The Leader News
BREAKING
Top Ad
පුවත්

දෙන ආධාර සැබෑ ලෙස ම ජනතාවට ලැබෙනව ද කියා ගැටලුවක් පවතිනවා - සජිත් ප්‍රේමදාස

T

The Leader Desk

December 7, 2025 • 3:11 PM

දෙන ආධාර සැබෑ ලෙස ම ජනතාවට ලැබෙනව ද කියා ගැටලුවක් පවතිනවා - සජිත් ප්‍රේමදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
  • ඔහු මෙම අදහස් පළ ක‌ළේ අද (07) යටියන්තොට කරවනැල්ල ප්‍රදේශයේ අවතැන් ජනතාව සොයා බැලීමට ගිය අවස්ථාවේ දී ය.
  • එවැනි තත්ත්වයක් උඩ නියමිත පරිදි ආධාර ලැබිය යුතු අයට එම ආධාර නොලැබෙන තත්ත්වයක් ඇති නිසා රජය මේ ගැන අවධාණය යොමු කළ යුතු යි.
  • රටේ බරපතළ කාලගුණ තත්ත්වයක් නිර්මාණය වෙනවා කියන එක 11 වැනි දා සිට ප්‍රකාශ කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ ක‌ළේ අද (07) යටියන්තොට කරවනැල්ල ප්‍රදේශයේ අවතැන් ජනතාව සොයා බැලීමට ගිය අවස්ථාවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සක්‍රීය වුණේ නැහැ

''ජනතාවට ලබා දිය යුතු  සහන සහ ආධාර මේ අවස්ථාවේ උපරිම දිය යුතු යි. නිවස සාදා ගන්න, දූදරුවන් රැක බලා ගන්න, ආදායම් උත්පාදනය සහ ජීවනෝපාය සදහා සෘජුවම ආධාර දිය යුතු යි. ගෙවල් පිරිසුදු කර ගන්න ආධාර දෙනවා කිව්වත් තවමත් ඒවා ලැබැල නැහැ. එවැනි තත්ත්වයක් උඩ නියමිත පරිදි ආධාර ලැබිය යුතු අයට එම ආධාර නොලැබෙන තත්ත්වයක් ඇති නිසා රජය මේ ගැන අවධාණය යොමු කළ යුතු යි. ආධාර දෙනවා කියා ප්‍රචාරය දෙනවා සේම එම ආධාර ජනතාවට ලැබිය යුතු යි.

රටේ බරපතළ කාලගුණ තත්ත්වයක් නිර්මාණය වෙනවා කියන එක 11 වැනි දා සිට ප්‍රකාශ කර තිබෙනවා. එහි පරිමාණය එනම් අවපාතයක් අඩු පීඩනකාරී තත්ත්වයක් හා සුළි කුණාටුවක් ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන විට ආපදා කළමනාකරණය ආරම්භ කළ යුතුව තිබුණා. එහෙම කලා නම් ජනතාව මත එල්ල වන පීඩනය අවම කර ජීවිත බේරා ගන්න හැකියාව වගේ ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න හැකියාව තිබුණා. ආපදාවක් එන බව දැනන් සිටියත් ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සක්‍රීය වුණේ නැහැ.

මේ රජය හැමදේම කරන්නෙ පහුවෙලා

අප රට සුනාමියෙන් පවා පීඩාවට පත්වුවත් තවමත් ඩොප්ලර් රේඩාර් පද්ධතිය සවි කරන්න නොහැකි වී තිබෙනවා. මේ ගැන මම 2014 මෙන්ම 2024 ප්‍රශ්න කළත් උත්තර ලැබුණෙ නැහැ. කුමන විනාශයක් සිදු වුවත් එහි වගකීම දේශපාලනඥයන් බාර ගත යුතු යි. ජන්දයෙන් පත්වු මහජන නියෝජිතයන් ලෙස අමාරු අවස්ථාවේ පැන නොගොස් වගකීම නිලධාරීන්ගෙ පිට පටවන්නේ නැතිව කටයුතු කිරීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමක්. මේ රජය හැමදේම කරන්නෙ පහුවෙලා. එසේම රජය පරිපූරක ඇස්තමේන්තුවක් ගෙන ආවෙත් පහුවෙලා.

IMF එක සමග කතා කරන්න කිව්වත් එදා එයට අකුල් හෙළා දැන් රජය IMF එකත් සමග කතා කරනවා. සමගි ජන බලවේගයට වටින්නේ රජය නොව ජනතාව යි. කවුරු බාධා කළත් ජනතාව වෙනුවෙන් සීමා මායිම් නැතිව උදව් කරන්න විපක්ෂය කටයුතු කරන බැවින් කුහක නොවී උද්දච්ච නොවී ආපදාවට ලක්වූ ලක් 20ක ජනතාවගේ ගැටලු  තමන්ගේ ගැටලු ලෙස සලකා විසදුම් ලබා දිය යුතු යි.''

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...