The Leader News
BREAKING
ලංකා පොස්පේට් සමාගමේ වියදම් පාලනයට දැඩි පියවර●‘දැන් ජයකොඩිට මොකද කරන්නේ?’ - ගල් අඟුරු වාර්තාවක් පෙන්නමින් මරික්කාර් අසයි●නව ත්‍රස්ත පනත සහ මර්දනයේ ඉතිහාසය: භාෂණගේ මතක්කිරීම●සඟරුවන රඳවන නීති වෙනසට ජනපති අනුර මැදිහත්වෙයි●ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට●ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●
Top Ad
පුවත්

ගල් අඟුරු වංචාව ජාතියට හෙළි කරන 'විපක්ෂ පොදු වේදිකාව' - අද අවිස්සාවේල්ල දී

T

The Leader Desk

March 29, 2026 • 4:04 PM

ගල් අඟුරු වංචාව ජාතියට හෙළි කරන 'විපක්ෂ පොදු වේදිකාව' - අද අවිස්සාවේල්ල දී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම ජනහමුවට භික්ෂුන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය.
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම අවස්ථාවට නිල වශයෙන් සහභාගී නොවුවද එම පෙරමුණේ අවිස්සාවේල්ල ආසන සංවිධායක නිතීඥ රවීන්ද්‍ර ජයසිංහ මෙම අවස්ථාවට එක්ව සිටියේය.
  • කෙසේවුවද සමගි ජන බලවේගය ද උදය ගම්මන්පිල හා ටිරාන් අලස් ප්‍රමුඛ 'මහජන හඬ' සංවිධානය ද මෙම ජන හමුව වර්ජනය කර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම ජනහමුවට භික්ෂුන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය.  

විපක්ෂය නියෝජනය කරමින් ⁠හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, ⁠හිටපු අමාත්‍ය ජී.එල් පීරිස්,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි සභාපති නීතිඥ නිමල් සිරිපාල හා උප සභාපති හිටපු අමාත්‍ය මහින්ද අමරවීර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක සාගල රත්නායක, පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් ලසන්ත අලගියවන්න, දෙමළ ප්‍රගතිශීලී සංධානය නියෝජනය කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරමින් එහි නායක පාඨලි චම්පික රණවක, සර්ව ජන බලය නියෝජනය කරමින් ගාමිණි වෙලේබොඩ, ⁠ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් එහි නායක අසංග නවරත්න, ⁠හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී දොළවත්ත, සුදත් මන්ජුල, පියල් නිශාන්ත, සිරිපාල අමරසිංහ, ⁠නව ලංකා පක්ෂය නියෝජනය කරමින් එහි නායක සෙනෙල් වෙල්ගම, නව ජනතා පෙරමුණ නියෝජනය කරමින් එහි නායක සුගීෂ්වර බණ්ඩාර, ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් ඩබ්. අබේසේන, ⁠එක්සත් ලංකා මහා සභා පක්ෂය නියෝජනය කරමින් එහි නායක නාමල් ජීවානන්ද, හිටපු පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර, හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ, එක්සත් ජාතික පක්ෂයේ අවිස්සාවේල්ල ආසන සංවිධායක අමල් පුස්වැල්ල, සීතාවක නගර සභාවේ නගරාධිපති සුනිල් ජයරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම අවස්ථාවට නිල වශයෙන් සහභාගී නොවුවද එම පෙරමුණේ අවිස්සාවේල්ල ආසන සංවිධායක නිතීඥ රවීන්ද්‍ර ජයසිංහ මෙම අවස්ථාවට එක්ව සිටියේය.

කෙසේවුවද සමගි ජන බලවේගය ද උදය ගම්මන්පිල හා ටිරාන් අලස් ප්‍රමුඛ 'මහජන හඬ' සංවිධානය ද මෙම ජන හමුව වර්ජනය කර තිබිණ.



avissawella 1avissawella 2avissawella 3avissawella 4avissawella 5avissawella 6avissawella 9

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...