The Leader News
BREAKING
ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●
Top Ad
පුවත්

2025දී බැංකු ගැන ව්‍යවස්ථාපිත පරීක්ෂණ 17ක් : මහ බැංකුව කියයි

T

The Leader Desk

April 21, 2026 • 11:13 AM

2025දී බැංකු ගැන ව්‍යවස්ථාපිත පරීක්ෂණ 17ක් : මහ බැංකුව කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහිදී එතැන් පරීක්ෂණ 6ක් පවත්වා ඇතැයි ද මූලික බැංකු පද්ධති බිඳවැටීම්, දත්ත කඩකිරීම්, ණය පාලනය, වෙළෙඳපොල අවදානම සහ බැංකු 5ක අක්වෙරළ ණය ලබාදීම්වලට අදාළ පරීක්ෂණ ඊට අයත් වේ.
  • මෙහිදී බැංකුවල ගැටලු පැවැතියේ නම් මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ සුදුසු පරිදි බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට ඒවා මූල්‍ය බුද්ධි ඒකකය වෙත දැනුම් දෙනු ලැබෙන බව මහ බැංකුව පවසයි.
  • ඒ අනුව 2025 වසරේදී බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව මූල්‍ය බුද්ධි ඒකකය සමඟ ඒකාබද්ධ අධික්ෂණ 10ක් සහ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ස්වාධීන පරීක්ෂණ 5ක් පවත්වන ලද බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


දේශීය පද්ධතිමය වශයෙන් වැදගත්කමක් සහිත බැංකු 5ක්, විදේශීය බැංකු 4ක්, විශාල බැංකු 1ක්, මධ්‍යම හා කුඩා පරිමාණයේ බැංකු 7ක් ආවරණය කරමින් ඒකාබද්ධ අධීක්ෂණ 2ක් ඇතුළුව පූර්ණ විෂය පථය ආවරණය කරන පරීක්ෂණ 6ක්, සීමිත විෂය පථය ආවරණය කරන පරීක්ෂණ 6ක් සහ පසු විපරම් පදනම මත පරීක්ෂණ 5ක් ඇතුළුව බලපත්‍රලාභී බැංකුවලට අදාළව මෙම පරීක්ෂණ සිදුකර ඇතැයි මහ බැංකුවේ 2025 මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් වාර්තාවේ දැක්වේ.

මෙහිදී එතැන් පරීක්ෂණ 6ක් පවත්වා ඇතැයි ද මූලික බැංකු පද්ධති බිඳවැටීම්, දත්ත කඩකිරීම්, ණය පාලනය, වෙළෙඳපොල අවදානම සහ බැංකු 5ක අක්වෙරළ ණය ලබාදීම්වලට අදාළ පරීක්ෂණ ඊට අයත් වේ.

එක් එක් බලපත්‍රලාභී බැංකුවල මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම, සමූලඝාතක අවි සංගුණනය මූල්‍යනය යන අවදානම් සම්බන්ධ රෙගුලාසිවලට අනුකූලතාවය තක්සේරු කිරීම සඳහා බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව ස්වාධීන පදනම මත මෙන්ම මූල්‍ය බුද්ධි ඒකකය සමග ඒකාබද්ධව අඛණ්ඩ අධීක්ෂණය සහ විතැන් පරීක්ෂණ සිදුකරන ලද බව ද එහි සඳහන් වේ.

මෙහිදී බැංකුවල ගැටලු පැවැතියේ නම් මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ සුදුසු පරිදි බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට ඒවා මූල්‍ය බුද්ධි ඒකකය වෙත දැනුම් දෙනු ලැබෙන බව මහ බැංකුව පවසයි.

ඒ අනුව 2025 වසරේදී බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව මූල්‍ය බුද්ධි ඒකකය සමඟ ඒකාබද්ධ අධික්ෂණ 10ක් සහ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ස්වාධීන පරීක්ෂණ 5ක් පවත්වන ලද බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ගිම්හාන් ද සිල්වා

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...