The Leader News
BREAKING
Top Ad
පුවත්

ජන ජීවිත විහිළුවට නොගෙන දැන්වත් සැබෑ යථාර්ථය තේරුම් ගන්න - සජිත් ප්‍රේමදාස

T

The Leader Desk

December 8, 2025 • 3:40 AM

ජන ජීවිත විහිළුවට නොගෙන දැන්වත් සැබෑ යථාර්ථය තේරුම් ගන්න - සජිත් ප්‍රේමදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ආපදාවෙන් විපතට පත් දොම්පේ ප්‍රදේශයේ මහා පරිමාණ කර්මාන්ත සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කළ අවස්ථාවේ දී ය.
  • එසේම මේ තත්ත්වය තුළ 2028 විදේශ ණය ගෙවනවා කියන එක යථාර්ථවාදී නොවන බවට IMF එකට පෙන්විය යුතු යි.
  • ඉල්ලුම් දාමය සැපයුම් දාමය විශාල වශයෙන් සිදු වන නිසා මේ හා බැඳුණු ක්ෂුද්‍ර මෙන්ම සාර්ව ආර්ථිකයක් ද ඇති නිසා මේ ආයතන රැක ගන්න වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු යි.
  • පේන ආකාරයට මේ ආයතන ගොඩගන්න විධිමත් වේගවත් වැඩසටහනක් තවමත් නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ආපදාවෙන් විපතට පත් දොම්පේ ප්‍රදේශයේ මහා පරිමාණ කර්මාන්ත සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කළ අවස්ථාවේ දී ය.

මේ අවස්ථාවේ දී විපක්ෂ නායකවරයා දොම්පේ ඇන්තනී ෆාම් කර්මාන්ත ශාලාවේ සහ ගිරිදර විහාරයේ පැවැති සෞඛ්‍ය සායනය නිරීක්ෂණයට ද එක් විය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

මූල්‍ය ආයතන සමග සාකච්ඡා කර සහන ලබා ගන්න


'' 'අනේ Please' යැයි නොකියා ජනාධිපතිවරයා මේ අවස්ථාවේ සිදු කළ යුත්තේ IMF එක සහ ලෝකයේ රටවල් සහ මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කර ණය ගෙවීමට සහන ලබා ගැනීම යි. එසේම මේ තත්ත්වය තුළ 2028 විදේශ ණය ගෙවනවා කියන එක යථාර්ථවාදී නොවන බවට IMF එකට පෙන්විය යුතු යි. මේවා තමා කියන්නේ කුණාටුවට පෙර සිට යි. අනේ Please කියමින් මේ කරන්නේ මිනිස් ජීවිත සමග විහිළු කිරීමක්. දැන්වත් මිනිස් ජිවිත සමග විහිළු නොකර සැබැ යථාර්ථය හඳුනා ගෙන මූල්‍ය ආයතන සමග සාකච්ඡා කර සහන ලබා ගත යුතු යි.  ජනාධිපතිවරයා ජන ජීවිත විහිළුවට ගෙන අනේ Please කිව්වට මම ලෝකයේ රටවල් සමග සාකච්ඡා කර රටට උදව් ලබා ගැනීමට කටයුතු කරනවා.

මහා පරිමාණ කර්මාන්ත රැසක් අනතුරට


මේ ආපදාව නිසා මහා පරිමාණ කර්මාන්ත රැසක් අනතුරට ලක්ව වෙලා. මෙම ආයතන මගින් විශාල පිරිසක් නඩත්තු වන නිසා මෙම ආයතන ගොඩනගන්න කටයුතු කළ යුතු යි. ඉල්ලුම් දාමය සැපයුම් දාමය විශාල වශයෙන් සිදු වන නිසා මේ හා බැඳුණු ක්ෂුද්‍ර මෙන්ම සාර්ව ආර්ථිකයක් ද ඇති නිසා මේ ආයතන රැක ගන්න වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු යි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට මාධ්‍ය තහනමක්...?

පේන ආකාරයට මේ ආයතන ගොඩගන්න විධිමත් වේගවත් වැඩසටහනක් තවමත් නැහැ. සහන දෙනවා සේම මෙවැනි තත්ත්වයක් උද්ගත වෙනවා කියා පූර්ව දැනුවත් කිරීමක් නොලැබුණේ ඇයිද කියා ගැටලුවක් පවතිනවා. මේ ආයතන, ජන ජීවිත, දේපල යනාදිය නැවත ගොඩනැගීම විධිමත්ව ජනතාවට සෙත සැලසෙන ආකාරයට ගොඩනගනවා සේම සුනාමියක් ආව රටේ පැහැදිලි ආපදා සන්නිවේදනයක් සහ ඊට අදාළ යාන්ත්‍රණයක් සිදු නොවුණේ නැත්තේ ඇයි ද කියා ගැටලුවක් පවතිනවා. එදා ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අද මාධ්‍ය තහනමක් වැටී තිබෙනවා. මෙවැනි දේවල් සිදු නොකර පැහැදිලි ආපදා කළමනාකරණ සැලසුමක් අවශ්‍ය යි.

අඩුපාඩු පිළිගෙන නිවැරැදි වෙන්න

එක් එක් අයට ඇඟිලි දිගු කර ගත්තා කියා අවතැන් ජනතාවට සහන ලැබෙන්නෙ නෑ. අවතැන් ජනතාව ගේ ජන ජීවිත ශක්තිමත් කර කර්මාන්ත ගොඩනගන්න රජය කටයුතු කළ යුතු යි. රටක් ලෙස අප සුනාමියෙන් පාඩම් ඉගෙන ගත්තේ නැහැ; රටක් ලෙස අපිට තවමත් ඩොප්ලර් රේඩාර් සිස්ටම් එක ඇති කරන්න නොහැකි වී තිබෙනවා. එදා සිට මේ සිස්ටම් එක ඇති කරන්න ආපදා කළමනාකරණ සැලසුමක් ඇති කරන්න කවුරුත් උනන්දු වුණේ නැහැ. දැන්වත් මේ අඩුපාඩු පිළිගෙන නිවැරැදි වී විධිමත් ආපදා කළමනාකරණ සැලසුමක් සකස් කරන ලෙස ඉල්ලා සිටිනවා. ජනතාව මුළා නොකර ආපදාවෙන් පාඩම් ඉගෙන ගෙන බොරු සුරංගනා ලෝක නිර්මාණය නොකර යථාර්ථවාදීව සත්‍යවාදීව මනුෂත්වයේ නාමයෙන් මේ ගැටලුවලට කඩිනම් විසදුම් දිය යුතු යි. රජය නව සැලසුමක් නිර්මාණය කර විපතට පත් ජනතාවට සහන දෙන්න උදව් කළ හැකි සියලු දෙනා ගෙන උදව් ලබා ගත යුතු යි. විපතට පත් සියලු දෙනාට විපක්ෂයක් ලෙස කළ හැකි උපරිම උදව් කරනවා.''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජන ජීවිත විහිළුවට නොගෙන දැන්වත් සැබෑ යථාර්ථය තේරුම් ගන්න - සජිත් ප්‍රේමදාස | The Leader