The Leader News
BREAKING
Top Ad
පුවත්

ආර්ථික තීන්දු තීරණ ගැනීමේ දී නිවැරදි දත්ත ඉතා වැදගත් - ජනපති මාතලේ දී අවධාරණය කරයි

T

The Leader Desk

December 7, 2025 • 4:21 AM

ආර්ථික තීන්දු තීරණ ගැනීමේ දී නිවැරදි දත්ත ඉතා වැදගත් - ජනපති මාතලේ දී අවධාරණය කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයා මෙම කරුණු පෙන්වා දුන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ මාතලේ දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යළි ගොඩනැඟීම පිළිබඳ ඊයේ (06) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.
  • මීට පෙර රටේ සහල් අතිරික්තයක් තිබෙන බවට අදාළ ආයතන දත්ත ඉදිරිපත් කළ ද සහල් හිඟයකට මුහුණ දීමට සිදුවු අන්දම ද ජනාධිපතිවරයා මෙහි දී සිහිපත් කළේය.
  • නිවාස 119කට පූර්ණ හානි සිදුව තිබෙන අතර අර්ධ හානි සිදුවූ නිවාස ගණන 2618කි.
  • පළාත් මාර්ග 38කට දැඩි හානි සිදුව තිබෙන බවත්, 17කට අර්ධ හානි සිදුව තිබෙන බවත් මෙහිදී සඳහන් කෙරුණු අතර ඒ අතරින් මාර්ග 19ක් සම්පූර්ණයෙන් විවෘත කිරීමටත්, මාර්ග 19ක කොටසක් පමණක් විවෘත කිරීමටත් පියවර ගෙන ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපතිවරයා මෙම කරුණු පෙන්වා දුන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ මාතලේ දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යළි ගොඩනැඟීම පිළිබඳ ඊයේ (06) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.

සහල් අතිරික්තය පිළිබඳව දුන් දත්ත වගේ දත්ත නම් එපා

ආපදාවෙන් හානි වූ වගා බිම් සඳහා වන්දි ලබා දීමේ කටයුතු මෙම දෙසැම්බර් 30 වනදාට පෙර අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා එම වන්දි මුදල්, එය ලැබීමට සුදුසුම පිරිස් වෙත ලබා දීම වෙනුවෙන් නිවැරදි දත්ත වෙන් කර හඳුනා ගන්නා ලෙස  නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය. මීට පෙර රටේ සහල් අතිරික්තයක් තිබෙන බවට අදාළ ආයතන දත්ත ඉදිරිපත් කළ ද සහල් හිඟයකට මුහුණ දීමට සිදුවු අන්දම ද ජනාධිපතිවරයා මෙහි දී සිහිපත් කළේය.

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක, පවුල් 5501ක පුද්ගලයන් 11,804ක්  ආපදාවෙන් බලපෑමට ලක්ව සිටින අතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සුරක්ෂිත මධ්‍යස්ථාන 44ක පුද්ගලයින් 4113ක් රැඳී සිටි. නිවාස 119කට පූර්ණ හානි සිදුව තිබෙන අතර අර්ධ හානි සිදුවූ නිවාස ගණන 2618කි.

දිස්ත්‍රික්කයේ මහාමාර්ග, විදුලිය, ජල සැපයුම, සන්නිවේදන සහ වාරිමාර්ග ප්‍රතිසංස්කරණය සහ ආපදාවෙන් බලපෑමට ලක්වූ  වගා බිම් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත යළි ආරම්භ කිරීම වෙනුවෙන්  ක්‍රියාත්මක වැඩසටහන්හි ප්‍රගතිය ජනාධිපතිවරයා විසින් මෙහි දී විමසී ය.

මාර්ග 12ක් පිළිසකර කර අවසන්

ආපදාව හේතුවෙන් දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග 16ක් කැඩී ගොස් තිබු බවත් එයින් මාර්ග 12ක් පිළිසකර කර ජනතාවගේ ගමනා ගමනයට විවෘත කර ඇති බවත් මෙහි දී නිලධාරීන් පෙන්වා දුන් අතර වත්තේගම - කන්දේගෙදර, උකුවෙල - ඇල්කඩුව, මොරගහකන්ද - වැල්ලවල, රත්තොට - ඉලුක්කුඹුර යන ඉතිරි මාර්ගද කඩිනමින් පිළිසකර කර ජනතාව වෙනුවෙන් විවෘත කිරීම පිළිබඳ මෙහි දී සාකච්ඡා විය.  පළාත් මාර්ග 38කට දැඩි හානි සිදුව තිබෙන බවත්, 17කට අර්ධ හානි සිදුව තිබෙන බවත් මෙහිදී සඳහන් කෙරුණු අතර ඒ අතරින් මාර්ග 19ක් සම්පූර්ණයෙන් විවෘත කිරීමටත්, මාර්ග 19ක කොටසක්  පමණක් විවෘත කිරීමටත් පියවර ගෙන ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ.

92%කට පමණ විදුලිය ලබා දී අවසන්

b57
ආපදා තත්ත්වය නිසා දිස්ත්‍රික්කයේ විදුලි සබඳතා 58ක් බිඳ වැටී තිබෙන අතර ඒවා කඩිනමින් යථා තත්ත්වයට පත් කර 92%කට පමණ විදුලිය ලබා දීමට මේ වන විට පියවර ගෙන තිබෙන බවත් ප්‍රවේශ මාර්ග අවහිර වීම සහ විවිධ ගැටලු හේතුවෙන් ප්‍රමාද වී ඇති රත්තොට, අඹන්ගඟ, ලග්ගල, උකුවෙල, යටවත්ත, පැල්ලේපොල, මාතලේ ආදි ප්‍රදේශවල විදුලි සබඳතා කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීහූ පෙන්වා දුන්හ.

ජනතාවට කඩිනමින් ජල සැපයූම ලබා දීමට උපදෙස්

දිස්ත්‍රික්කයේ බිඳ වැටුණු ජල සැපයුම යථාවත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ප්‍රවේශ මාර්ග අවහිර වීමෙන් පවුල් 500කට පමණ සතියක් පුරා පානීය ජලය අහිමි වී ඇති බව අනාවරණය විය. ඒ පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ ජනාධිපතිවරයා  අදාළ සියලු ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් පවතින බාධා ඉවත් කර එම ජනතාවට කඩිනමින් ජල සැපයූම ලබා දීමට උපදෙස් දුන්නේය. විදුලිය, ජලය හෝ සන්නිවේදනය ආදී ඕනෑම පහසුකමක් ජනතාවට සැපයීමේදී තම තොරතුරු ප්‍රධාන කාර්යාලයට යවා නිහඩව සිටීමෙන් ඵලක් නොවන අතර ඊට අදාළ ආයතන සමග නිරන්තර සම්බන්ධතාවයෙන් තම සේවාව කඩිනමින් ජනතාවට ලබා දීමට කැපවීම නිලධාරීන්ගේ වගකීම බවද අවධාරණය කළේ ය.

සන්නිවේදන සේවා සැපයීම අදාළ ආයතනවල වගකීමක්

දිස්ත්‍රික්කයේ සන්නිවේදන පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවර සහ මතුව ඇති ගැටලු පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරුණු අතර එම පහසුකම් හිමි විය යුතු ප්‍රදේශ නිසි ලෙස හඳුනා ගනිමින් එම සේවාව සැපයීමට කටයුතු කිරීම සන්නිවේදන සේවා සපයන සියලු ආයතනවල වගකීම බවද පෙන්වා දුන්නේ ය.

දඹුල්ල රෝහල වෙනත් ස්ථානයකට

ආපදාවට ලක්වූ සෞඛ්‍ය හා සනීපාරක්ෂක පද්ධති පිළිසකර කිරීම පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරුණු අතර දඹුල්ල රෝහල වෙනත් ස්ථානයක ස්ථාපිත කරමින් එය වඩා පහසුකම් සහිත රෝහලක් ලෙස සංවර්ධනය කිරීමේ යෝජනාව පිළිබඳවද අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඊට අවශ්‍ය විධිමත් සැලැස්මක් සහ ප්‍රතිපාදන පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන ලෙස නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ආපදා සහිත පාසල්වල දරුවන් ගේ මානසික තත්ත්වය යහපත් කිරීමේ වැඩසටහන්

v4y567ghfghnnhh


දිස්ත්‍රික්කයේ පාසල් දෙසැම්බර් 16 වනදා වන විට හැකිතරම් විවෘත කිරීමට පියවර ගන්නා ලෙසද උපදෙස් දුන් ජනාධිපතිවරයා ආපදාවට ලක් වූ පාසල්වල දරුවන් ආසන්න පාසල් වෙත යොමු කිරීමේ සැලැස්මක් සකස් කරන ලෙස ද අධ්‍යාපන නිලධාරීන්ට දැනුම් දුන්නේය. එහිදී ආපදා සහිත පාසල්වල දරුවන් ගේ මානසික තත්ත්වය යහපත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.
 
දිස්ත්‍රික්කයේ විනාශ වී ඇති වාරි පද්ධති සහ ජලාශ කඩිනමින් ප්‍රතිසංස්කරණ කිරීම, ආපදාවට ලක් වූ භෝග වගා  සහ සත්ව ගොවිපොළ යළි ආරම්භ කිරීම, ආපදාව හේතුකොට ගෙන ධාවනය නොවන බස් රථ සේවා යළි ඇරඹිම පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ගමගෙදර දිසානායක, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  බී. එස්. ජේ. බියංවිල, දීප්ති වාසලගේ , දිනේෂ් හේමන්ත යන අය ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ද,  මධ්‍යම පළාත් සභා සභාපති එල්. ඩී. නිමලසිරි මහතා ඇතුළු පළාත් පාලන නියෝජිතයෝ ද,  මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මාතලේ දිස්ත්‍රික් ලේකම් එල්.පී. මදනායක යන අය සහ අමාත්‍යාංශ ලේකම්වරු සහ  මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...