The Leader News
BREAKING
ලංකා පොස්පේට් සමාගමේ වියදම් පාලනයට දැඩි පියවර●‘දැන් ජයකොඩිට මොකද කරන්නේ?’ - ගල් අඟුරු වාර්තාවක් පෙන්නමින් මරික්කාර් අසයි●නව ත්‍රස්ත පනත සහ මර්දනයේ ඉතිහාසය: භාෂණගේ මතක්කිරීම●සඟරුවන රඳවන නීති වෙනසට ජනපති අනුර මැදිහත්වෙයි●ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට●ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●
Top Ad
පුවත්

'බ්‍රික්ස් සමුළුවට ගියා නම් මීට පෙර රුසියාවෙන් තෙල් ගන්න තිබුණා' - නාමල්

T

The Leader Desk

March 29, 2026 • 5:56 AM

'බ්‍රික්ස් සමුළුවට ගියා නම් මීට පෙර රුසියාවෙන් තෙල් ගන්න තිබුණා' - නාමල්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාමල් රාජපක්ෂ මේ බව පැවසුවේ ඊයේ (28) බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පැවැති රැස්වීමකින් අනතුරුවයි.
  • පහුවෙලා හරි කරපු එක ගැන සතුටු වෙනවා.'' ''ජාතික ආරක්ෂාව බරපතල අර්බුදයක'' දැනට අත්අඩංගුවේ පසු වන හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ නාමල් කියා සිටියේ මෙවැනි සිද්ධි නිසා ජාතික ආරක්ෂාව බරපතල ආකාරයෙන් අර්බුදයකට යන බවයි.
  • බුද්ධි අංශ දුර්වල කරලා, ආරක්ෂක අංශ දුර්වල කරලා ජාතික ආරක්ෂාවේ ප්‍රශ්නයක් ඇති වුණා.
  • මුදල් වියදම් කරලා කුමන්ත්‍රණකාරී ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පෙරළීමට ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් තම රජයක් යටතේ විශේෂ ජනාධිපති කොමිසමක් මගින් විමර්ශනයක් අනිවාර්යෙන්ම සිදු කරන බවද නාමල් රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


නාමල් රාජපක්ෂ මේ බව පැවසුවේ ඊයේ (28) බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පැවැති රැස්වීමකින් අනතුරුවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරුන් සහ නුවරඑළිය දිස්ත්‍රික් වතු ශ්‍රමික ප්‍රජාවගේ සම්බන්ධීකාරකවරුන්, ජ්‍යෙෂ්ඨ පුරවැසි හා සාම විනිසුරු සංවිධානයේ කැඳවුම්කරුවන් පත්කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කළේය.

'' බ්‍රික්ස් සමුළුවට ආරාධනා කරපු අවස්ථාවේදී එම සමුළුව මගහැරියා. බ්‍රික්ස් සමුළුවට ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා ගියානම් මීට වඩා හොඳ ප්‍රතිචාරයක් රුසියාවෙන් තෙල් පිළිබඳව මීට පෙර ලබා ගැනීමට තිබුණා. එහෙනම් රුසියාවේ බලශක්ති නියෝජ්‍ය ඇමතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙනකන් ඉන්න ඕන වෙන්නෑ සාකච්ඡා කරන්න. ඒ අවස්ථාවේදීම බලශක්ති සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඉඩ තිබුණා. කමක් නැහැ. පහුවෙලා හරි කරපු එක ගැන සතුටු වෙනවා.''

''ජාතික ආරක්ෂාව බරපතල අර්බුදයක''

දැනට අත්අඩංගුවේ පසු වන හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ නාමල් කියා සිටියේ මෙවැනි සිද්ධි නිසා ජාතික ආරක්ෂාව බරපතල ආකාරයෙන් අර්බුදයකට යන බවයි.

''බුද්ධි අංශ දුර්වල කරලා, හමුදාව දුර්වල කරලා ජාතික ආරක්ෂාව ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? පහුගිය යහපාල ආණ්ඩුව කාලෙදිත් මේ වැරැද්දම කළා. බුද්ධි අංශ දුර්වල කරලා, ආරක්ෂක අංශ දුර්වල කරලා ජාතික ආරක්ෂාවේ ප්‍රශ්නයක් ඇති වුණා. අපේ ආණ්ඩුවලදී විතරයි ඒ ආකාරයට බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ කිසිම ආකාරයකින් දුර්වල කිරීමට පියවර නොගත්තේ.

ගෝඨාභයගේ ආණ්ඩුව මුදල් වියදම් කරලා පෙරළපු ආකාරය ...

මුදල් වියදම් කරලා කුමන්ත්‍රණකාරී ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පෙරළීමට ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් තම රජයක් යටතේ විශේෂ ජනාධිපති කොමිසමක් මගින් විමර්ශනයක් අනිවාර්යෙන්ම සිදු කරන බවද නාමල් රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කළේය.

''එම රජය මුදල් වියදම් කරලා පෙරළපු ආකාරය හොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්න කියලා මං කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා. නමුත් තවම ඊට ප්‍රතිචාරයක් ලැබිලා නෑ. ඒ වගේ දේවල් හොයන්න ඕන. නැත්නම් කිසිම කෙනෙකුට රටක් කරගෙන යන්න හම්බවෙන්නේ නැහැ. ඒක ඕනෑම ආණ්ඩුවකට වෙන්න පුළුවන්. මේ වර්තමාන ආණ්ඩුවටත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට වෙච්ච දේ වෙන්න ඉඩ තියෙනවා..''

''සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බිස්නස් කරන එකේ වරදක් නැහැ ''

පැලවත්තට යන එන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් විමසා බැරිය යුතු බවද නාමල් රාජපක්ෂ මෙහිදී පැවසිය.

''සමාජ මාධ්‍ය ක්‍රියාකාරීවරයෙක් ආණ්ඩුවේ හෝ විපක්ෂයේ යම් ව්‍යාපෘතියකට මුදල් ගැනීම වරදක් විදිහට මම දකින්නේ නෑ. ඒක බිස්නස් එකක් නේ. අද ආණ්ඩුව එක්ක බිස්නස් කරන අය ආණ්ඩුව එක්ක බිස්නස් කරනවා. හැබැයි ඉතින් ඒ අය ඒවට බදු ගෙවනවද ඒවා ප්‍රකාශ කරලද කියන එක ප්‍රශ්නයක්. හැබැයි ඉතින් ඕනෑම සමාජමාධ්‍ය ක්‍රියාකරුවෙක්ට ප්‍රධාන මාධ්‍ය ආයතනයකට ඕනෑම පක්‍ෂයකින් ඇඩ් එකක් ගන්නපුළුවන්. මම හිතන්නේ ඒ පැලවත්තට ගිහිපු අය ඒ ව්‍යාපාරයේ නියැලිලා ඉන්න අය. ඉතින් ඔවුන් ඔවුන්ගේ බිස්නස් එක කරනවා. හැබැයි ඉතින් කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් අහන්න ඕනිනේ. ඉතින් ඒ අය කියන දේවල් ගැන අපි සිහි බුද්ධියෙන් ඇහුවනම්හරි.''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...