එම යෝජනා පිළිබඳ වැඩි දුරටත් අදහස් ප්‍රකාශ කළ ප්‍රදිප් වීරසිංහ...
හැම ගමකට ම ආධුනික ගුවන් විදුලි සන්නිවේදන කට්ටලයක්
''හැම් රේඩියෝ (Amateur (Ham) Radio Sets) කියන්නේ හදිසි ආපදාවක දී ජීවිතය රැක දෙන ප්‍රධානතම මෙවලමක්. ආධුනික (හැම්) ගුවන් විදුලිය යනු ජීවිත බේරා ගත හැකි අඩු වියදම්, ඔරොත්තු දෙන සහ විමධ්‍යගත විසඳුමක්. පසුගිය ආපදාවේ දී අප මුහුණ දුන් බරපතළ ම ගැටලුව වූයේ ජංගම දුරකථන සහ අන්තර්ජාල බිඳ වැටීම් නිසා තොරතුරු හුවමාරු කර ගැනීමට නොහැකි වීම. මෙතරම් ජීවිත ප්‍රමාණයකට හානි සිදුවීමටත් ජනතාවගේ ජීවිත නැවත ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වීමට බලපෑ ප්‍රධානතම කරුණක් වූයේ මෙය යි. මෙය ලියන විටත් රටේ බොහෝ ප්‍රදේශවල ජංගම දුරකථන පහසුකම් සහ අන්තර්ජාල පහසුකම් සම්බන්ධතාව යථා තත්ත්වයට පත් වෙලා නැහැ. අනාගතයේ දී මෙවැනි තත්ත්වයකට සාර්ථකව මුහුණ දීමට කළ යුතු ප්‍රධානතම පියවර වන්නේ හැම ගමකට ම ආධුනික ගුවන් විදුලි සන්නිවේදන කට්ටලය (Amateur/Ham radio sets) බැගින් ලබා දී ඒවා භාවිතා කිරීම පිළිබඳව ප්‍රජානායකයකු පුහුණු කිරීම යි.
මෙම ගුවන්විදුලි කට්ටල පහත කාරණා සඳහා භාවිතා කරන්න පුළුවන්.
* පූර්ව අනතුරු ඇඟවීම්: දුරස්ථ ප්‍රදේශවල පවා සුළි සුළං, ගංවතුර සහ නායයෑම් පිළිබඳ ඇඟවීම් සම්ප්‍රේෂණය කරන්න.
* උපද්‍රව නිරීක්ෂණය: වර්ෂාපතනය, ගංගා මට්ටම් සහ සුළං තත්ත්වයන් නිරීක්ෂණය කිරීම, බලධාරීන්ට තීරණාත්මක තොරතුරු ලබා දීම.
* ප්‍රජා සූදානම: අභ්‍යාස සහ පුහුණුවීම් හරහා ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට ප්‍රදේශවාසීන් පුහුණු කරන්න.
බංග්ලාදේශය (සුළි කුණාටුව භෝලා, 1970 ගණන්): හැම් රේඩියෝ ගම්වැසියන් ඉවත් කිරීමට සහ ජීවිත හානි අවම කිරීමට උපකාරී වුණා. පිලිපීනය (ටයිෆූන් යොලන්ඩා, 2013): ජංගම දුරකථන ජාල බිඳ වැටුණු විට, හැම් ක්‍රියාකරුවන් ප්‍රධාන සන්නිවේදන නාලිකාව බවට පත් කළා. ශ්‍රී ලංකාවේ සෑම ගමකට ම හැම් රේඩියෝවක් අවශ්‍ය වන්නේ ඇයි...?
* විදුලිය හෝ අන්තර්ජාලය නොමැතිව ක්‍රියා කරයි.
* දුරස්ත, කඳුකර සහ දූපත් ප්‍රදේශ ආවරණය කරයි.
* තත්‍ය කාලීන යාවත්කාලීන කිරීම් සඳහා ද්වි-මාර්ග සන්නිවේදනය සක්‍රීය කරයි.
* හැම් රේඩියෝ ජාල, ආපදා කළමනාකරණ සැලසුම්වලට ඒකාබද්ධ කළ යුතු ය.
(සටහන | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ)
ජනමාධ්‍ය අධ්‍යන අංශය
කොළඹ විශ්ව විද්‍යාලය
pnweera@yahoo.com




