The Leader News
BREAKING
Top Ad
පුවත්

ඔත්තු සේවා යොදවා දෙමළ මහවිරු සමරු සංවිධායකයන් බියගන්වන බවට චෝදනා

T

The Leader Desk

November 25, 2025 • 4:28 AM

ඔත්තු සේවා යොදවා දෙමළ මහවිරු සමරු සංවිධායකයන් බියගන්වන බවට චෝදනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මළවුන් අනුස්මරණය කිරීමේ අයිතිය තහවුරු කර ඇති බව පවසන ආණ්ඩුව බුද්ධි අංශ නිලධාරීන් යොදවා දෙමළ ජනයාගේ ක්‍රියාකාරකම් සෝදිසි කිරීමේ යෙදී සිටින බවට චෝදනා එල්ල වී තිබේ.
  • දෙමළ මහවිරු සමරු සංවිධායකයන් කැඳවා පොලිසිය විසින් තහංචි නියෝග පනවන බවද උතුරෙන් වාර්තා වෙයි.
  • අම්පාර, කන්ජිකුඩිච්චිආරු මහවිරු සුසාන භුමි අනුස්මරණ කමිටුවේ නායක පුෂ්පරාජ් දුෂාන්තන් චෝදනා කරන්නේ දෙමළ ජනතාවට සමාන අයිතිවාසිකම් ලබා දුන් බව ප්‍රසිද්ධියේ කියමින් ආණ්ඩුව බුද්ධි අංශ නිලධාරීන් යොදවා දෙමළ ජනතාවට තර්ජනය කරමින් සිටින බවයි.
  • “ආණ්ඩුව මහවිරුවන් සැමරීමට අවසර දෙන බව කිව්වත්, බාධා කිරීමේ ක්‍රියා දිගටම සිදු වෙනවාමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මළවුන් අනුස්මරණය කිරීමේ අයිතිය තහවුරු කර ඇති බව පවසන ආණ්ඩුව බුද්ධි අංශ නිලධාරීන් යොදවා දෙමළ ජනයාගේ ක්‍රියාකාරකම් සෝදිසි කිරීමේ යෙදී සිටින බවට චෝදනා එල්ල වී තිබේ.


දෙමළ මහවිරු සමරු සංවිධායකයන් කැඳවා පොලිසිය විසින් තහංචි නියෝග පනවන බවද උතුරෙන් වාර්තා වෙයි.

අම්පාර, කන්ජිකුඩිච්චිආරු මහවිරු සුසාන භුමි අනුස්මරණ කමිටුවේ නායක පුෂ්පරාජ් දුෂාන්තන් චෝදනා කරන්නේ දෙමළ ජනතාවට සමාන අයිතිවාසිකම් ලබා දුන් බව ප්‍රසිද්ධියේ කියමින් ආණ්ඩුව බුද්ධි අංශ නිලධාරීන් යොදවා දෙමළ ජනතාවට තර්ජනය කරමින් සිටින බවයි.

“ආණ්ඩුව මහවිරුවන් සැමරීමට අවසර දෙන බව කිව්වත්, බාධා කිරීමේ ක්‍රියා දිගටම සිදු වෙනවාමයි. අපි මහවිරු සුසාන භුමි පිරිසිදු කරනකොටත් අපේ ක්‍රියාකාරීන්වත් බුද්ධි අංශ විසින් නිරන්තරයෙන් නිරීක්ෂණය  කරන බව අපිට දැන ගන්න ලැබුනා. ඒ කියන්නේ අපි යන යන තැන බුද්ධි අංශ ඉන්නවා. පිරිසිදු කිරීම සදහා මහ විරු සුසාන භුමියේ ඉන්නකොට බුද්ධි අංශයේ 10 ක් 15 ක් එතන ඉන්නවා. මම කල්මුනේ ඉදන් තිරුක්කෝවිල් ගිහිල්ලා එනකං මාව ලුහු බදිනවා. මම කන්ජිකුඩිච්චිආරු ගිහින් එනකොට අක්කරේපත්තු දක්වා මෝටර් සයිකල් වලින් බුද්ධි අංශයෙන් ලුහු බැන්දා. මම ඒක දැක්කා. ඉතින් පිටදී ආණ්ඩුව හොදයි කියලාත්, දෙමළ ජනතාවට සමාන අයිතිවාසිකම් ලබා දුන් බවත් පෙන්වමින් ඔවුන් බුද්ධි අංශ යවලා අපිව සහ දෙමළ ජනතාවට තර්ජනය කරමින් තමයි ඉන්නේ.”  

දෙමළ මහවිරුවන් අනුස්මරණය කිරීමේ සංවත්සරය නොවැම්බර් 27 දාට යෙදී ඇති අතර උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ ජනයා මේ දින වල ඒ වෙනුවෙන් සුසාන භුමි පිරිසිදු කිරීමේ කටයුතු වල නිතරව සිටි.

මේ මාසයේ අවසන් සතියේ  උතුරේ මහවිරු සැමරුම් පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදී  එල්.ටී.ටී.ඊ සැමරුමක් හෝ එයට උඩගෙඩි දීමක් ක්‍රියාත්මක වූවහොත්  රජය ගන්නා පියවර කවරේදැයි නොවැම්බර් 18 වැනිදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගු පැනයකට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කර තිබුනේ එවැන්නක්  සිදු වූවහොත් එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

“ඕනෑම තැනක තමන්ගේ මියගිය ඥාතියෙක් සමරන්න පුරවැසියකුට තියන අයිතිය පිලිගන්නා අතරෙම හැබැයි, එයට මුවා වෙලා ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට හෝ ත්‍රස්තවාවාද ක්‍රියාකාරකම් වෙනුවෙන් අනුබල දීමට කිසිවෙකුට අයිතියක් නැ. එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා.”

යාපනය, උඩුතුරෙයි මහවිරු අනුස්මරණ කමිටුවේ සාමාජිකාවක  පසුගියදා ජනමාධ්‍ය වෙත පවසා තිබුනේ තමා මරදන්කේනි පොලිස් ස්ථානය වෙත කැදවු එහි ස්ථානාධිපතිවරයා මහවිරු අනුස්මරණ පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් කොන්දේසි මාලාවක් පැනවු බවයි.

“පොලිස් ස්ථානාධිපතිවරයා කිව්වේ අපිට මහවිරු ගීත දාන්න බෑ කියලත්, නිල ඇදුමින් සැරසී සිටින ඡායාරූප තියන්න බෑ කියලත්, නියඟලා මල් පාවිච්චි කරන්න බෑ කියලත් සිනමා ගීත පාවිච්චි කරන්න පුළුවන් කියලත් මේ කොන්දේසි අනුගමනය කරන්නේ නැතිනම් මට එරෙහිව නීතිමය පියවර ගන්නවා කියලත් කිව්වා.”

උතුරු නැගෙනහිර දෙමළ ජනතාව විසින් ස්වකීය ජාතික පුෂ්පය ලෙස පිළිගනු ලබන්නේ නියඟලා මලයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඔත්තු සේවා යොදවා දෙමළ මහවිරු සමරු සංවිධායකයන් බියගන්වන බවට චෝදනා | The Leader