The Leader News
BREAKING
Top Ad
පුවත්

හිස්බුල්ලා සන්නද්ධ නායකයා ඝාතනය කෙරේ

T

The Leader Desk

November 24, 2025 • 3:28 AM

 හිස්බුල්ලා සන්නද්ධ නායකයා ඝාතනය කෙරේ  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද සහායයෙන් දියත් කළ දෙරට අතර සටන් විරාමය උල්ලංඝනය කරමින්, ඉකුත් මාස කිහිපයට පසු, අගනුවර තදාසන්න පෙදෙසක් වෙත එල්ල කළ ප්‍රථම ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය මෙය වේ.
  • සිය සන්නද්ධ නායක ටබ්ටබායි ( Tabtabai) ඊශ්‍රායල ප්‍රහාරයකින් ඝාතනය වූ බව, හිස්බුල්ලා සංවිධානය තහවුරු කළේය.
  • ඊශ්‍රායල ප්‍රහාරයෙන් සිය "රතු කට්ට" පැන ඇති බවට එම සංවිධානය අනතුරු අඟවා සිටී.
  • ඊට ප්‍රතිචාර දක්වන්නේද, එසේනම් ඒ කෙසේද යන්න හිස්බුල්ලා නායකත්වය විසින් තීරණය කෙරෙනු ඇතැයි, එම සංවිධානය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එක්සත් ජනපද සහායයෙන් දියත් කළ දෙරට අතර  සටන් විරාමය උල්ලංඝනය කරමින්, ඉකුත් මාස කිහිපයට පසු, අගනුවර තදාසන්න පෙදෙසක් වෙත එල්ල කළ ප්‍රථම ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය මෙය වේ. මීට වසරකට පමණ පමණ පෙර එම සටන් විරාමය ඇරඹිණි.

සිය සන්නද්ධ නායක ටබ්ටබායි ( Tabtabai) ඊශ්‍රායල ප්‍රහාරයකින් ඝාතනය වූ  බව, හිස්බුල්ලා සංවිධානය තහවුරු කළේය.  ඊශ්‍රායල ප්‍රහාරයෙන් සිය "රතු කට්ට" පැන ඇති බවට  එම සංවිධානය අනතුරු අඟවා සිටී. බීරුත් අගනුවර ආසන්නයේ පිහිටි හරෙට් හ්රෙයික් (Haret Hreik) නාගරිකයේ ගොඩනැගිල්ලක් වෙත ඊශ්‍රායල  ප්‍රහාරය එල්ල කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වන්නේද, එසේනම් ඒ කෙසේද යන්න හිස්බුල්ලා නායකත්වය විසින් තීරණය කෙරෙනු ඇතැයි, එම සංවිධානය පවසයි.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 5 දෙනකු ඝාතනය ව 28 දෙනකු තුවාළ ලබා ඇතැයි, ලෙබනන සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මහල් ගොඩනැගිල්ලක් වෙත එල්ල කළ එම ප්‍රහාරයත් සමග පිපිරී සුන් වූ ගොඩනැගිල්ලේ සුන් බුන්, අසල ප්‍රධාන මාර්ගයේ ගමන් ගනිමින්  තිබූ මෝටර් රථ මත පතිත විය. වැඩි දුර  පසු ප්‍රහාරයන්ට හසුවෙතැයි තැති ගත් නගරවාසීහු, අසල ගොඩනැගිලි තුළින් වහා පිටතට දිව ගිය බව, රොයිටර්ස් පුවත් සේවය කියයි.

එක්සත් ජනපදය 2016 වසරේ  ටබ්ටබායි හට සම්බාධක පැනවීය. ඔහු ප්‍රධාන පෙළ හිස්බුල්ලා නායකයකු බව සඳහන් කළ එක්සත් ජනපදය, ඔහු පිලිබඳ නිවැරදි තතු  ලබා දෙන්නකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක ත්‍යාගයක් පිරිනමන බව නිවේදනය කළේය. සිබුල්ලා සංවිධානයේ ඒකක  රැසක් ඔහුගේ පාලනය යටතේ පැවති බව, ඊශ්‍රායල හමුදාව පවසයි. එමෙන්ම, ඔහු ඊශ්‍රායලය හා ද්වන්ද සටනකට එම ඒකක  පූර්ණ සූදානමින් ප්‍රතිස්ථාපනයට දැවැන්ත කැප වීමෙන් ක්‍රියා කළ බවද,  ඔවුහු කියා සිටිති.

හිස්බුල්ලා සංවිධානයට සිය සන්නද්ධ බලකා ප්‍රවර්ධනයට කිසිසේත් අවකාශ නොතබන බවත්, එම සංවිධානය නිරායුධකරණයට ලෙබනන රජය දුන් පොරොන්දු නොවලහා ඉටුකරන ලෙස දන්වා සිටින බවත්, කෙටි රූපවාහිනී පණිවුඩයක් ඔස්සේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය  බෙන්ජමින් නෙතන්යාහු පැවසීය.

ඊශ්‍රායල ප්‍රහාර නතරකිරීමට බලකරමින් ඊට මැදිහත්වන ලෙස ලෙබනන ජනපති ජෝසෆ් අවුන් ( Joseph Aoun) ජාත්‍යන්තර ප්‍රජාවෙන් උදක්ම ඉල්ලා සිටී.

ඊයේ ප්‍රහාරය සිදු කෙරුණේ, පාප් වහන්සේ  සිය මංගල විදෙස් සංචාරය පිණිස ලෙබනනය බලා පිටත්වීමට සතියකට පෙර වීමද සුවිශේෂී සිදුවීමකි.

ඊශ්‍රායලය සහ ලෙබනන හිස්බුල්ලා සටන් කරුවන් අතර ගැටුමට තිරසර විසඳුම් පිණිස ඉකුත් වසරේ නොවැම්බර මස දෙරට අතර සටන් විරාමය දියත් කෙරිණි. 2023, ඔක්තෝබර 7 දා ඊශ්‍රායලයේ කිබුට්ස් වෙත හමාස් ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමෙන් පසු දිනම, ලෙබනනයේ සිට ඊශ්‍රායල දෙසට රොකට් ප්‍රහාර එල්ල විය. ඒ සමග දෙපාර්ශ්වය අතර සටන් ඇවිලිණි. සටන් විරාමයෙන් පසුවද, ඊශ්‍රායල හමුදා, හිස්බුල්ලා ඉලක්ක වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කළහ.

ඊයේ ප්‍රහාරයට පෙර එක්සත් ජනපදය දැනුම්වත් කළේ දැයි නැගූ   පැනයකට පිළිතුරු දුන්, එරට රජයේ ප්‍රකාශක ශොෂ් බෙඩ්‍රෝසයන්    ( Shosh Bedrosian ), ඊශ්‍රායල රජය තීරණයන්ට එළැඹෙන්නේ ස්වාධීන පදනමකින් බව කියා සිටියේය.

හිස්බුල්ලා සංවිධානය හා පෙර පැවති  වසරක යුද්ධයේදී හස්සන් නසරල්ලා ( Hassan Nasrallah) ඇතුළු එහි නායකයින් රැසක් ඝාතනය කිරීමට ඊශ්‍රායල හමුදා සමත් වූහ.

ඉකුත් වසරේ එළැඹි සටන් විරාමය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ ලෙබනනය දෙපාර්ශ්වය වෙත චෝදනා එල්ල කර ගනිමින් සිටිති.

ලෙබනනය වෙත කෙරෙන අඛණ්ඩ ඊශ්‍රායල ප්‍රහාර සහ එරට ප්‍රදේශ කිහිපයක බලය තවදුරටත් ඊශ්‍රායල හමුදා යටතේ පැවතීම, සටන් විරාමය උල්ලංඝනය කිරීමක් බව, ලෙබනන රජය කියයි. සාකච්ඡා පිණිස සූදානම් වුව, ඊශ්‍රායලයෙන් ඊට යහපත් ප්‍රතිචාර නැතැයි, ලෙබනන ජනපති පවසයි.

හිස්බුල්ලා සංවිධානය ප්‍රතිසන්ධාන ගතවන බවට,  ඊශ්‍රායලය   චෝදනා කරයි. රට පුරා නීති විරෝධී අවි අත්අඩංගුවට ගන්නැයි,  ඊශ්‍රායලයෙන්   ලෙබනනයට දැඩි බලපෑම් එල්ල වේ.

සටන් විරාමය ආරම්භ වීමෙන් අනතුරුව හිස්බුල්ලා වෙතින්, ඊශ්‍රායලය වෙත මෙතෙක් කිසිදු ප්‍රහාරයක් එල්ල නොවීය. සටන් විරාමය සුරකින බව ඔවුහු පවසති.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
11/24 /2025
මුලාශ්‍රය :
Israel kills Hezbollah military leader in Beirut strike - By Reuters

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...