The Leader News
BREAKING
ලංකා පොස්පේට් සමාගමේ වියදම් පාලනයට දැඩි පියවර●‘දැන් ජයකොඩිට මොකද කරන්නේ?’ - ගල් අඟුරු වාර්තාවක් පෙන්නමින් මරික්කාර් අසයි●නව ත්‍රස්ත පනත සහ මර්දනයේ ඉතිහාසය: භාෂණගේ මතක්කිරීම●සඟරුවන රඳවන නීති වෙනසට ජනපති අනුර මැදිහත්වෙයි●ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට●ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●
Top Ad
පුවත්

බලශක්ති සුරක්ෂිතතාව හා 'එල්නීනෝ' කාලගුණික තත්ත්වයට මුහුණදීමට ජාතික වැඩසටහනක්

T

The Leader Desk

March 30, 2026 • 4:04 AM

  බලශක්ති සුරක්ෂිතතාව හා 'එල්නීනෝ' කාලගුණික තත්ත්වයට මුහුණදීමට ජාතික වැඩසටහනක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බලශක්ති ප්‍රභවයන් ප්‍රවේශම්කාරී ලෙස ආරක්ෂා කරගන්නා ප්‍රජාවක් බිහි කිරීම මෙහි මූලික අරමුණවේ.
  • මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට බලශක්ති සහ ඉන්ධන සැපයුමට එල්ල විය හැකි බාධා මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි "එල්නීනෝ" කාලගුණික තත්ත්වය පිළිබඳ අනාවැකි සැලකිල්ලට ගනිමින් රජය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
  • මේ සඳහා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශය, සිවිල් සමාජය සහ සමස්ත මහජනතාවගේ සහභාගීත්වය අපේක්ෂා කෙරේ.
  • විදුලිය වැඩි වශයෙන් පාවිච්චි කරන පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා වූ උපරිම පාරිභෝජන කාලසීමාව (Peak Hours) තුළ විදුලිය භාවිතය සීමා කිරීමට හෝ අධික විදුලිය වැයවන කාර්යයන් හැකිතාක් දුරට දිවා කාලයේදී සිදුකිරීමට ජනතාව පෙළඹවීම "සුරකිමු ලංකා" වැඩසටහන යටතේ සිදු කෙරෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

බලශක්ති ප්‍රභවයන් ප්‍රවේශම්කාරී ලෙස ආරක්ෂා කරගන්නා ප්‍රජාවක් බිහි කිරීම මෙහි මූලික අරමුණවේ.

 මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට බලශක්ති සහ ඉන්ධන සැපයුමට එල්ල විය හැකි බාධා මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි "එල්නීනෝ" කාලගුණික තත්ත්වය පිළිබඳ අනාවැකි සැලකිල්ලට ගනිමින් රජය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.


රාජ්‍ය සම්පත් අතිශය අරපිරිමැස්මෙන් හා විනිවිදභාවයෙන් යුතුව පරිහරණය කිරීමේ දැඩි අවශ්‍යතාව රජය පෙන්වා දෙන අතර, ජාතික බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් මහජනතාව සෘජුව දායක කරවා ගැනීම මෙහි ප්‍රධාන අපේක්ෂාවයි.

ඒ අනුව මෙම වැඩසටහන ඊයේ සිට ඉදිරි මාස පහක කාලයක් පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන දැක්ම පෙරදැරිව ක්‍රියාත්මක වන Clean Sri Lanka වැඩසටහන යටතේ "සුරකිමු ලංකා - එකතු වෙමු - එළිය දෙමු" යන තේමාවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

මේ සඳහා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශය, සිවිල් සමාජය සහ සමස්ත මහජනතාවගේ සහභාගීත්වය අපේක්ෂා කෙරේ.

 විදුලිය වැඩි වශයෙන් පාවිච්චි කරන පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා වූ උපරිම පාරිභෝජන කාලසීමාව (Peak Hours)  තුළ විදුලිය භාවිතය සීමා කිරීමට හෝ අධික විදුලිය වැයවන කාර්යයන් හැකිතාක් දුරට දිවා කාලයේදී සිදුකිරීමට ජනතාව පෙළඹවීම "සුරකිමු ලංකා" වැඩසටහන යටතේ සිදු කෙරෙනු ඇත.


මෙම වැඩසටහන මගින් විදුලි පරිභෝජනය සඳහා කිසිදු තහංචියක් පැනවීමට අදහස් නොකෙර්. එහෙත් විදුලි උත්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් ජලාශ්‍රිතව සිදුවන බැවින් ඉදිරියේදී ජල පරිභෝජනය ද ඉතා අරපිරිමැස්මෙන් සිදුකළ යුතු බවද මෙමගින් අවධාරණය කරනු ලැබේ.

ඒ සඳහා බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම පිළිබඳව ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කරමින් ඔවුන්ව ස්වේච්ඡාවෙන්ම දිරිගැන්වීම පමණක් මෙම වැඩසටහන මගින් අපේක්ෂා කරයි.

WhatsApp Image 2026 03 30 at 8.45.22 AM

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...