The Leader News
BREAKING
ලංකා පොස්පේට් සමාගමේ වියදම් පාලනයට දැඩි පියවර●‘දැන් ජයකොඩිට මොකද කරන්නේ?’ - ගල් අඟුරු වාර්තාවක් පෙන්නමින් මරික්කාර් අසයි●නව ත්‍රස්ත පනත සහ මර්දනයේ ඉතිහාසය: භාෂණගේ මතක්කිරීම●සඟරුවන රඳවන නීති වෙනසට ජනපති අනුර මැදිහත්වෙයි●ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට●ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●
Top Ad
පුවත්

ගෝලීය අභියෝග හමුවේ ආර්ථිකය ස්ථාවර කිරීමට රජයෙන් පුළුල් වැඩපිළිවෙළක් ! - උත්සව සමයේ බාධාවකින් තොරව සේවා සැපයීමටද පියවර

T

The Leader Desk

March 29, 2026 • 4:21 PM

ගෝලීය අභියෝග හමුවේ ආර්ථිකය ස්ථාවර කිරීමට රජයෙන් පුළුල් වැඩපිළිවෙළක් ! - උත්සව සමයේ බාධාවකින් තොරව සේවා සැපයීමටද පියවර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු කියයි.
  • QR කේත ක්‍රමය යටතේ අවශ්‍ය ඉන්ධන ලබාදීමට කටයුතු කරන අතර, පොදු ප්‍රවාහන සේවාවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අතිරේක බස් රථ යෙදවීමට ද පියවර ගෙන ඇති බව අමැතිවරයා පැවසීය.
  • මෙහිදී ප්‍රධාන වශයෙන් බාහිර සාධක මත සිදුවන මිල ඉහළ යාම් පාලනය කරමින් රටේ ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය.
  • ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාමේ අවදානමක් පවතින නමුත්, රජය මැදිහත් වී එම බරින් කොටසක් දරා ගනිමින් පාරිභෝගිකයා සුරැකීමට පියවර ගෙන ඇති බවද ඇමැතිවරයා පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු කියයි.

එළඹෙන අප්‍රේල් උත්සව සමයේදී ජනතාවට කිසිදු ඉන්ධන හෝ විදුලි හිඟයකින් තොරව කටයුතු කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබේදැයි අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් ඇමැතිවරයා එසේ කීය.

 QR කේත ක්‍රමය යටතේ අවශ්‍ය ඉන්ධන ලබාදීමට කටයුතු කරන අතර, පොදු ප්‍රවාහන සේවාවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අතිරේක බස් රථ යෙදවීමට ද පියවර ගෙන ඇති බව අමැතිවරයා පැවසීය.


වර්තමානයේ ලෝක දේශපාලනික සහ ආර්ථික ක්ෂේත්‍රයේ සිදුවන වෙනස්වීම් හමුවේ වුවද, මෙරට ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාමට සහ ජනතාවට සහන සැලසීමට රජය විධිමත් කළමනාකරණ වැඩපිළිවෙළක් දියත් කර තිබේ. මෙහිදී ප්‍රධාන වශයෙන් බාහිර සාධක මත සිදුවන මිල ඉහළ යාම් පාලනය කරමින් රටේ ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය.


ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාමේ අවදානමක් පවතින නමුත්, රජය මැදිහත් වී එම බරින් කොටසක් දරා ගනිමින් පාරිභෝගිකයා සුරැකීමට පියවර ගෙන ඇති බවද ඇමැතිවරයා පැවසීය.

දැනට පවතින දේශීය සංචිත සහ ලබාගෙන ඇති ආර්ථික ස්ථාවරත්වය නිසා විදේශ විනිමය අනුපාතය අසාමාන්‍ය ලෙස ඉහළ යාම වළක්වා ගැනීමට රජයට හැකි වී ඇත. මේ හරහා ආර්ථිකයට එල්ල විය හැකිව තිබූ දැඩි උද්ධමනකාරී බලපෑම යම් මට්ටමකට පාලනය කිරීමට හැකි වී ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ගෝලීය යුද තත්ත්වයන් හේතුවෙන් සංචාරක කර්මාන්තයට සහ අපනයන වෙළඳාමට යම් බලපෑමක් එල්ල වී ඇති අතර, සංචාරක පැමිණීම් යම් ප්‍රමාණයකින් පහළ ගොස් ඇත.


මේ තත්ත්වය කළමනාකරණය කිරීමට විකල්ප ගුවන් සේවා හා නව උපාය මාර්ග කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, විදේශීය ආයෝජන වැඩි කර ගැනීමට ද සාකච්ඡා පවත්වමින් සිටියි. විශේෂයෙන්ම නාවික ප්‍රවාහන රක්‍ෂණ ගාස්තු 0.2% සිට 3% දක්වා ඉහළ යාම වැනි බාහිර අභියෝග හමුවේ වුවද, රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පියවර ගනිමින් පවතින බව රජය අවධාරණය කරයි.


රටේ නිෂ්පාදන ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා ඩිජිටල් ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම, බලශක්ති ආර්ථිකය (Energy Economic) ශක්තිමත් කිරීම සහ සෘජු විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීම රජයේ මූලික උපාය මාර්ගයකි. ආයෝජකයින්ට පහසුවෙන් වැඩ කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම සඳහා 'ජාතික වෙළඳ කවුළුව' වැනි පහසුකම් මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එසේම, රුපියල් බිලියන 95.6 ක ආයෝජනයකින් යුත් සංවර්ධන යෝජනාවලියක් හරහා ග්‍රාමීය මට්ටමින් ජනතාව සවිබල ගැන්වීමටත්, සමාජ සංවර්ධන සභා (Community Development Councils) හරහා කාන්තා ශ්‍රමය දායක කර ගැනීමටත් රජය සැලසුම් කර ඇත. මෙම සියලු ප්‍රයත්නයන් හරහා මධ්‍යකාලීනව 7% කට වඩා වැඩි ආර්ථික වර්ධනයක් සහ සියලු දෙනා සම්බන්ධ වන තිරසර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම රජයේ අපේක්ෂාව බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

(සටහන | ජේ.මුණසිංහ) 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...