වාර්තා වූ මරණ සංඛ්‍යාව 635ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) නිකුත් කළ නවතම වාර්තාවෙන් දක්වයි.
පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් තවදුරටත් පුද්ගලයින් 192 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, සමස්තයක් ලෙස පවුල් 512ල123 කට අයත් පුද්ගලයින් 1,766,103ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බවත් සඳහන් කරයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ මෙම වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 234ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඊට අමතරව බදුල්ලෙන් 90ක් නුවරඑළියෙන් 89ක්, කුරුණෑගලින් 61ක් සහ පුත්තලමෙන් 37ක් ද කෑගල්ලෙන් 32 ද මාතලේ දිස්ත්‍රික්කයෙන් 28ක් වශයෙන් ආපදා මරණ සංඛ්‍යාව වාර්තා වේ.
එමෙන්ම පවුල් 22,218ක පුද්ගලයින් 69,861ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථාන 690ක රැඳී සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.





