The Leader News
BREAKING
Top Ad
පුවත්

ජීවන් තොණ්ඩමන් සමග අතිනත ගත් ඉන්දීය වෛද්‍ය සිසුවිය කවුද?

T

The Leader Desk

November 24, 2025 • 3:57 PM

ජීවන් තොණ්ඩමන් සමග අතිනත ගත් ඉන්දීය වෛද්‍ය සිසුවිය කවුද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.
  • පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ගේ විවාහ උත්සවය (නොවැම්බර් 23) ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිවගංගෙයි දිස්ත්‍රික්කයේ තිරුප්පතූර් හි පිහිටි ආරුමුගම් පිල්ලේ සීතාඅම්මාල් විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
  • මෙම විවාහ මංගල්‍යයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මෙන්ම මෙරට දේශපාලඥයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
  • වසරේ නොවැම්බර් මස 09 වන දා ඉන්දියාවේ දී උපත් ලැබූ ජීවන් කුමරවේල් තොණ්ඩමන්ගේ පියා වන්නේ ආරුමුගම් තොණ්ඩමන්ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙරට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. ඔහුගේ අතිනත ගනු ලැබුවේ දකුණු ඉන්දීය යුවතියක වන සීතෛයි ශ්‍රී නාචියාර් රාමේෂ්වරන් ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ගේ විවාහ උත්සවය (නොවැම්බර් 23) ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිවගංගෙයි දිස්ත්‍රික්කයේ තිරුප්පතූර් හි පිහිටි ආරුමුගම් පිල්ලේ සීතාඅම්මාල් විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම විවාහ මංගල්‍යයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මෙන්ම මෙරට දේශපාලඥයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ජීවන් තොණ්ඩමන් කියන්නේ කවුද?

මෙරට ප්‍රබල දේශපාලන පවුලක් වන තොණ්ඩමන් පවුලේ මුල් නිජබිම වන්නේ දකුණු ඉන්දියාවයි. මෙරට උඩරට වතුකරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘවරයෙකු මෙන්ම කැබිනට් අමාත්‍යවරයෙකු වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් ජීවන් තොණ්ඩමන් ගේ සීයා වේ.

1994 වසරේ නොවැම්බර් මස 09 වන දා ඉන්දියාවේ දී උපත් ලැබූ ජීවන් කුමරවේල් තොණ්ඩමන්ගේ පියා වන්නේ ආරුමුගම් තොණ්ඩමන්ය.

2020 වසරේ මැයි මස 20 වන දා ආරුමුගම් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වීමත් සමග ජීවන් තොණ්ඩමන් ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් තනතුරට පත් කෙරිණි. දේශපාලනයට පිවිසීමට පෙර ඔහු බ්‍රිතාන්‍යයේ නොර්තුම්බ්‍රියා විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය සම්පුර්ණ කර තිබේ.

2020 වසරේ අගෝස්තු මාසයේදී පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයට නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කළ ජීවන් තොණ්ඩමන් මනාප 109,155ක් ලබා ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්විය.

මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමෙන් පසු ඔහු ගෝඨාභය රාජපක්ෂ රජයේ වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබූ අතර, 2022 වසරේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් බිහිවූ රජයේ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරයට පත් කරන ලදී.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ මෛත්‍රි වික්‍රමසිංහ, ජීවන් තොණ්ඩමන් ගේ විවාහ උත්සවයට සහභාගිවිය.

dfy5e67546| හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ මෛත්‍රි වික්‍රමසිංහ සමග ජීවන් තොණ්ඩමන් යුවළ
ජීවන් තොණ්ඩමන්ගේ ඉන්දීය මනමාලිය

2002 වසරේදී ඉන්දියාවේ කාරෙක්කුඩි ජෝන් රෝහලේ උපත ලද සීතෛයි ශ්‍රී නාචියාර් රාමේෂ්වරන් දකුණු ඉන්දියාවේ ප්‍රබල ව්‍යාපාරික පවුලකින් පැවත එයි. ඇයගේ පියා එන්. රාමේෂ්වරන් වන අතර මව ප්‍රියා රාමේෂ්වරන් වේ.

සීතෛයි ශ්‍රී නාචියාර් රාමේෂ්වරන් මේ වන විට වෛද්‍යවරියක් වීමේ අරමුණින් අයර්ලන්තයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටියි.

නැසී ගිය NTS ආරුමුගම් පිල්ලෙයි ඇයගේ මුත්තණුවන් වන අතර ඔහු ඉන්දියාවේ සිට මැලේසියාව බලා සංක්‍රමණය වී එරටදී සිය ව්‍යාපාර ආරම්භ කර තිබේ.

ඉංග්‍රීසි යටත් විජිත සමයේදී මැලේසියාවේ සිය ව්‍යාපාර ආරම්භ කළ ආරුමුගම් පිල්ලෙයි ක්‍රමයෙන් දේපළ ව්‍යාපාරයට පිවිස ඇත. මීට අමතරව ඔහුට මැලේසියාවේ පොල් සහ රබර් වතු මෙන්ම ඉන්දියාවේ තේ වතු කිහිපයක් ද හිමිව ඇත.

ඔහු තම උපන් ගම වූ තමිල්නාඩුවේ සිවගංගා දිස්ත්‍රික්කයේ, තිරුප්පුත්තූර් හිදී 1965 වසරේදී පාසැලක් විවෘත කරනු ලැබුවේ අධ්‍යාපනය හැදෑරීම සඳහා මුදල් නොමැති දරුවන්ට අධ්‍යාපනය ලැබීම සඳහාය. අද වන විට එම පාසැල ආරුමුගම් පිල්ලේ සීතාඅම්මාල් විශ්වවිද්‍යාලය දක්වා පරිවර්ථනය වී තිබේ.

සීතෛයි ශ්‍රී නාචියාර් රාමේෂ්වරන් ගේ පියා වන එන්.රාමේෂ්වරන්, තම පවුලේ විශ්වවිද්‍යාලය වන ආරුමුගම් පිල්ලේ සීතාඅම්මාල් හි ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

පවුල් දෙක අතර වූ මිත්‍රත්වය

ජීවන් තොන්ඩමන් සහ සීතෛයි ශ්‍රී නාචියාර් රාමේෂ්වරන් දෙපලගේ ගේ මුත්තණුවන් වන සෞම්‍යමූර්ති තොණ්ඩමන් සහ NTS ආරුමුගම් පිල්ලෙයි අතර වූ මිත්‍රත්වය වසර ගණනාවක සිට පැවත එන්නක් වේ. තොණ්ඩමන් පවුලේ මුල් සාමාජිකයින් ඉන්දියාවට සම්බන්ධකම් කියන නිසා එම පවුල් දෙක අතර සමීප සම්බන්ධතාවයක් තිබිණි.

මීට අමතරව ජීවන් සහ සීතෛයි යුවලගේ පියවරුන් වන ආරුමුගම් තොණ්ඩමන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇත්තේ එන්.රාමේෂ්වරන් අධ්‍යාපනය හැදැරූ තමිල්නාඩුවේ පිහිටි මොන්ට්ෆෝර්ට් පිරිමි පාසලේය. ඔවුන් දෙදෙනාද මිතුරන් වේ.

පවුල් දෙක අතර දිගුකලක් පුරා පවතින මිත්‍රත්වය හේතුවෙන් ජීවන් සහ සීතෛයි ශ්‍රී නාචියාර් අතර වූ විවාහය යෝජිත විවාහයක් ලෙස සිදුකර ඇත.

මේ අතර එළඹෙන නොවැම්බර් මස 28 වැනිදා කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක ජීවන් සහ සීතෛයි යුවලගේ විවාහය වෙනුවෙන් විශේෂ උත්සවයක් පැවැත්වීමට නියමිත ය.

උපුටා ගැනීම | බීබීසී සිංහල

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...