අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පැවසුවා ය.
උප්පැන්න සහතික, ජාතික හැඳුනුම්පත්, ළමා වර්ධක සටහන්, ගර්භණී මවුවරුන්ගේ සායනික වාර්තා සියලු දෑ අහිමි වී ගිය පිරිස් සුරක්ෂිත මධ්‍යස්ථානවලදී නිරීක්ෂණය වූ බව ඇය කීවාය.
කොළඹ, බදුල්ල, නුවරඑළිය, මහනුවර, උතුරු නැගෙනහිර, මඩකලපුව වැනි ප්‍රදේශවල එම ගැටලු හඳුනාගෙන ඇති බව ඇය පැවසුවාය.
එවැනි පසුබිමක ජනතාවගේ සමාජ ජීවිතයට බලපාන සියලු දෑ ගොඩනැඟීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය උදවු විය යුතු බව ත් මේ සඳහා සෑම පළාතකින් ම අත්‍යවශ්‍ය ලේඛන අහිමි වූ කාන්තා සහ ළමා පිරිස සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා ඇති බව ත් ඇය කීවාය.
ඒ අනුව, එම අත්‍යවශ්‍ය ලේඛන සඳහා විකල්ප සහ ජංගම වැඩසටහන් ක්‍රියාත්මක විය යුතු බව ඇය අවධාරණය කළා ය.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මෙසේ ද කීවාය.
“නාය යෑම් සහ ගංවතුර විපත් නිසා උප්පැන්න සහතිකයේ ඉඳන් ම අහිමි වෙච්ච දරුවෝ ඉන්නවා. විභාගයට යන්න අවශ්‍ය හැඳුනුම්පත පවා අහිමි වෙච්ච දරුවොත් සුරක්ෂිත මධ්‍යස්ථානවලදී හමු වුණා. පොත්පත්, ඇඳුම් – පැලඳුම් විතරක් නෙවේ. දරුවන්ගේ කිසි ම ලියැවිල්ලක්, උප්පැන්න සහතිකයන්, හැඳුනුම්පත, කුඩා දරුවන්ගේ බෙහෙත් විදින කාඩ්පත්, දරුවන්ගේ වර්ධන සටහන්, ගර්භණී මවුවරුන්ගේ ක්ලිනික් පොත, ඒ කිසිවක් නැතුව ඉන්න ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථානවලදී මුණගැහුණා. ඔවුන් සඳහා විකල්ප සහ ජංගම වැඩසටහන් හරහා නැවත ඒවා ලබා දීම කරන්න ඕනෑ. සමහර දරුවන්ට විශ්වවිද්‍යාල උපාධි සහතිකය පවා නැති වෙලා. රැකියාවන්වලට බැඳෙන්න අවශ්‍ය විභාග සහතික ඉදිරිපත් කිරීම වැනි දේවලට අදාළව එයාලට ප්‍රශ්න තියෙනවා. ඒ හැම දෙයක් ම හදන්න යම් කාලයක් ගතවෙයි. මංමාවත්, ජල මාර්ග, විදුලිය, නිවාස ඒ දේවල් හදනවා වගේම මිනිසුන්ගේ සමාජ ජීවිතය යථාවත් කරන්න පසුබිම හදන එකත් සරල නැහැ. ඒකට රාජ්‍ය යාන්ත්‍රණය උදවු කරන්න ඕනෑ.”
මේ අතර, සුරක්ෂිත මධ්‍යස්ථානවල සිටින දරුවන්ගේ ක්‍රියාකාරකම් වර්ධනය සඳහා අවශ්‍ය සෙල්ලම් බඩු, උපකරණ, චිත්‍ර පොත්, පාට වර්ග පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටින බව ත් දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හා සම්බන්ධව එම කටයුතු සඳහා දායක වන ලෙස ද අමාත්‍යවරිය ඉල්ලීමක් කළාය.
වෙනදාට වඩා තුන් ගුණයක වේගයකින් සහ ජවයකින් රට ගොඩනැඟීමට වැඩ කිරීම සඳහා සියලු දෙනාට ආරාධනා කරන බව ඇය වැඩිදුරට ත් සඳහන් කළාය.
(mawbima | රවිශාන් ප්‍රනාන්දු)
අත්‍යවශ්‍ය ලිපි ලේඛන ලබා දීමට ජංගම වැඩසටහන්
T
The Leader Desk
December 7, 2025 • 3:07 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පැවසුවා ය.
- උප්පැන්න සහතික, ජාතික හැඳුනුම්පත්, ළමා වර්ධක සටහන්, ගර්භණී මවුවරුන්ගේ සායනික වාර්තා සියලු දෑ අහිමි වී ගිය පිරිස් සුරක්ෂිත මධ්‍යස්ථානවලදී නිරීක්ෂණය වූ බව ඇය කීවාය.
- කොළඹ, බදුල්ල, නුවරඑළිය, මහනුවර, උතුරු නැගෙනහිර, මඩකලපුව වැනි ප්‍රදේශවල එම ගැටලු හඳුනාගෙන ඇති බව ඇය පැවසුවාය.
- එවැනි පසුබිමක ජනතාවගේ සමාජ ජීවිතයට බලපාන සියලු දෑ ගොඩනැඟීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය උදවු විය යුතු බව ත් මේ සඳහා සෑම පළාතකින් ම අත්‍යවශ්‍ය ලේඛන අහිමි වූ කාන්තා සහ ළමා පිරිස සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා ඇති බව ත් ඇය කීවාය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



