The Leader News
BREAKING
ලංකා පොස්පේට් සමාගමේ වියදම් පාලනයට දැඩි පියවර●‘දැන් ජයකොඩිට මොකද කරන්නේ?’ - ගල් අඟුරු වාර්තාවක් පෙන්නමින් මරික්කාර් අසයි●නව ත්‍රස්ත පනත සහ මර්දනයේ ඉතිහාසය: භාෂණගේ මතක්කිරීම●සඟරුවන රඳවන නීති වෙනසට ජනපති අනුර මැදිහත්වෙයි●ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට●ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●
Top Ad
පුවත්

මැදපෙරදිග යුද්ධයට හූති සටන් කරුවනුත් මැදිහත්වෙලා - අපේ රටට වන බලපෑම් රැසක් සජිත් පෙන්වා දෙයි

T

The Leader Desk

March 29, 2026 • 3:41 PM

මැදපෙරදිග යුද්ධයට හූති සටන් කරුවනුත් මැදිහත්වෙලා -  අපේ රටට වන බලපෑම් රැසක් සජිත් පෙන්වා දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිටින හූති කණ්ඩායම් මැදපෙරදිග යුද්ධයට සම්බන්ධ වී අලුතින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බවත් මේ නිසා මෙය සෘජුවම ශ්‍රී ලංකාවට බරපතල ලෙස පැතිකඩ ගණනාවකින් බලපාන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

සිටින හූති කණ්ඩායම් මැදපෙරදිග යුද්ධයට සම්බන්ධ වී අලුතින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බවත් මේ නිසා මෙය සෘජුවම ශ්‍රී ලංකාවට බරපතල ලෙස පැතිකඩ ගණනාවකින් බලපාන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

ඒ අනුව බාබ් අල් මන්දාබ් සමුද්‍ර සන්ධිය හූති කණ්ඩායම් යුද පෙරමුණට පැමිණීම නිසා බලපෑම් රැසක් එල්ල වී අප රටට සෘජු බලපෑම් සිදුවන බවත් මේ සමුද්‍ර සන්ධිය යනු රතු මුහුද මධ්‍යධරනී මුහුද අරාබි මුහුද ඉන්දියානු මුහුද ආදී සියල්ලම එකට එකතු කරන තැනක් බවත් හූති සටන් කරුවන් යුද්ධයට එකතු වීම නිසා මේ සමුද්‍ර සන්ධිය හරහා ක්‍රියාත්මක භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදුවන නිසා මේ හානිය සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

dfsfs
තෙල් මිලත් වැඩි විය හැකියි

මේ නිසා තෙල් මිල ඉහළ යාම මුහුදෙන් ප්‍රවාහනය කරන භාණ්ඩවල ප්‍රමාද සිදුවීමත් විය හැකි බවත් මේ නිසා ප්‍රවාහන ගාස්තු විදුලි ගාස්තු ඉහළ ගොස් දෛනික ජීවිතයේ වියදම් ඉහළ යා හැකි බවත් බාබ් අල් මන්දාප් සමුද්‍ර සන්ධිය මග හරවි යන්න නම් සුබ පැතුම් තුඩුව හරහා යා යුතු බවත් මේ නිසා ප්‍රවාහන හා රක්ෂණ ගාස්තු ආදිය වැඩි වන බවත් යුද අවදානම් වාරික පවා වැඩි වී බරපතල බලපෑම් වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අපනයන ආදායම අඩුවී ආනයන වියදම වැඩි වෙනවා

එමෙන්ම ආනයන වියදම් ද වැඩි වී අපනයන ලාභ ආන්තික පවා අඩු වී යා හැකි බවත් අපේ භාණ්ඩ මිල දී ගන්නා අය වෙනත් සැපයුම්කරුවන් සම්බන්ධ කර ගැනීම නිසා තරගකාරීත්වය නිසා අවදානම් ඇති විය හැකි බවත් සමස්ත විදේශ විනිමය අඩුවී උද්ධමනය වැඩි වී බඩු මිල වැඩි වී ප්‍රවාහන ගාස්තු පවා වැඩි වී පිරිවැය මතින් තල්ලුවන උද්ධමනය කරා රට යොමුවිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සංචිත අඩු වී රුපියල බාල්දු වෙනවා

අන්තර් නාවුක කරන ධාරිතාව අඩු වී මුහුදු මාර්ග වෙනස් වීම වරායේ ආදායම් අඩු වීම ඇතුළු ගැටලු මතුවන බවත් ඉහළ ආනයන මිල නිසා අපනයන ආදායම අඩුවීම නිසා සංචිත පහල ගොස් රුපියල අවප්‍රමාණය වීමද සිදුවිය හැකි බවත් අත්‍යාවශ්‍ය ආහාරවල මිල භාණ්ඩ මිල බෙහෙත් පොහොර ආදියේද හිඟයක් මතුව සෘණාත්මක බලපෑමක් එල්ල විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.

වාර්ෂික ප්‍රවාහන ගාස්තු පවා වැඩිවෙනවා

යුරෝපය ආසියාව බද්ධ කරන වෙළෙඳ මාර්ගයක් වන මෙය තෙල් බැරල් මිලියන 6-9ත් LNG 8%ක් මේ හරහා යන බවත් වාර්ෂිකව මුුහුදු නැව් ගොඩක් පවා යන බවත් මේ නිසා තෙල් හිඟයක් ඇතිව තෙල් මිල ඉහළ යා හැකි බවත් 30% පමණ මූලික ප්‍රවාහන ගාස්තු පවා වැඩි වී සෑම ක්ෂේත්‍රයකටම බලපැ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සැපයුම් ජාලවලටද බලපෑම් විය හැකියි

නාවුක යාත්‍රා ප්‍රමාණාත්මකව අඩු වීම නිසා සැපයුම් ජාලවලට  ද බලපෑම් විය හැකි බවත් යුරෝපා හවුලට අප රටෙන් යන ඇඟලුම් තේ ආදියේද පිරිවැය පවා වැඩිවිය හැකි බවත් අප රටේ අපනයන ආදායම් වැඩි වීමත් ආනයන වියදම් වැඩි වීමත් නිසා වැඩිපුර ඩොලර් අවශ්‍ය වන බවත් සමස්ත තත්ත්වය තුළ ඉන්ධන මිල වැඩි වීම නිසා බඩු මිල වැඩි වීම නිසා උද්ධමන පවා වැඩි වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අප රටේ සෛරීත්වයටත් බලපෑම් එල්ල විය හැකියි

සාම කලාපයක් වන ඉන්දීය සාගරය යුද කලාපයක් විය හැකි බවත් මේ නිසා විවිධ රටවල බලපෑම් එල්ල විය හැකි බවත් කොළඹ වරායේ පර්යන්ත පවා විවිධ රටවල් ඉල්ලා තිබිම බරපතල ගැටලුවක් බවත් ඒ නිසා නොබැදි පිළිවෙත මත පදනම්ව ධනාත්මක සම්බන්ධතා ඇති කර ගත යුතු බවත් ඉන්දීය සාගරය යුද කලාපයක් වුවහොත් අප රටේ සෛරීත්වයට බලපෑම් එල්ල වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ කඩිනම් වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න

මේ හූති ප්‍රහාර හරහා අප රටට වැඩි පිරිවැයක් ඉදිරියේ දී දැරීමට සිදුවන නිසා රජය මේ ගැන කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් මේ සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා වන බලපෑමට රජයට විකල්ප වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් රජයට මේවාට උත්තර තිබිය යුතු බවත් මේ අභියෝගවලට මුහුණ දෙන්න වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...