The Leader News
BREAKING
Top Ad
පුවත්

මහ කන්නය සඳහා අනුරාධපුර ගොවි ජනතාව සූදානම් කරන්න - ජනපති අනුරාධපුරයේ දී පවසයි

T

The Leader Desk

December 7, 2025 • 2:43 PM

මහ කන්නය සඳහා අනුරාධපුර ගොවි ජනතාව සූදානම් කරන්න - ජනපති අනුරාධපුරයේ දී පවසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අනුරාධපුර දිස්ත්‍රික් නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.
  • වගා හානි වෙනුවෙන් මෙරට ඉතිහාසයේ ලබා දුන් වැඩිම වන්දි මුදල් ලබා දෙමින් රජය අපේක්ෂා කරන්නේ යළි වගා කටයුතු කඩිනමින් ආරම්භ කිරීම බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
  • මෙම වන්දි මුදල් ස්ථීර ලෙසම ගොවි ජනතාවට ලබා දීමට රජය කටයුතු කරන බවත්, ගොවි ජනතාව තුළ විශ්වාසය ඇති කර ඔවුන් යළි වගා කටයුතු සඳහා දිරි ගන්වන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.
  • බඩඉරිගු ඇතුළු අනෙකුත් බෝග වගාවන් සඳහා වන්දි ලබා දෙමින් යළි වගා කටයුතු ආරම්භ කිරීම, පශු සම්පත් ක්ෂේත්‍රයේ නිරත ගොවීන්ගේ ජීවනෝපායාමාර්ග යළි සකස් කිරීම, සෞඛ්‍ය සේවා යථාවත් කිරීම, විනාශයට පත් වූ විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථාන සංවර්ධන පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අනුරාධපුර දිස්ත්‍රික් නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.

ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දුන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට අද (07) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

වගා හානි වෙනුවෙන් මෙරට ඉතිහාසයේ ලබා දුන් වැඩිම වන්දි මුදල

ජාතික අවශ්‍යතාවක් සේ සලකා අදාළ සියලු ආයතන ඒ වෙනුවෙන් මනා සම්බන්ධීකරණයකින් යුතුව කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ගොවීන්ට කඩිනමින් වන්දි මුදල් ලබා දීමට සහ තාවකාලික පිළිසකර කිරීම් මගින් අවශ්‍ය වාරි ජල සැපුම ලබා දීමටද අදාළ අංශ වෙත උපදෙස් දුන්නේ ය.

වගා හානි වෙනුවෙන් මෙරට ඉතිහාසයේ ලබා දුන් වැඩිම වන්දි මුදල් ලබා දෙමින් රජය අපේක්ෂා කරන්නේ යළි වගා කටයුතු කඩිනමින් ආරම්භ කිරීම බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානි සිදු වූ ගොවීන් ප්‍රමාණය, ගොවි බිම් ප්‍රමාණය සහ අවශ්‍ය මුදල් ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් මෙම සිකුරාදාට පෙර ඉදිරිපත් කරන ලෙස මෙහි දී උපදෙස් දුන් ජනාධිපතිවරයා අදාළ  වන්දි මුදල් සාධාරණ ලෙස  ලැබිය යුතු පිරිස් වෙතම ලැබිය යුතු බවත්, අසාධාරණ ලෙස එය කිසිවෙකුට හිමි නොවිය යුතු බවත් පෙන්වා දුන්නේ ය. මෙම වන්දි මුදල් ස්ථීර ලෙසම ගොවි ජනතාවට ලබා දීමට රජය කටයුතු කරන බවත්, ගොවි ජනතාව තුළ විශ්වාසය ඇති කර ඔවුන් යළි වගා කටයුතු සඳහා දිරි ගන්වන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.

බඩඉරිගු ඇතුළු අනෙකුත් බෝග වගාවන් සඳහා වන්දි ලබා දෙමින් යළි වගා කටයුතු ආරම්භ කිරීම, පශු සම්පත් ක්ෂේත්‍රයේ නිරත ගොවීන්ගේ ජීවනෝපායාමාර්ග යළි සකස් කිරීම, සෞඛ්‍ය සේවා යථාවත් කිරීම, විනාශයට පත් වූ විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථාන සංවර්ධන පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

 

මාර්ග සංවර්ධනයට ස්ථිර සැලසුම් ක්‍රියාත්මක කරන තෙක් තාවකාලික පිළිසකර කිරීම්

දිස්ත්‍රික්කයේ මහාමාර්ග, විදුලි සහ ජල සැපයුම, වාරිමාර්ග, සන්නිවේදන ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයට ගෙන ඇති පියවර පිළිබඳ මෙහි දී ජනාධිපතිවරයා වෙන් වෙන් වශයෙන් අදාළ ආයතන වෙතින් කරුණු විමසී ය. අවහිර වූ මාර්ග යළි විවෘත කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා විමසු අතර මාර්ග සංවර්ධනයට ස්ථිර සැලසුම් ක්‍රියාත්මක කරන තෙක් තාවකාලික පිළිසකර කිරීම් කඩිනම් කර ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නේ ය.

 

හෙට (08) දිනය වන විට දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම සම්පූර්ණ කළ හැකියි

ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ විදුලි ට්‍රාන්ස්ෆෝමර් 580න් 473කට හානි සිදු වී තිබූ බවත්, ඒවා මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් තිබෙන බවත්, හෙට දිනය වන විට දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම සම්පූර්ණ කළ හැකි බවත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු  පෙන්වා දුන්හ.


ජල සැපයුම ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන් යථා තත්ත්වයට
ජල සැපයුම් 49,000කට හානි සිදුවී තිබු අතර, එයින් 99%ක් පමණ මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවත්, ඉතිරි ප්‍රමාණය සඳහා මේ වන විට බවුසර් මගින් ජල සැපයීම සිදු කරන අතර ඉදිරි දින 02 තුළ සම්පූර්ණයෙන් ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවත් නිලධාරිහු පෙන්වා දුන්හ. එමෙන්ම හානි වූ ප්‍රජා ජල ව්‍යාපෘති මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් තිබෙන බවද සඳහන් කෙරිණි.

ළිං පිරිසිදු කිරීමේ කටයුතු  නාවික හමුදාවේ සහාය ඇතිව මේ වන විට සිදු කෙරෙන අතර, ප්‍රාදේශීය ලේකම් කර්යාලවල සම්බන්ධීකරණයෙන් ප්‍රජා සහභාගිත්වය ද ලබා ගනිමින් එම කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ය.
 
ඉඩම් හඳුනා ගැනීමේ කටයුතු ආරම්භ කෙරේ
ගංවතුර හේතුවෙන් දිස්ත්‍රික්කයේ නිවාස 228කට පුර්ණ හානි සිදුව තිබෙන අතර, එම නිවාස තිබු ස්ථාවල ම එම ජනතාව නැවත පදිංචි කරනවා ද, එසේ නොමැතිනම් වෙනත් සථානයක පදිංචි කරනවා ද යන්න පිළිබඳ නිවැරදි දත්ත ලබා ගනිමින් අදාළ ඉඩම් හදුනා ගැනීමේ කටයුතු ආරම්භ කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ය.
 
  
16 වනදා වන විට දිස්ත්‍රික්කයේ සියලු පාසල් යළි ආරම්භ කෙරේ
දෙසැම්බර් 16 වනදා වන විට දිස්ත්‍රික්කයේ සියලු පාසල් යළි ආරම්භ කිරීමට හැකියාව තිබෙන බව මෙහි දී අධ්‍යාපන නිලධාරිහු පෙන්වා දුන් අතර ආපදාවට ලක් වූ පාසල් දරුවන් වෙනුවෙන් මහා භාණ්ඩාගාරය මගින් ලබා දීමට නියමිත රුපියල් 15,000ක මුදල මෙම දෙසැම්බර් 31 වනදාට පෙර ලබා දී අවසන් කරන ලෙසත්, ඊට අදාළ නාම ලේඛනය කඩිනමින් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
 
ජනතාවට සහන සැලසීමේදී  මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනයේදී රාජ්‍ය නිලධාරීන්, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව සිදු කරන  කාර්යභාරය වෙනුවෙන් ස්තූතිය පළ කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේ ය.
 
අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත කුමාර නවරත්න, සේන නානායක්කාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී. ජයසිංහ යන අය සහ පළාත් පාලන ආයතන නියෝජිතයෝ ද, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.ආර්. විමලසූරිය යන අය සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
(සටහන - ජයසිරි අලවත්ත)
fy564yy 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...