මෙම කෘතියේ ලේඛක හා ප්‍රකාශක වශයෙන් තමන් ගේ වාණිජමය අයිතීන් ආරක්ෂා කිරීම සඳහා මෙම තහනම් නියෝගය ලබා දෙන ලෙස පැමිණිලිකරු මහින්ද ප්‍රසාද් මස්ඉඹුල අධිකරණයෙන් ඉල්ලා ඇත.
පැමිණිල්ල ඉදිරිපත් කරමින් පැමිණිලි පාර්ශවය විසින් මෙම පැමිණිල්ල මඟින් කර්තෘ ගේ වාණිජමය අයිතින් ආරක්ශා කිරීම සඳහා බුද්ධිමය දේපළ පනත යටතේ නඩු පවරන ලද බවත්, විත්තිකරුවන් විසින් මෙම ග්‍රන්ථයේ ව්‍යාජ පිටපත් මුද්‍රණය කර මහ ජනතාව වෙත අලෙවි කර ඇති බවත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. එමෙන්ම මෙම අලෙවිකරුවන්ගේ අනන්‍යතාවය හෙළි කිරීම ඇතුළු සහන කීපයක් ලබා දෙන ලෙස ද උසාවියෙන් ඉල්ලා සිටිමින් මෙම නඩුව ගොනු කර ඇත.
ඉහත කරුණු සලකා බැලූ වාණිජ මහාධිකරණ විනිසුරු අමාලි රණවීර විසින් දෙසැම්බර් 10 දින දක්වා බලපැවැත්වෙන පරිදි විත්තිකරුවන්ට එරෙහිව මෙම වාරණ නියෝග නිකුත් කරන ලදී.
මෙහිදී පැමිණිළි පාර්ශවය වෙනුවෙන් බුද්ධික ඉලංගතිලක, විනුර කුලරත්න, චතුරි ජයසූරිය සහ සංජය ෆොන්සේකා යන නීතිඥ පිරිස පෙනී සිටියහ.




