණ්ඩ ගැන. ඒවානම් හරි පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ගොඩක් අය ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අරන් එන්නේ. පිටරට ඉඳලා වායු සමීකරණ අරන් එන්න බැහැ. පිඟන් සෝදන යන්ත්‍ර වගේ භාණ්ඩ කිහිපයක් තියෙනවා ඒ අතර.''

''ඊළඟට තව නීති රීති තියෙනවා. පාවිච්චි කරපු ශීතකරණ එහෙම ගේනවානම් ඒකෙ තියෙන ගෑස් එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. අනුමත මාදිලි විතරයි ගේන්න පුළුවන්. අනිත් ඒවා ගේන්න බැහැ.''

''ඒ වගේම රූපවාහිනී එහෙම අරන් එනකොට පරණ කාලේ තිබ්බ CRT TV අඟල් 29ට වැඩි ඒවා ගේන්න තහනම්. ඒ වගේම LCD, LED සහ ප්ලාස්මා වර්ගවල අඟල් 55 වර්ගයේ රූපවාහිනි යන්ත්‍ර ගේන්න තහනම්. ඔය වගේ ගේන්න බැරි ඒවා ටිකක් තියෙනවා. මීට අමතරව ආනයන අපනයන පාලකගේ බලපත්‍රයට යටත්ව අරන් එන්න පුළුවන් භාණ්ඩ වර්ග තියෙනවා. ඒවා අරන් එන්න පුළුවන් බලපත්‍රය තියෙනවනම්." රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

dry565655| ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා කියා සිටියේ මේ වන විට විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා ලබා දෙන තීරුබදු සහන දීමනාව වෙනස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව ත්, ඒ පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් ය.


මේ අතර බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වු විදෙස්ගතව සේවය කරන ලාංකිකයින් පිරිසක් පැවසුවේ තමන්ගේ සේවා කාලය නිමවා නැවත පැමිණීමේදී ලබා දෙන තීරුබදු සහන දීමනාව ඉහළ දැමීමට රජය අවධානය යොමු කරන්නේනම් එය ඉතා වටිනා තීරණයක් වනු ඇති බව යි.

දෝහා හි පෞද්ගලික ආයතනයක සේවය කරන තුෂාර ජයන්ත බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ වසර දෙකක කාලයක් සේවය කර නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී තමන්ට හිමිවන තීරුබදු සහන දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව යි.

ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා කියා සිටියේ මේ වන විට විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා ලබා දෙන තීරුබදු සහන දීමනාව වෙනස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව ත්, ඒ පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් ය.

(උපුටා ගැනීම - බීබීසී  සිංහල)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට භාණ්ඩ රැගෙන ඒමේදී බලාත්මක කර ඇති කොන්දේසි මෙන්න | The Leader